එළැඹෙන සතිය වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයට තවත් පක්ෂ 14ක් එකතු කර ගැනීමට හැකියාව ඇති බවත් මෙතෙක් සන්ධානයට එක් නොවූ පක්ෂ ගණනාවක් ඒ අතර වන බවත් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.
සීමා නිර්ණය කිරීමේ කමිටු සාමාජිකයන් හා සන්ධාන මහලේකම් අතර රාජගිරියේ අද (19) පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු ඔහු මාධ්‍ය හමුවේ මේ බව කීය.
ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලියට සහභාගී වන ලෙස ඇරයුම් පතක් ෆැක්ස් මගින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිටද යැවූ බව සන්ධාන මහලේකම් කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් බංකොලොත් පක්ෂ 14 රටේ තියෙනවද? එවුනුත් හිතන් ඇති වාහන දීමනා අරගෙන අපේ බදු මුදලින් වැජඹෙන්න ! (බ)
පක්ෂ 14 කිව්වට එක පක්ෂයක 4-5 ඇති නේද (බ)
ඔක්කොම එකතු කරගන්න ඇවිල්ලා කරන්නේ හොරකම් කරන එකයි .. (ම)
ලෝකේ කිසිම රටක් නැතිව ඇති මේ වගේ පක්ෂය බදාගෙන. කෑගහන රට ගැන හිතන්න පක්ෂේ යකාට ගියාදෙන් මහින්ද නැති පෙළ පාලිය. පරිප්පු නැතී හෝටලේ වගේ නේද . දුෂිතයන්ට කවුරුත්. කැමතියි (බ)
එකතු කර ගන්න පක්ෂ වලට ඡන්ද තියෙනවද (හේ)
අනේ එ්ක විතරයි තමා අඩු ඒ එන රටට වැඩක් නැති යටත් අපේ බදු සල්ලි වලින්නේ සැප පහසුකම් දෙන්න වෙලා තියෙන්නේ! (හේ)
අර ළගදී ලියාපදිංචි කරපුවා නේද ? (බ)
ඡන්ද 10 කට වඩා ගන්න පුළුවන් පක්ෂ කීයද ?ඡන්ද 1000 කට වඩා ගන්න පුළුවන් පක්ෂ කීයද ?(අ)
රාජපක්ෂ නැතුව ඔය මොන පක්ෂ ආවත් වැඩක් නැහැ. (නි)
ඕව නමට පමණක් තියන පක්ෂද ? පුළුවන් නම් ඊළඟ ඡන්දෙදි දිනලා පෙන්නන්න .(බ)
දහ හතරක් නෙමෙයි එක්දහස් හාරසීයක් වුනත් පුළුවන්නේ .දැන් පදුරක් පදුරක් ගානේ පක්ෂයි නයකයෝයිනේ .හැබැයි තමුන්ගේ පවුලේ උදවියගේන්වත් ඡන්ද ලැබෙන්නේ නැහැ (බ)
අනේ අපිට සේවය කරන්න දගලන දගලිල්ලක් (බ)
හොඳයි හොඳයි, ඔහොම යමුකෝ. ජයවේවා! (නි)