මධ්‍යම පළාත් සභා ඡන්දය ආරම්භ වීමටත් පෙර පළමු ප්‍රචන්ඩ ක්‍රියාව මින් මද වේලාවකට පෙර නාවුල නගරයෙන් වාර්තා විය.
සන්ධානයේ පළාත් සභා අපේක්ෂකයන් දෙදෙනෙකු අතර මේ ගැටුම ඇති වූ බවත් එය වාර්තා කිරීමට නාවුල පොලිසියට ගිය විද්‍යුත් මාධ්‍යෙව්දී අසිත දර්ශන මහතාටද මැර ප්‍රහාරයක් එල්ල වූ බවත් වාර්තා විය.
ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මහතා ගමන් කළ රිය නාවුල නගරයේදී හරස් කළ සන්දානයේම පිරිසක් ඔහුට පහර දී ඔහුගේ වාහනයටද අළාභ හානි කර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
දෙපාර්ශවයම පොලීසියට රැගෙන ගිය බව පොලීසිය කියයි.
ප්‍රමිත තෙන්නකෝන් ජනක බංඩාර ඇමතිගේ පුත්‍රයාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනාප ක්‍රමය බොහෝ රටවල තියෙන තෝරා ගැනීම් ක්‍රමයක්. මේක ජේ ආර් හොයා ගත් දෙයක් නොවෙයි. ප්‍රශ්නය මනාප ක්‍රමයේ නොවෙයි. ප්‍රශ්නය තියෙන්නේ මැර දේශපාලනයේ සහ ඒවාට අනුබල දෙන්නන්ගේ. රටේ නීතියක් නැති කමේ. (නි)
බලන්නකෝ මුහුණ. මිනිස්සු හිනා වෙනවා..දෙකොනෙන්ම .... (නි)
හෙක්ටර් සහ කරුණාරත්න යන අයගේ අදහස් අනුමත කරමි. (නි)
ඔබේ ඡන්දය මොන පක්ෂයේ හෝ මැරයෙකුට නොව අතලොස්සක් වන සාමකාමී උගත් මහත්මයෙකුට දෙන්න (නි)
වයඹ 1999 වර්ෂයේදී වුන දේම වෙයි වගේ.එදා හිටපු කටිටියම එකතුවෙලා ඉන්නේ. (දී)
දැන් අපට ලංකාදීපේ බලනකොට පොඩි සතුටක් දැනෙනවා . ගහගත්ත, මරාගත්ත, ඒවා 5,6 ක් වත් බලන්න උදෙන්ම දමන්න. විශේෂයෙන්ම එකම පක්ෂයේ. (දී)
ජනතාවනි, ඔබ නාලිකාවල දකින දෙය සත්‍ය නොවේ. ඒ ඒ අයගේ බලාපොරොත්තු සඳහා හෝ වාසියට හෝ මුදලට කියන දේවල්ය. සත්‍ය බොහෝ විට නොලැබේ. විමංසා බුද්ධියෙන් රට ගැන හිතන්න. ඉපදෙන්න ඉන්න එකාටත් නය ගිණුම් හදන්න චන්දෙ දෙන ඔබ මොනතරම් අකාරුනිකද? මහත්වරුන්ට චන්දය දෙන්න. රට හදන්න හැකි අය තෝරාගන්න. (දී)
අපි ඡන්දය වර්ජනය කරමු. (නි)
පක්ෂය ඇතුලේ ප්‍රශ්න (දී)
මොන චන්දෙ තිබුනත් ඔයදේම තමයි හැමදාම වෙන්නේ ඕක ලොකුවට හිතන්න එපා. අද රටේ දේශපාලනය මොට්ටවෙලා තියෙන්නේ (දී)
ලංකාදීප පාඨකයිනි ඔබේ හිතට එකගව සුදුසුම පක්ෂයට හා පුද්ගලයින්ට ඔබේ වටිනා චන්දය දෙන්න. චන්දය නොදීම නිසා ඔබ හිතාමතාම ප්‍රජාතන්ත්‍ර වාදයට ද්‍රෝහී කමක් සිදුකරයි. ප්‍රථිපලය විකුර්ති කරවයි. චන්දය දෙන්න. චන්ද පොලට යන්න. (දී)
වයඹ ඔයිට හපන් වෙයි. බලාගෙන ඉන්නකෝ. එක්සත් ජාතික පාක්ෂිකයිනි, චන්දෙ දාන්න යන්නේ නැතුව ඉන්න එපා. පෙන්නන්න අපේ බලේ. (නි)
