ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ හයක් සම්බන්ධ කරගනිමින් නව සන්ධානයක් ගොඩ නගන බව පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා කියයි.
මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පරාජයට හේතුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හැසිරීම බව කියන ගම්මන්පිල ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඔහුගේ නායකත්වයෙන් තරග කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් රැසක් පවසන බවද සඳහන් කරයි.
විකල්ප බලවේගයක් ගොඩනැගීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන පක්‍ෂ හයක් එක්ව තීරණයක් ගත් බවද ඔහු පවසයි.
බුලත් කොළයට ඡුන්දය දුන් ඡුන්ද දායකයින්ගේ පැතුම වන්නේ ද නව දේශපාලන බලවේගයක් බව ඔවුන් සම`ග කතා බහ කිරීමේ දී පැහැදිලි වන්නේ යැයි උදය ගම්මන්පිල කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දැන් අර සිංහල බෞද්ධ රට කියන අදහස අමතකද. මමත් මේ වගේ අයත් එක්ක මනිරාස කුලම් කඳවුරට කඩා වදින්න ගියානේ. (බ)
සිම්බාබ්වේත් වර්ල්ඩ් කප් එක උස්සන්න ආසයි (බ)
ශ්‍රී-ලංකා නිදහස් පක්ෂය අමතක කර යන්ඩ හදන ගමන නම් නුවනට හුරුනෑ. ඔබලා කරන්නේ මහින්ද මහත්තයටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් හතුරු කමක්. ඔබලාගේ නායකයා කවුද? වීරවන්සවැව පත්කර ගතහොත් ගොඩ ගිය හැකියි. (බ)
මෝඩ වැඩක්. නැවත හිතන්ඩ? ඔබලා කරන්නේ අලියව දිනවන කොන්ත්‍රාත් එකක් නේද ? (බ)
ඔබලා පැරදුනේ මහින්ද නිසා මිසක් මෛත්‍රී නිසා නෙවෙයි. එක හොඳට තේරුම් ගන්න.පළාත් පාලන මැතිවරණයත් මෙහෙමමතමයි. මොකද බුලත් කොලයේ එල්ලිලා ඉන්නේ. එන්නකෝ ඔයාගේ මහා ලොකු පක්ෂයෙන්. ඔයගොල්ලෝ කොහොමත් එල්ලිලා එන්නම වෙනවා.එහෙම නැති වුනොත් ඔය ගොල්ලන්ට පැවැත්මක් නැහැ. පුළුවන් නම් රට අවුලට පත් කරන්නේ නැතුව රටට වැඩක් කරලා පෙන්නපන් (බ)
කොහොම හරි රටට වගකියන ප්‍රබල විපක්ෂයක් හැදුවොත් තමයි ඔබතුමාලට ඡන්දය දීපු ලක්ෂ 47ක ජනතාවගේ පැතුම් ඉටුවුණු බවට සහතික වෙන්න පුළුවන්, ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා! (බ)
ශ්‍රී-ලංකා නිදහස් පක්ෂය දැන් කොහොමත් එජාපයට විකුණලා ඉවරයි එකේ ගන්න දෙයක් නෑ (බ)
අන්න හවුලේ පටන් ගත්තු බිස්නස් කරගෙන ගාන බේරලා එන්න (බ)
දීපාල් දැන් ලක්ෂ 58 ලක්ෂ 47 ට බැහැලද ? (බ)
ගම්මන්පිලලා හොල්මන්පිලලා වෙන්නේ මේ පාර තමයි (නි)
තනියම ඉල්ලුවොත් ඇපත් නැති කට්ටිය ගියපාර මහින්ද මහත්තයව ගොනාට ඇන්දුවා. මේ පාර? (නි)
වසර 30 නිදහස් පක්ෂයට දුන් අපේ සහය දැන් ඔබට (නි)
ජයවේවා! (නි)
ජයවේවා! අපිත් ඔබ සමඟයි (නි)
සන්ධානය පැරදුනේ දේශපාලන අනාථයින් හවුල් කරගැනීම නිසයි (නි)
ඊට කලින් මගෙන් ගත්ත රුපියල් සීය දෙනවද? (නි)
