IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


සිනමා මිණි පහනක් නිවේ

අද්විතීය ශී‍්‍ර ලාංකික සිනමා අධ්‍යක්ෂ වරයකු සහ සංස්කරණ ශිල්පියකු වූ ජනාධිපති සම්මානලාභී ටයිටස් තොටවත්ත, 82 (ටයි මහත්තයා) සෙනසසුරාදා රාතී‍්‍ර කොළඹ පෞද්ගලික රෝහලක දී දැයෙන් සමුගත්තේය. 1929 අපේ‍්‍රල්17 වැනි දින බොරැල්ලේදී එම්මානුවෙල් ටයිටස් ද සිල්වා නමින් උපත ලද ටයිටස් තොටවත්ත 60 සහ 70 දශකයන්හි දී සිංහල සිනමාවේ ළමා වැඩසටහන් නිෂ්පාදනයේ සහ සංවර්ධනයේ ලා බෙහෙවින් ජනාදරයට පත්විය. කොළඹ ආනන්ද විද්‍යාලයයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වූ තොටවත්ත සහෝදරයන් තිදෙනකුගෙන් සහ සහෝදරියන් දෙදෙනකුගෙන් යුතු පවුලක වැඩිමලා විය. ඔහු කලාව ප‍්‍රගුණ කරන ලද්දේ සුප‍්‍රකට ජේ.ඞී.ඒ.පෙරේරා සහ ස්ටැන්ලි අබේසිංහයන් ගේ මගපෙන්වීමෙනි. පසුව මාතර තාක්ෂණික විද්‍යාලයේ අධ්‍යාපනය ලද්දේය. තොටවත්තයෝ පසුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ විලී බ්ලේක් විසින් 1956 දී නිෂ්පාදනය කරන ලද රේඛාව චිත‍්‍රපටයේ සංස්කාරකවරයා වූහ. රේඛාව චිත‍්‍රපටයේ ඔහු සංස්කාරක ලෙස ඉටුකරන ලද මෙහෙවර එවකට දකුණු ඉන්දීය සිනමාව කොපි කිරීමෙන් පරිබාහිරව සිංහල සිනමාවේ කඩඉම් සළකුණක් සනිටුහන් කිරීමක් විය. ඉන්පසු 1965 චන්ඩියා, 1969 දී කවුද හරි , 1970 දී තෙවත, 1971 දී හාරලක්ෂය, 1979 හඳයා ළමා චිත‍්‍රපටය ද අධ්‍යක්ෂණය කළ ඔහු බාල තරුණ වැඩිහිටි  සියඑ දෙනාගේ සිත් සතන් දිනා ගැනීමට සමත්වූවේය. හෙළයේ මහා ඉසි කුමාරතුංග මුණිදාසයෙන්ගේ ඇසුරෙන් ලැබූ භාෂා ප‍්‍රාගුණ්‍යය ද තොටවත්තයන්ගේ නිර්මාණ තුලින් නිරන්තරවම දක්නට ලැබිණි. තොටවත්ත හෙළ බස ප‍්‍රචලිත කිරීමේ ලා වැදගත් මෙහෙවරක් කෙළේය. අසූව සහ අනූව දශකයන්හි දී ඉංගී‍්‍රසි කාටූන් චිත‍්‍රපටවූ  ‘‘බග්ස් බනී’’ ‘‘හා හා හරි හාවා’’ ලෙසටත්  ‘‘ඩොක්ටර් ඩූ ලිට්ල්’’ ‘‘දොස්තර හොඳ හිත’’ ලෙසටත් සිංහලයට හ`ඩකවා ඉදිරිපත් කිරීමෙන් සිංහල රූපවාහිනී ප්‍රෙක්ෂකයන් අතර සදා නොමියෙන මතක සටහනක් තබන්නට හෙතෙම සමත්විය. රූපවාහිනී ක්ෂේත‍්‍රයේ හ`ඩකැවීමේ වැඩසටහන් ජනපි‍්‍රයකිරීමට තොටවත්තයන් දැක්වූ දායකත්වය සදා අමරණීයය. ශී‍්‍ර ලාංකික ඉතිහාසයේ ප‍්‍රථම ජාතික මාධ්‍ය සම්මාන උළෙලේදී ශී‍්‍ර ලංකාවේ රූපවාහිනී මාධ්‍යයට දැක්වූ දායකත්වය වෙනුවෙන් ඔහුට ස්වර්ණ සම්මාන හිමිවිය . තොටවත්ත මහතාගේ දේහය රාජගිරිය නාවල පාරේ අංක 6/292 දරන නිවසෙහි තැන්පත් කර ඇත. අවමඟුල ලබන බදාදා (10) බොරැල්ලේ කනත්තේදී පස්වරු 4 ට සිදු කැරේ. එදින පෙරවරු දහයේ සිට පස්වරු තුන දක්වා කොළඹ ජාතික කලාභවනෙහි දේහය තැන්පත් කැරෙයි. ඔහු විසින් සංස්කරණය කරන ලද චිත‍්‍රපට 1956 රේඛාව 1960 සංදේශය 1962 රන් මුතු දූව 1964 ගැටවරයෝ 1964 ධීවරයෝ 1965 පරසතුමල් 1966 සාරවිට 1967 සොරුන්ගෙත් සොරු 1967 වසන්ති 1968 පුංචි  බබා 1969 බඩුත් එක්ක හොරු 1969 හන්තානයේ කතාව 1975 සිකුරුලියා ඔහු විසින් තිර රචනය, අධ්‍යක්ෂණය හා සංස්කරණය කරන ලද චිත‍්‍රපට 1965 චණ්ඩියා 1970 තෙවත ඔහු විසින් අධ්‍යක්ෂණය හා සංස්කරණය කරන ලද චිත‍්‍රපට 1969 කවුද හරි 1971 හාරලක්ෂය 1974 සිහසුන 1974 සාගරිකා 1976 මංගලා 1977 මරුවා සමග වාසේ 1979 හඳයා    