මෙවැනි දේ ගැන පුදුම විය යුතු නැත. මනාපයේ අමනාපය, සාපය මේ රටේ මොලේ කලඳක් ඇති සියලු දෙනාම දනිති. එය නොදන්නේ , නොදන්නා ලෙස සිටින්නේ බලලෝබි, මගේ මුණුබුරාට මිනිබිරියට කුමක් උනත් මම බලයේ සිටියොත්. මගේ තනතුර රැකගත්තොත් ඇත කියා සිතන දෙසපලකයන් පමණි. (ස)
මෙන්න ප්‍රථම චන්ද ප්‍රතිපලය (නි)
මට කොළොන්නාවේ සිද්දිය මතක් වුනා! (නි)
ඉස්සර අපි චන්ද ප්‍රතිපල ඇහුවේ මැතිවරණය ඉවර වුනාට පස්සේ.දැන් පටන් ගන්නත් කලින් ප්‍රතිපල නිකුත්වෙන්න පටන් අරගෙන. ආශ්චර්යයේ මහිමයෙන් ලංකාවට සෝමාලියාවක් වෙන්න වැඩි දවසක් යන්නෙ නැහැ (නි)
චන්දය කුඩා පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට දෙමු. (නි)
මෙම මැතිවරණයේදී ඡන්දය දෙන සාමකාමී පුරවැසියනි, පක්ෂය කුමක් වේවා මනාපයට මරා ගන්න අමනුස්සයන් කාටවත් පක්ෂය කුමක් වුවත් ඡන්දය දෙන්න එපා. මේ ගොල්ලෝ පත්වී ගියහොත් මේ ගොල්ලන්ගේ ජරා වැඩ කරන අතවැසියන්ගේ තැන රැකගැනීමට සාමකාමී ඔබට කරන්නෙත් ඔය ටිකම තමා. දකින්න ලැබෙනවා ඇතිනේ පුවත්පත් ප්‍රවෘත්ති. (නි)
මේකට ජේ.ආර්.ට බැනලා හරි යන්නේ නැහැ.බල ලෝබය,තණ්හාව,මැරකම්,දුෂණය,වංචාව,නැතිව කොයාතරම් අගේට රට පාලනය කරන්න පුලුවන්ද?ජපානය ඇතුළු දියුණු රටවල් රටට කොයිතරම් ආදරයකින්ද,කැප වීමකින්ද,රට ගොඩ නැගුවේ? අපේ රටේ සුළු සේවකයා ඉදලා එහාට ජනතාවගේ පිට රටින් ලැබුන සහනාදාර පවා මහා පරිමාණයෙන් වංචා කෙරුවා,(කෝප් වාර්තා හරිහැටි පරික්ෂා කරන්න)දැන් බලයේ ඉන්නේ,බාල අපරාදකාරයෝ, වංචා,දුෂණය, මිනීමැරුම්, අල්ලස්, කොමිස්,මත්කුඩු යන හැම ජාවාරමකම කප්පිත්තෝ!නමුත් අත්වල පිරිත් නුල් බන්ඩල් ගණන්,පෝය දිනයට පන්සලේ,පළාතේම මහා දානපතියෝ,ඔවුන්ගේ ඇතුල් පැත්ත නොදන්නා කෙනෙක් නැහැ.නමුත් ඔහු වටකරගෙන ජනතාවත් ඉන්නවා. ඉදිරියේදී,රට හුගක් පහත තත්වයට වැටීම වලක්වන්න බැහැ ඔය හා ජරා දේශපාලකයන් රටෙන් අතුගානකම්! (නි)
අපිට තව ඕනෑ මේ වගේ ඒවා බලන්න (නි)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට.... ඔහොම යමු (නි)
ඔව් දැන් ඉතින් ඕක තමයි කරන්න තියෙන්නේ විරුද්ද පක්ෂයත් නැහැනේ ඔක්කොම පනිනවා (දී)
ආණ්ඩුවට කඩේ යන අය පොඩ්ඩක් ඉන්න ... පළමු ඕවරයටම සාර්ථක ප්‍රහාරයක් ... තව ඕවර 49 ක් තියෙනවා.ආශ්චර්ය සමග චින්තනය හොඳට බලාගන්න පුළුවන් (නි)
දෙතුන් දෙනෙකුට ලොකු දෙයක් වුනා නම් අපේ හිතට හොද ගතියක් එනවා (නි)
පව් කුක්කු බබාලා ..මනාප ක්‍රමේ මැතිවරණයක් ගැන අහන අත්දැකීම් ලබන පලවෙනි වතාව වෙන්න ඇති. කට්ටිය හදෙන් ගොඩ බැහැලා වගේ.හෙක්ටෙර් මහත්තයට වයර් මාරු වෙලා.දැන්ම චන්ද පොලට යන්න හදන්නේ.ජයවර්දන මහත්තයා ඔය ක්‍රමේ හැදුවේ තම තමන්ගේ අයව මරා ගන්න තමයි.අපි නම් 77 ඉදලම ඕවා දැක්කා.ඔයාලා මං හිතන්නේ තම මොන්ටිසෝරි වයසේ වෙන්න ඇති නේද.. (නි)