කාගෙවත් සාටකයක එල්ලෙන්නේ නැතුව තනිවම ඇවිල්ලා දිනන්න! (නි)
සන්ධානයේ පරාජය වෙනුවෙන් ඔබගේ දායකත්වය ගැන මොකද කියන්නේ? (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ ප්‍රථම වරට එසේ ආසන 95 ක් වැනි විශාල ගණනක් ලබා ගැනීමම ආශ්චර්යයකි.මේ ගනු ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ගම් මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මහින්දට සැමදා ණයගැති වේවි. මහින්ද නොසිටියා නම් 1977 දී මෙන්, පක්ෂය වළපල්ලටම යනු ඇත. (නි)
සන්ධානය ඔය තත්ත්වයට පත්වුණේ කොහොම අය නිසාද කියලා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ (නි)
ඡන්දදායකයනේ හිත් කියැවීමේ පුදුම හැකියාවක්නෙ එයාට තියෙන්නේ (නි)
මේ පාර වෙනම ඉල්ලුවා නම් මහින්ද මහත්තයට හොඳ ඡන්ද ප්‍රමාණයක් ගන්න තිබුනා. ඕනෑ දෙයක් පහුවෙනකොට කොහුවෙනවා වගේ මෛත්‍රී මහත්තයාගේ නායකත්වයෙන් ඇරෙන්නට නිදහස් පක්ෂයට ගොඩඒමක් දැන් නැහැ. මහින්ද මහත්තයා වෙනම පක්ෂයක් හැදුවොත් ඒකට වෙන්නෙත් සරත් මහත්තයාගේ පක්ෂෙට වෙච්ච දේ. පළවෙනි පාර ලක්ෂ 10 ක් විතර ගනී. ඊළඟ පාර ලක්ෂ 2 ක් විතර. ඊටත් පස්සේ එකත් නැහැ. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් ඇරෙන්නට දේශපාලනය කරන්නට යන අයට පැවැත්මක් නැහැ. මෝඩ වැඩ නොකර එජාපය ඇත්තටම පරද්දන්න ඕනෑ නම්, ඊළඟ මැතිවරණයේදී මෛත්‍රී මහත්තයත් එක්ක මහින්ද මහත්තයා ඇතුළු සියල්ලෝම එකට වැඩකරන්න. (නි)
හිටපු ප්‍රාදේශීය සභා කට්ටිය ගොඩක් හොඳ අය නොවන බව හැමෝම දන්නවා. කී දෙනෙකුට ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් වගේ චෝදනා තිබුණද? ඒගොල්ලොන්ට නාමයෝජනා නොලැබී තමන්ගේ පහත් ජීවිතය ගෙනියන්න බැරිවෙයි කියලා ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්නයි යන්නේ. මිනිස්සු ඡන්දෙ දෙනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැනෙ. (නි)
දැන් ඕවා කතාකළා කියලා වැඩක් තියෙනවද? (නි)
දැන් ඉතින් ඔය වැඩේ හරියයිද? (නි)
සමහරුන්ට තනතුරු නැතුවම බැහැ නේද? (නි)
දැන් ඔයාව රජ කරවන්න තමයි මේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ. (නි)
මහින්ද මහත්තයාට කළ අපරාධය කාට කාටත් පළදෙනවා මහත්තයෝ. (නි)
ඔහොම ගියොත් ඔබ කළ වැරැද්දේ තරම ඊළඟ මැතිවරණයේදී තේරෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් තරුණ සංවිධායකයින් සමඟ නැඟිටීවි. ප්‍රාදේශීය නායකයින් කළ වැරදි අමතක නැහැ අපිට (නි)
ගම්මන්පිල මහත්තයෝ, ඔබ දේශපාලන "අගුපිලට " වැටිලා ඉවරයි. පුළුවන් නම් තනියෙන් ඉල්ලලා දිනලා පෙන්වන්න (නි)
වෙනම යමු. මෙහෙම නම් බැහැ (නි)
සංදානේ පැරදුනේ මොකද කියල බලන්න ගමන්පිල මහත්තයෝ කන්නාඩියක් අරන් බලන්නකෝ!!!
