එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම්වරයා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පත් කර ඇතැයි පක්ෂ ආරංචි කියයි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
අභාවප්‍රාප්ත වූ මහාචාර්ය විශ්වා වර්ණපාල ගෙන් පුරප්පාඩුවූ තනතුර සඳහා අමරවීර මහතා එසේ පත් කරනු ලැබ සිටී.
මේ අතර සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා එහි උප සභාපති ධූරයට පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉතින් මොනවා කියන්නද? (නි)
මහින්ද ට බැන්නත් හරි පට්ටමකුත් හම්බු වුනා එහෙනම් (බ)
ඇයි ජස්ටීකා, ඔයාගේ කටට මොකද වුණේ? (නි)
ජයවේවා ..(බ)
පිටබැද්දර ජයා අමු ශ්‍රී ලංකා කාරයෙක්නේ බැලුවහම. කවදා ඉඳලද අප්පා මේ වෙනස? කොහොම වුණනත් පුළුවන් තරම් කට්ටිය ඔයාලා මුරුංගා අත්තේ තියන එක හොඳයි. මොකද බලය තිබෙනතුරු බෙදාදෙන ඔය තනතුරු එක්ක ඔය අයගේ දේශපාලන ජීවිත වල තීරණයත් එයාලට ලැබෙන නිසා. (නි)
ජස්ටීකාගේ කටේ වශී බෝලයක් හිරවෙලාලු (නි)
හම්බන්තොටටම දුන්නේ මොකද (කෞ)
මේගොල්ලන්ගේ දේශපාලනයේ අවසානය ළඟයි (නි)
තව පක්ෂයක් දිනවන්න වෙනත් පක්ෂයක ලේකම් කෙනෙක්?
අනේ මොකටද මගේ කට! (නි)
කොහොම වුණත් කමක් නැහැ, අපල තියෙනවද කියලා හඳහන බලාගන්න එක හොඳයි (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
බලය හිමි කෙනෙකුගේ බලය ඇතිතෙක් නටන පරපෝෂිත දේශපාලකයන්ට අනාගතයක් නැත (නි)
අනේ දන්නැති හින්ද අහන්නේ මේ වැඩවලින් අපේ රටට වෙන සේවය මොකක්ද? (කෞ)
ඔහොම යමුකෝ! (නි)
බලාගෙන හොඳේ! (නි)
13වැනි සිහිනය:- කොසොල් රජතුමා: ස්වාමීනි, දහතුන් වන සිහිනය නම් සුවිසල් පර්වත දියෙහි පාවී යාමය. බුදුරජාණන්වහන්සේ: රජතුමනි, අනාගතයේ දී සම්භාවනීය පුද්ගලයෝ තනතුරුවලින් නෙරපා පහත් පුද්ගලයින් සේවයේ යොදවත්. මෙමගින් සමාජ සංස්ථාව මහත් පීඩාවට පත්ව රාජ්‍ය ද පිරිහී යන බව දත යුතුය.(කෞ)
බොහොම හොඳයි (නි)
ඔබතුමා ඇමති මණ්ඩලය 20 ට සීමා කරගැනීමේ සටන පටන් ගන්න. උද්ඝෝෂනද ,උපවාසද ඕන දේකට සහයට අපි එනවා. සෝබිත හිමියන්ගේ තිබුන ලොකුම හීනයක් තමා ඇමති මණ්ඩලය 20 ට අඩු කර ජනතාව මත පටවා ඇති බර ඉවත් කිරීම. (බ)
හම්බන්තොට වුණාට සමහරුන්ට රාජපක්ෂ පවුලෙන් ලැබුනේ කුඩම්මාගේ සැළකිලි. එ්ගොල්ලන්ට රිදෙන්නත් එක්ක හොඳයි (නි)
වැරදි කර ඇතොත් කාගෙන් බේරුනත් ජනතා ශාපෙන් ගැළවෙන්න බැහැ (නි)
ඔය නිලය වස් වැදුන එකක් පරිස්සමින් (බ)
ඊළඟට කාටද අවස්ථාව? (නි)
දැන් ඉතින් වැඩ පෙන්වන්න තියෙන්නේ. බඩු මිල එහෙම අඩුකරන්න පුළුවන් මොනවාහරි දෙයක් කරලා. (නි)
ඔබතුමා ඉස්සර ඉඳලම ඇමති මණ්ඩලය 20 ට වඩා වැඩි කරනවට තදින් විරුද්ධ වුණ කෙනෙක්. ජනතාවට ජීවත්වෙන්න අමාරුයි. ඔබතුමාට දැන් පුළුවන් විශාල හඬක් නඟන්න ඇමති මණ්ඩලය 20 ට වැඩි කිරීමට විරුද්ධව. (නි)
බොහොම හොඳ පත්කිරීමක්. පක්ෂය වෙනුවෙන් කැපවුණ, කුඩම්මාගේ සැළකිලි වලින් අඩුවක් නැති පහුගිය කාලේ මුල්ලකට කරලා තිබුණ, කෙළින් කතාකරන, පක්ෂයට හිතවත් මනුසයෙක්. ජය වේවා ජනපතිතුමනි! (නි)
ඕක නොලැබුණා නම් තමයි පුදුමේ (නි)
හිතවත්කම් තිබිය යුත්තේ පක්ෂයට නොව ජනතාවටය. බලමු බලමු (නි)