නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතාගේ හා නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ආධාරකරුවන් අතර මාතලේ අළුවිහාරේදී අද ඇතිවූ ගැටුමකින් පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වී සිටින ඒකනායක මහතාගේ පුතාගේ ආධාරකරුවන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
රෝහණ දිසානායක මහතාගේ සහෝදරයෙක් ද තරඟ බිමේ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නිකන් පොඩි ආරවුලක් වගේ පෙනෙන්නේ. කොහොම උනත් දෙපාර්ශවයටම ජයවේවා !(නදී)
මොවුන්ට මොළය පෑදෙන්නේ කවදාද? (නි)
මොවුන් මී හරක් වගේ ඇණ ගන්නවා. අපේ උගත් ජනතාව මේ වගේ මී හරක් රැලකටද කතිරෙ ගහන්න හිතන් ඉන්නේ? (ස)
හුදී ජනතාවට සේවය කරන්න මේ අයගේ උත්සාහයේ සහ කැපවීමේ තරම බලන්නකෝ. ඕක අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නොවැ හැබෑටම. බලන්නකෝ ඒකෙත් හැටි නේද? (නි)
බොහොම හොදයි. මෙහෙම නැත්නම් ඇගට වදින්නෙ නැහැ (නි)
ලොක්කෝ නම් ගැළවේවි. ඒත් පොඩ්ඩෝ? (නි)
ඩයස් මහත්තයෝ, පෑදෙන්න මොළයක් තියෙන්න එපෑයෑ. මොළය පෑදෙන්න ඕනෑ ඡන්දෙ දීලා බලය ලබාදෙන අපේ (නි)
මේ අයවලුන්ට මෙච්චර අවවාද හා උපදෙස් දීලා තිබෙද්දීත් මෙහම කරනවා නම් දිනලා පළාත් සභාවල කොහොම වැරදි කරාවිද. අනික මේ වැඩ වලින් ජනතාවත් නීති රීති වලට පටහැනිව වැඩ කරන්න පටන් ගන්නවා. අපේ රටට දැන් හරිම නරක කාලයක් ලැබී ගෙන එන්නේ. මරණ එක ගහගන්න දිනපතා සුපුරුදු කාරියක් වේගෙන යනවා. මෙම අයගේ උගත්කම සදාචාරාත්මක භාවය හරි ප්‍රශ්නයක්. මෙම මැතිවරණ ක්‍රමය වහාම වෙනස් කල යුතුය. (ස)
දෙපැත්තටම දොස් කියන එක වෑරදියි.ඒ මන්දයත් මහජනයාට සේවය කිරීමට දෙගොල්ලෝම පොරකනවා.අනේ අපි වාසනාවන්ත ජාතියක් ලෝකය දිහා බලපුවාම.මහ ජනයාට සේවය කරන්න පළාත් සභාවටම යන්න ඕනෑ නැහැනෙ. නේද?බත් රස දන්නෝ කෙත හදුනති ...කියලා අපේ මුතුන් මිත්තෝ කිව්වේ කට කහනවටැයි? (නි)
අනේ ඇත්තට අපි, ලංකාවේ ජනතාව, කොයිතරම් වාසනාවන්තද? අපට සේවය කරන්න මේ කට්ට්ය මොන කැපකිරීමක් කරනවාද...? (නි)
ජය වේවා !!! (ස)
ඉස්පිරිතාලේ ගිය අයට ඉක්මනින් නිවන් සුව අත්වේවා ... (ස)
මොවුන් ඡන්දය ඉල්ලන්න පෙර මනුෂ්‍යයන් ලෙස සාමකාමීව ජීවත් වුහ. දේශපාලනය නමැති කඩ තුරාවට මුවාවී මොවුහු විලිබිය නැති කර ගත්හ. දැන් ඔවුන් මනුෂ්‍යයන් ට හෝ සතුන්ටවත් අයිති නැති ප්‍රේත කොට්ටාශයක් බවට පත්ව ඇත. මෙය යුගයේ අවශ්‍ය තාවයක් මත බිහිකර ඇති තත්වයක් බව පැහැදිලියි.(නදී)
පවුල් ආරවුලක්. (ස)
ජාත්‍යන්තර බලවේග නිසා වෙන්න ඇති.තුවාලකරුවන්ට ඉක්වන් සුව ලැබේවා !.මතු භවයෙදී වත් නුවණ පහල වේවා ! (ස)
ජනතාවට සේවය කරන්නනේ මේ මිනිස්සු ඇන කොටා ගන්නේ..? (නි)
ආපු අය තමන්ටම ගහගෙන යන්න ඇති කාට ගැහුවත් අපේ අයමනේ කියලා (නි)
කෝ වහා ඉක්මනට ගේනවා යැයි කියූ අළුත් මැතිවරණ ක්‍රමය? මේ කුකුල් මනාප පොරය නිසා එකම පක්ෂය තුළ ඇතිවන ප්‍රචණ්ඩත්වය අඩු කළ නොහැකියි. එක්කෝ නව ක්‍රමය ක්‍රියාත්මක කරන්න එසේ නැත්නම් මුළු පළාත් සභා ක්‍රමයම අහෝසි කරන්න. (නි)
ගහ ගත්ත එක් කෙනෙකුටවත් හොදක් නම් නොවේවා! (නි)
අනේ ඉක්මණටම මේවායේ ඉවරයක් වෙනවා නම් (නි)