අපි වගේ කුඩා රටකට මන්ත්‍රීලා 225 ක් මොකට පත්කරනවද මන්දා? ඉන්දියාවේ මිනිස්සු ලක්ෂ 48 කට එක මන්ත්‍රී කෙනයි. ලංකාවේ හැම 90,000 කටම එක මන්ත්‍රී කෙනා ගානේ ඉන්නවා. ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ගණන ගැන යළි සළකා බලන්න. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී ආසන සංඛ්‍යාවට යන වියදම ජනතාවට ලොකු බරක්. (නි)
ලංකාව පොඩි රටක් නිසා මන්ත්‍රීවරු 100 ක් හිටියහම හොඳටම ඇති. මේ හැම වියදමක්ම එකතුවෙලා එකතුවෙලා අන්තිමට ජි එස් ටි කියයි ,අරක මේක කියයි. අයකරගන්නේ අපෙන්ම තමයි. (නි)
මම ඔය මහත්තයට අභියෝග කරනවා. පුලුවන් නම් තනියෙන් ඉල්ලලා දිනලා පෙන්නන්න.. මම මහපාරේ කි.මි. 5 ක් බඩගානවා තනියෙන් ඉල්ලලා දිනුවොත් (නි)
සෙනවි, මේ හැම මන්ත්‍රී කෙනෙකුටම වටිනා වාහන පර්මිට් එකක් ලැබෙනවා. මේ වාහන බදු ගෙවලා ගෙනාවා නම් මේ මුදල් ලැබෙන්නේ රජයට. මේ සල්ලි ඉතුරු වුණා නම් කොච්චරද? (නි)
පළාත් සභා සහ ප්‍රාදේශීය සභා යනුවෙන් ආයතන දෙකක් බිම් මට්ටමේ පාලනයට අනවශ්‍යයි. මේ දෙකෙන් එකක් ඉවත් කළයුතුයි. මේ සදහා පැවැත්වෙන මැතිවරණ වලටත් ජනතාව විශාල වියදමක් දරනවා. ඒ වගේම මේ බොහෝ කටයුතු රාජ්‍ය නිලධාරීන් හරහා පහසුවෙන් ක්‍රියාත්මක කළහැකියි. බිම් මට්ටමේ පරිපාලනයට රටටම පොදු න්‍යාය ධර්ම ටිකක් නිර්මාණය කිරීමෙන් මේ බොහෝ කටයුතු පරිගණක භාවිතයෙන් වඩාත් ඵලදායීව හා ක්‍රමවත්ව සිදුකළ හැකියි. (නි)
අනේ පවු ගම්මන්පිල හරි අහිංසකනේ. අනේ මගේ කට! (නි)
රට හදන්න දගලන තරම් අපේ උදවිය.කියන දේවල් ඔක්කොම කළානම් අද අපි සංවර්ධිත රටක්නේ.අපිට ඕනේ ඇගට දැනෙන සංවර්ධනයක්.වර්ධනයක් වුණාට මදි එක හැමෝටම දැනෙන්නේ නැත්නම්.(ම)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන විශ්‍රාම වැටුප නැවැත්විය යුතුය.අපි අවුරුදු තිහක් තිස්පහක් වැඩ කරන්න ඕනෑ විශ්‍රාම වැටුපක් ගන්න. (නි)
අසුබවාදීව බලන මිනිස්සු ඉන්නතුරු අපේ රටට අබ සරණයි. (නි)
අනේ මන්දා මහත්තයෝ ඔය කතා... (නි)
සෙනෙවි, මමත් එකඟයි ඔබගේ අදහසත් එක්ක. (නි)
මහින්දගෙ පරාජයට දායකවුණ අය ගැන අපි දන්නවා (නි)
