මාර්තු 29 වැනි දා බස්නාහිර හා දකුණ පළාත් සභා ඡන්දයෙන් ජයගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රසාද මන්ත්‍රීධුර සඳහා බස්නාහිරට නවුසර් ෆවුසි හා ලලන්ත ගුණසේකර ද, දකුණු පළාතට දුල්ෂාන් කාරියවසම් හා ආනන්ද පතිරණගේ පත් කළ බව සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අප්‍රියෙල් පළවැනිදා විහිළුවක් එහෙම නෙමෙයි නේද? (නි)
දකුණේ අපි සුපිරි වෙනසක් කරා.. (ස)
මේ ඔක්කොම මනාප ලැයිස්තුවේ ඉන්න පැරදුන අයගෙන් මුලටම ඉන්නවා. ඒක නිසා මෙතන අසාධාරනයක් නැහැ (නි)
පක්ෂෙට හොඳ නම් අපි චන්දෙ දුන්නේ අපරාදේ (දී)
මේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න කාලේ හරි (දී)
මෙහෙම බැලුවාම ජනතා චන්දය වැඩක් නැහැ වගේ (දී)
මහත්ම දේශපාලනයකට ....ලලන්ත ගුණසේකරට ජය වේවා ! (දී)
එතකොට ගාල්ල කලින් දිනලා ආපු අනර්කලීව නෝනා මාතරට යැව්වුවේ ගීතනෝනාට තැන දෙන්නද? නැත්තනම් නදීෂනෝනාට අබියෝග කරන්නද ?අනර්කලීනෝනා ගාල්ලට වැඩ කෙරුවෙ නැහැ කියන ගීතා නෝනා අනර්කලීනෝනාගේ තැන අරගෙන අනර්කලීට බනින එක හරි නැනේද ?අනර්කලීටනෝනා බෝනස් නොදුන්නේ ඇයි (දී)
සුසිල් මහත්තයෝ හොඳට හිතලා බලලා නේද දැම්මේ? (දී)
ජනතාවට සේවය කිරීමට ශක්තිය ලැබේවා (දී)
අපොයි! තවත් නඩයක් එකතු වෙනවද ලැයිස්තුවට? දැන් මෙයාලා නඩත්තු කරන්නේ කවුද? (නි)
ජනතාව ප්‍රතික්ෂේප කල බවලතෙක් බෝනස් ආසනයකට ගන්න සමහරු උත්සහ කරනවාලු. හැබෑවක් ද ආයිබෝවන්?(දී)
ටී 20 එකේදී පළමු වටයෙන් ශ්‍රී ලංකාව එංගලන්තයට පැරදුනා. අනේ මහලේකම්තුමෝ එයාලවත් කොහොම හරි දිනවන්නකෝ. නෝනා