අදහස් (0)

සිනමා මිණි පහනක් නිවේ

චමින්ද ප්‍රසාද් Monday, 17 October 2011 04:33 AM

මගේ පුංචි කාලේ මතක් උනා 80 ගණන්වල රූපවාහිනියේ ගිය දේවල් ළමා වැඩසටහන් පටන් ගත්තේ ඔබේ නමින් අපි අද ලොකු මිනිස්සු අපේ ළමයි ඔබව නොදනි නමුත් ඔබ දුන් දේවල් ඔවුන්ට ඉතිරිව තිබේ කදුඵ පිරි නෙතින් දුර සිට ඔබට නිවන් සුව පතමි

:       0       0

චමිලා Monday, 17 October 2011 06:42 AM

ඔබට නිවන් සුව පතමි

:       0       0

දීප්ති සේනාධීර Monday, 17 October 2011 07:05 AM

සහෘදයාණෙනි ! ඔබට නිවන් සුව පතමි

:       0       0

ප්‍රියංගිකා Monday, 17 October 2011 08:45 AM

සහෘදයානෙනි ඔබට නිවන් සුව!

:       0       0

ගීතානන්ද තිලකරත්න Monday, 17 October 2011 10:22 AM

‍දේශීය සිනමාට ඔබ කළ සේවය අමරණීයයි!! උතුමාණෙනි!!! ඔබට නිවන් සුව පතමි!!!!

:       0       0

එදිරි Monday, 17 October 2011 10:24 AM

අමරණීය සහෘදයාට නිවන් සුව පතමු.

:       0       0

රෝයල් Monday, 17 October 2011 10:40 AM

ඔබට නිවන් සුව පතමි

:       0       0

නිර්මාල් Monday, 17 October 2011 01:38 PM

ටයි මහත්තයා, ඔබට නිවන් සුව !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 644 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 169 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 80 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 642 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 542 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 190 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site