මෙච්චරයි අඩු (නි)
1977 න් පසුව තිබු සියලුම මැතිවරණ දුෂිත මැතිවරන බවයි මගේ හැගිම. බලමු මේක ගැන... (නි)
තමන් වපුරපු දේ අනුව තම අස්වැන්න නෙලා ගන්න වෙන්නේ කියලා බුදු බනේ කියලා තියෙන්නෙ ඕකට තමා. සමාජයක් යහමගට ගන්නෙ නැතුව බලය පස්සෙම දුවන ඕනැම ආයතනයකට, රජයකට, පුද්ගලයෙකුට අවසානයෙ සිදුවන්නෙ ඔය දේ තමා. අවසානයෙ තමන්ටම පාලනය කරගන්න බැරිව විකාශ වෙලා යනවා. (නි)
වැඩිම මනාප ගන්න පොරේ. (නි)
කාගේ පවර් එකද දන්නෙ නැහැ (නි)
මොවුන්ට පාඩමක් උගන්වන්න විරුද්ධ පක්ෂයේ කාට හෝ ඡන්දය දෙන්න. (නි)
රට ආගාධයට තල්ලු කරන්න එපා (නි)
ඔය ඔක්කම අපේක්ෂකයන්ට එකිනෙකාට මරා ගන්න කියලා, අපි බුද්ධිමත් ඡන්දදායකයින් හැටියට, ඉතාම සන්සුන්ව,තම ඡන්දය දෙන්නේ කාටද කියා ලොවට අණබෙර නොගසා, වැදගත්,වගකීමකින් යුතු පුරවැසියන් ලෙස ඡන්ද පොලට ගොස් තම සිවිල් අයිතිවාසිකම උරගා බලන්න.එක එකාව රජකරවන්ට, ඔබ බිලි නොවන්න .අපි, එනම් සාමාන්‍ය පුරවැසියා ඉතාම අහිංසකයි."අපි හොද වැදගත් පවුල් වලින් පවැත එන වැදගත් මිනිස්සු" කියලා හෝ හිතන අයට, එය ඔප්පු කිරීමට මෙය හොද අවස්ථාවකි.ඔබ වෙහෙසින් වැඩ කර පවුලක් රකින කෙනෙකි.අනවශ්‍ය මෝඩ වැඩ කරන්න ගිහින්,තම ආදරණිය දු දරුවන්ට දුක් නොදෙන්න.මා මෙයින් අදහස් කරන්නේ, තම වටිනා ඡන්දය පාවිච්චි කරන්න එපා කියන එක නොවේ.එය වැදගත්කමට පාවිච්චි කරන හැටියි. (නි)
සන්ධානේ කට්ටිය අදරෙටනේ ගහගන්නේ.සිරිකොතේ අය තමා මිනිමරගන්නේ......දැක්කේ නැද්ද දයාසිරි අයියත් ආණ්ඩුවට දිව්වේ එකනේ. (දී)
මුල්ම චන්ද ප්‍රතිපලය සන්දානය දිනුවා වගේම අවසානයත් එහෙමම වේවිද? (නි)
චමින්ද ජයනාත්,ගිනි දවල් දෙනෝ දාහක් බලා සිටියදී 4 දෙනෙකු වෙඩි තබා ඝාතනේ කල සිද්දියේ පලවෙනි සැකකරු අද ඉන්නේ කොහේද? ඇමරිකාවේ එහෙම උනත්, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.අපේ කට්ටිය මරාගන්නේ නැහැ. හරිම නීති ගරුකයි. (නි)
පුංචි ටිකිරිගේ පුංචි මොලේ ගොම පස්ම තමයි තියෙන්නේ, ..හා හා අපි ගිහින් විපක්ෂයට ඡන්දෙ දෙන්නම්.. (නි)
කෙවින්, විදානගේ, අම්මපා ඇත්ත. එක පැත්තේ අපේක්ෂක මහත්වරුනි, අපටත් පොඩි වින්දනයක් දෙන්නකෝ ඔන්න ඔහොම. කම්මැලිකමේ අපිත් ඉන්නේ අප්පා. (නි)
අපි විපක්ෂයට ඡන්දය දීමෙන් පලක් වේද ? (නි)
එ.ජා.ප. නෝනාවරුනි, මහත්වරුනි වඳින්නම්, ඡන්දෙ නොදී ඉන්න එපා. (නි)