එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට තවමත් අවස්ථාව ඇතැයි මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) කොළඹ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහ මැතිවරණය ආසන්නයේ කළ පක්ෂ ලේකම්වරු ඉවත් කිරීම වැනි ක්‍රියාවක් තදබල පාලනයක් ගෙනගිය ජේ.ආර්.ජයවර්ධන මහතා පවා කර නොමැති බවත් සන්ධානය ඡන්දයේදී ආණ්ඩුවක් පිහිටුවීමේ දොරකඩ සිටියදී සන්ධාන සභාපති ලෙස ජනපති ගත් නීතිවිරෝධී පියවර හේතුවෙන් ජයග්‍රහණය අඩපණවූ බවද ගුණවර්ධන මහතා කීවේය.
සුසිල් ප්‍රේමජයන්ත මහතා හෘද සාක්කියට අනුව කටයුතු නොකළ බවත් ඔහු හෘද සාක්කියට අනුව කටයුතු කළේ නම් මහ ලේකම් ධූරයෙන් ඉවත් විය යුතුව තිබුණේ මීට පෙර බවද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේය.
විකෘති ජාතික ලැයිස්තුවකට අත්සන් කළ සන්ධාන හිටපු මහ ලේකම් සන්ධානය විනාශ කළ බවද ඔහු එහිදී පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාට වුණ දේ ගැන දුකයි. කොහොම හොඳට හිටිය කෙනෙක්ද? (ම)
මේ පාර වෙනසක් කරමු. අලුත් කට්ටිය හරියට කරේ නැත්තන් ඒ ගොල්ලත් අවුරුදු 5 කින් මාරු කරමු.(ම)
බත් රස දන්නෝ කෙත් හදුනන්නෝ... කිරි රස දන්නෝ මව් හදුනන්නෝ.(ම)
පහුගිය කාලෙ කෑම වල රහ තවමත් මතකය් .කොහොම වාවගෙන ඉන්නද ? (ම)
වයස නිසා මම හිතන්නේ මොලේ කොලොප්පන් වෙලා තියෙන්නේ .මේ වගේ පිස්සෝ යවන්ට ඕන අංගොඩ (බ)
කාට හරි ප්‍රබල පක්ෂයකට මුක්කු ගහල ගොඩ ගිය ඔබ තුමාලා වාසුල විමල්ල ගම්මන්පිලල වගේ අය හින්ද තමා පොදු පෙරමුණට හෙන ගැහෙව්වේ මහත්තයෝ.දැන්වත් උණුවතුර ටිකක් නාල ගෙදරට වෙලා හිටියනම් හොඳා නේද නිකන් දවල් හීන දකින්නේ නැතුව..(බ)
දිනේෂ් මහත්තයෝ දැන් ටිකක් ගෙදර ගිහින් විවේක සුවයෙන් කල් ගෙවන්න. මහින්ද මහත්තය පැරදුනේ ඔබතුමාලා එතමාගේ වැරදි දේටත් එහෙයි කියපු නිසා. 18 වෙනි සංශෝධනය කියන්නේ ඉතිහාසයේ බරපතල වරදක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක නොවිය යුත්තක්. මහින්ද මහත්තය බල ලෝබයෙන් තොරව විදායක ක්‍රමය අතඇරියනම් එතුමා අදටත් අගමැති. රනිල් කියන්නේ කාලයකින් පහළවන ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමා 2005 ඔබතුමන්ලාගේ සුළුතර ආණ්ඩුව කකුලෙන් ඇද්දේ නැහැනේ. දැන් එතුමාට පාඩුවේ වැඩේ කරගෙන යන්න දෙන්න. (බ)
මේ අර බොරලුගොඩ සිංහයාගේ පුතාද? වෙන්ඩ බැහැ ඔහුගේ පුතෙක් නම් මේ වගේ වෙන්ඩ බෑ.බල ලෝභයට මේ වගේ කෑගහන්නේ නෑ. (බ)
මහත්තයෝ දැන් නැගිටින්න. දැන්වත් තේරුම් ගන්න කෝච්චිය ගිහින් ඉවරයි කියලා.(හේ)
කොහොමද ආණ්ඩුවක් හදන්නේ බහුතරක් නෑනේ.(හේ)
අනේ පවු, දුකට කියන කතා අපි දන්නවා ඔහේගේ හීන මාන, දැන ඉතින් මක් කරන්න දෝ.(අ)