සමදරා, පසුගිය මැතිවරණයේ වියදම කෝටි 400 ක් කියලා පත්තරයක දාලා තිබුනා මම දැක්කා. ගෙවල් නැති අයට ගෙවල් 8000 ක් මේ සල්ලි වලින් හදලා දෙන්න තිබුනා. මම කියන්නේ ලක්ෂ 5 අඩු වියදම් නිවාස ගැන. (නි)
බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැනේ (නි)
මහින්ද රාජපක්ෂ මහතා එවැනි පියවරකට සුදානම්ද? ඔහුගෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැක. ඔහුගේ වර්තමාන නිහැඬියාව එයට සාක්ෂි දරනු ඇත. (නි)
පරාජය තමන්ගේ අස්වැන්නය (අ)
ජයවේවා. අපිත් ඔබ සමඟයි (නි)
ජයවේවා අපිත් ඔබ සමගයි (අ)
කෙසේ හෝ ඉතා ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම ඔබලාගේ වගකීමයි .නැතහොත් රට අරාජික විය හැකි බව මධ්‍යස්ථ දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි . (අ)
මෙය ඉතා හොඳ පියවරක්. ගම්වල සහ සුළු නගරවල ඉන්න බොහෝ වැසියන්ගේ සහයෝගය ඔබලාට ලැබෙනවාමයි. (බ)
ගම්මන්පිල එල්ලෙන්න පිදුරු ගස් සොයා යයි (බ)
හැමදාම සන්ධාන හද හද ඉන්නකෝ හොදේ (බ)
ගම්මන්පිල මහත්තයෝ, මෛත්‍රී මහත්තයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දෙකම තවම බලවත්. මහින්ද මහත්තයා කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්නේ නැහැ. (නි)
දේශපාලන හිඟන්නෝ ගොඩට එක්වෙන තවත් එක්කෙනෙක් " (අ)
හොද වැඩක් අපේ සුබ පැතුම් (අ)
මෙයාලා මේ ජාතික කර්තව්‍යකදී සහයෝගයෙන් කටයුතු කරන්න බැරි දේශපාලන අවස්තාවාදියෝ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව ඡන්ද දහයක් අරගෙන පෙන්නනකො. (අ)
ගම්මන්පිල මහත්තයෝ පුළුවන් නම් කොළඹින් හරි කමක් නැහැ තනියෙන් ඇවිත් චන්ද 1000 අරන් පෙන්නන්න. කාගෙවත් සාටකයක එල්ලිලා ඇවිත් දැන් මෙතන මුදුන වෙන්න හදනවා. ඔයාල තමයි මහින්ද මහත්තයව විනාශ කරේ තමන්ගේ බඩ වෙනුවෙන්. (අ)
ලබන පළාත් තරගවලට පෙර සන්ධානය හැදෙනකම් අවංක ශ්‍රී ලංකාකාරයෝ බලාගෙන ඉන්නේ. මෛත්‍රි මහත්තයාගේ ශ්‍රී ලංකා එකට අපත් නැති කරන්න.
ඔව් අපි අලුත් ගමනක් යනවා අනිත් අයට බම්බුගහගන්න කියලා (අ)
ඕක ඡන්දෙට ඉස්සෙල්ල අපි බලපොරොත්තු වුණ දෙයක් නැති නම් මෙයා ඉන්න කම් දිනලා හමාරයි (අ)
වතූරේ ගිලෙන්න යන පිදුරැ ගහෙත් එල්ලෙනවලු.(අ)
ඔබ වැනි අය අවං ක දේශපාලනඥ යන්ය (අ)
වතුරෙ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවලු. (අ)