නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතාගේ හා නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ආධාරකරුවන් අතර මාතලේ අළුවිහාරේදී අද ඇතිවූ ගැටුමකින් පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වී සිටින ඒකනායක මහතාගේ පුතාගේ ආධාරකරුවන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
රෝහණ දිසානායක මහතාගේ සහෝදරයෙක් ද තරඟ බිමේ සිටියි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සන්ධානෙ සන්ධානෙ අලුවිහාරෙදි ගහ ගනී
සෙනරත් Monday, 09 September 2013 05:56 PM
මේක නිකන් පොඩි ආරවුලක් වගේ පෙනෙන්නේ. කොහොම උනත් දෙපාර්ශවයටම ජයවේවා !(නදී)
ඩයස් Monday, 09 September 2013 06:19 PM
මොවුන්ට මොළය පෑදෙන්නේ කවදාද? (නි)
අනුරශාන්ත Tuesday, 10 September 2013 09:04 AM
මොවුන් මී හරක් වගේ ඇණ ගන්නවා. අපේ උගත් ජනතාව මේ වගේ මී හරක් රැලකටද කතිරෙ ගහන්න හිතන් ඉන්නේ? (ස)
පිටිගල Monday, 09 September 2013 07:25 PM
හුදී ජනතාවට සේවය කරන්න මේ අයගේ උත්සාහයේ සහ කැපවීමේ තරම බලන්නකෝ. ඕක අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නොවැ හැබෑටම. බලන්නකෝ ඒකෙත් හැටි නේද? (නි)
අමිල කටුනායක Monday, 09 September 2013 07:44 PM
බොහොම හොදයි. මෙහෙම නැත්නම් ඇගට වදින්නෙ නැහැ (නි)
සේනාදීර Monday, 09 September 2013 07:56 PM
ලොක්කෝ නම් ගැළවේවි. ඒත් පොඩ්ඩෝ? (නි)
නිමල් Monday, 09 September 2013 08:00 PM
ඩයස් මහත්තයෝ, පෑදෙන්න මොළයක් තියෙන්න එපෑයෑ. මොළය පෑදෙන්න ඕනෑ ඡන්දෙ දීලා බලය ලබාදෙන අපේ (නි)
රෝහණ Tuesday, 10 September 2013 10:58 AM
මේ අයවලුන්ට මෙච්චර අවවාද හා උපදෙස් දීලා තිබෙද්දීත් මෙහම කරනවා නම් දිනලා පළාත් සභාවල කොහොම වැරදි කරාවිද. අනික මේ වැඩ වලින් ජනතාවත් නීති රීති වලට පටහැනිව වැඩ කරන්න පටන් ගන්නවා. අපේ රටට දැන් හරිම නරක කාලයක් ලැබී ගෙන එන්නේ. මරණ එක ගහගන්න දිනපතා සුපුරුදු කාරියක් වේගෙන යනවා. මෙම අයගේ උගත්කම සදාචාරාත්මක භාවය හරි ප්‍රශ්නයක්. මෙම මැතිවරණ ක්‍රමය වහාම වෙනස් කල යුතුය. (ස)
ජෝයි ඩයස් Monday, 09 September 2013 08:20 PM
දෙපැත්තටම දොස් කියන එක වෑරදියි.ඒ මන්දයත් මහජනයාට සේවය කිරීමට දෙගොල්ලෝම පොරකනවා.අනේ අපි වාසනාවන්ත ජාතියක් ලෝකය දිහා බලපුවාම.මහ ජනයාට සේවය කරන්න පළාත් සභාවටම යන්න ඕනෑ නැහැනෙ. නේද?බත් රස දන්නෝ කෙත හදුනති ...කියලා අපේ මුතුන් මිත්තෝ කිව්වේ කට කහනවටැයි? (නි)
නන්ද Monday, 09 September 2013 08:58 PM
අනේ ඇත්තට අපි, ලංකාවේ ජනතාව, කොයිතරම් වාසනාවන්තද? අපට සේවය කරන්න මේ කට්ට්ය මොන කැපකිරීමක් කරනවාද...? (නි)
ටිරෝන් සෙනෙවිරත්න Monday, 09 September 2013 04:14 PM
ජය වේවා !!! (ස)
කින් බෙනට් Monday, 09 September 2013 04:17 PM
ඉස්පිරිතාලේ ගිය අයට ඉක්මනින් නිවන් සුව අත්වේවා ... (ස)
සත්‍යා Tuesday, 10 September 2013 05:00 AM
මොවුන් ඡන්දය ඉල්ලන්න පෙර මනුෂ්‍යයන් ලෙස සාමකාමීව ජීවත් වුහ. දේශපාලනය නමැති කඩ තුරාවට මුවාවී මොවුහු විලිබිය නැති කර ගත්හ. දැන් ඔවුන් මනුෂ්‍යයන් ට හෝ සතුන්ටවත් අයිති නැති ප්‍රේත කොට්ටාශයක් බවට පත්ව ඇත. මෙය යුගයේ අවශ්‍ය තාවයක් මත බිහිකර ඇති තත්වයක් බව පැහැදිලියි.(නදී)
ධම්ම Monday, 09 September 2013 04:38 PM
පවුල් ආරවුලක්. (ස)
අමිල. Monday, 09 September 2013 04:54 PM
ජාත්‍යන්තර බලවේග නිසා වෙන්න ඇති.තුවාලකරුවන්ට ඉක්වන් සුව ලැබේවා !.මතු භවයෙදී වත් නුවණ පහල වේවා ! (ස)
සුනෙත් Monday, 09 September 2013 04:52 PM
ජනතාවට සේවය කරන්නනේ මේ මිනිස්සු ඇන කොටා ගන්නේ..? (නි)
කමල් Monday, 09 September 2013 04:59 PM
ආපු අය තමන්ටම ගහගෙන යන්න ඇති කාට ගැහුවත් අපේ අයමනේ කියලා (නි)
ඔසන් සලාම් - කටාර් Monday, 09 September 2013 04:54 PM
කෝ වහා ඉක්මනට ගේනවා යැයි කියූ අළුත් මැතිවරණ ක්‍රමය? මේ කුකුල් මනාප පොරය නිසා එකම පක්ෂය තුළ ඇතිවන ප්‍රචණ්ඩත්වය අඩු කළ නොහැකියි. එක්කෝ නව ක්‍රමය ක්‍රියාත්මක කරන්න එසේ නැත්නම් මුළු පළාත් සභා ක්‍රමයම අහෝසි කරන්න. (නි)
දර්ශන Monday, 09 September 2013 05:03 PM
ගහ ගත්ත එක් කෙනෙකුටවත් හොදක් නම් නොවේවා! (නි)
මාටින් Monday, 09 September 2013 05:36 PM
අනේ ඉක්මණටම මේවායේ ඉවරයක් වෙනවා නම් (නි)