අම්බලන්ගොඩ ඌරවත්ත මුහුදු තීරයේදී සුනාමි ඛේදවාචකය සිහිපත් කරමින් පාසල් සිසුන් දෙදෙනෙක් මිය ගිය අය හා විපතට පත්වූවන් සිහිකර සංගීතමය උපහාර උළෙලක් පැවැත්වූහ.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ලකින්ද්‍ර මධුෂංක සහ කුලරත්න විද්‍යාලයේ කසුන් පුන්සිත් සොහොයුරන් එසේ පැයක පමණ කාලයක් සංගීතමය උපහාර පවත්වනු ලැබූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදවතේ ගැඹුරුම තැනින් උපන් උපහාරයක් (නි)
හරිම සංවේදී සිද්ධියක් (නි)
අගය කළ යුතු උත්සහයක් (බ)
නියමයි කොල්ලෝ! කාඩ්බෝඩ් සුපර් ස්ටාර් කෙල්ලෝ කොල්ලෝ තවත් ප්‍රසිද්ධ වෙන්න කරන බොරු උපහාර සින්දු වෙනුවට නියමම හදවතේ ගැඹුරුම තැනින් උපන් උපහාරයක් නුඹලා දෙන්නා දුන්නේ. මොනතරම් නම් ආදර්ශයක්ද? කියන්න වචන නැහැ. ඔබ දෙපළට අපේ උත්තමාචාරය! (නි)
නියමයි මල්ලිලා. (නි)
පුතේ නුඹලාගේ මෙම අනුස්මරණය ඉතා ඉහළින් අගයන අතර ඒකාකාරී බවින් මිදී නුතන සමාජයට ගැලපෙන අයුරින් අනුස්මරණයක් කිරීමට සිතට පහල වුන අදහස් මෙන් තව තවත් නැවුම් අදහස් බිහි වේවායි අපි පතන්නෙමු (බ)
ඔබ දෙපළට අපේ උත්තමාචාරය! ඔබ වැනි අය අපේ ගමේ සිටීම අපිට ආඩම්බරයක් (නි)
මොනතරම් නම් ආදර්ශයක්ද මේ දරුවන් දෙදෙනා? (නි)
සිතට දැනෙන්නේ පුදුමාකාර නිස්කලංක ගතියක්. ඔබ දෙපළට අපේ ප්‍රණාමය! (නි)
උතුම් කාර්යයක් (නි)