පැරදුනා නම් දැන් ඉන්න පැත්තකට වෙලා.(හේ)
ශ්‍රී ලංකා අයගේ ඡන්දෙ නැත්නම් මහත්තයෝ ඔයාලා අද ඉන්නේ අනාත නිවසෙක (හේ)
අවුරුදු 10 හදා ගත්තු ආණ්ඩුවට මොන ද වුනේ ? දිනේෂ් මහතාණනි , (හේ)
දැන් ගෙදර ගියොත් නරකද ?(හේ)
ලොකු කතා කිව්වට තනියම ආණ්ඩුවක් හදන්න කාටවත් බෑ.(හේ)
අතහැරිය යුතු විට අතහරින්න (හේ)
අවුරුදු දහයක් ආණ්ඩුව කරා නේද?දැන් වෙනසකට ඉඩ දෙන්න.(හේ)
දිනේස් මන්ත්‍රී තුමා මාර කතා කියන්නේ ? (හේ)
2019 දී බලමු .ඔයා මහජන එක්සත් පෙරමුණෙන් ඉල්ලලා දිනන්න.(හේ)
අවුරුදු 10ක් රට කලා මොකද කරේ.දැන් පාඩුවේ ඉන්න.(හේ)
ඇමති කමක් නැතිව බැහැ වගේ (හේ)
මේයා ට පිස්සු. (අ)
රටේ බහුතර ජනමතයට එරෙහිව කතා කරන මොවුන් තමයි ප්‍රජාතන්ත්‍ර විරෝදින් .(හේ)
දැන් විවේක ගන්න (අ)
දහතුනක් සල්ලි දීල ගන්න බැරිද (අ)
අංගොඩ, අංගොඩ,,,, අංගොඩ , යන්න යන්නේ .යන අය නගින්න ? (බ)
පිලිප් ගුනවර්දන මැති තුමාගේ අති ජාත පුතා හැටියට රට ජාතියට ඉදිරියටත් නොසැලී සේවය කරන්න. ජනතාව ඔබ සමග සිටිනවා. (අ)
මහින්දව ගේන්න මේ කට්ටියට තම ලොකු උවමනාවක් තියෙන්නේ එක පෙන්නලා මන්ත්‍රීකම ගන්ඩ (බ)
මේ කෙප්ප වස්සෝ මස් කඩේට දක්කන්න ඕනේ. (බ)
ඔයාලට වැඩිය අපි උගත්,ඔයාලට වැඩිය අපි ඉස්කෝලේ ගිහින් තියෙනවා.(අ)
දිනේෂ්, දැන් දේශපාලනේන් විශ්‍රාම යන්න. පිස්සුවෙන් වගේ අනුන්ට කඩේ යන එක එපා වෙන්නේ නැද්ද ඇත්තටම?(හේ)
මේ මිනිස්සුන්ට තමන්ගේ වැඩක් කරගෙන ඉන්න බැරි හැටි.(හේ)
දැන් මේ අය කල් ඉකුත් වෙච්ච අයයි.(හේ)
මීට පෙර මහින්ද මහත්තය යහපත් පැත්තට ගන්න කොන්දක් තිබ්බා නම් මෙහෙම වෙන් නැහැ. (අ)
ජනතාවගේ තීන්දුවට හිස නමන්න ඉගෙනගන්න .(හේ)
දැන්වත් රට වෙනුවෙන් සේවය කරා ඇති.දැන් නිදහසේ අනිත් අයටත් අවස්ථාවක් දිලා බලන්න.(හේ)
යු.එන්.පි. නැත්නම් පුළුවන් (අ)
මේ ඔක්කොටම පිස්සු, දිනුවේ වෙන රටවල් පැරදුනේ ශ්‍රී ලංකාව. උදාහරණ - චීනය පැරදුන ඇමෙරිකන් , ඉන්දියාව දිනුව. ගොන් වහන්සේලාට තේරෙන්නේ නැහැනේ. (අ)
කාලය හැමදේම විසදයි. (හේ)
දැන් පරක්කු වැඩියි.(හේ)
මෙයාගේ පක්ෂෙන් ආවනම් මෙයාගේ ගෑනිගේ ඡන්දෙ වත් මෙයාට ලැබෙන්නේ නෑ. (අ)
ඉස්සර මමත් දිනේෂ්ට ගරු කළා, දැන් පිස්සුවෙන් දොඩවනවා, බලයට තියෙන පෙරේත කමට (බ)
වයස නිසා මීටර් අවුට් වගේ (බ)
මේ අය ආයෙම කෑගහන්න පටන් අරන්. ආණ්ඩුවක් හදන්නේ 3 නාද? 5 නා ඳ? (බ)
දැන් බණක් භාවනාවක් කරන්න වයස හරිනේද? (ම)
අනේ, ඔය සන්ධානේ පැරදුනා කියල මෙයාටත් මතක නැත්තේ වයසට වෙනැති. (අ)
හිතවත් දිනේෂ් ,තවම බලයට තියෙන කෑදරකම ඇත හැර නැහැ වගේ කරුණාකර ඔබේ සහෝදරයා ,ඉන්දික මෙන් වැදගත් විදිහට ගෙදරයන්න කාටවත් කඩේ යන්න එපා (අ)
හදාගන්නම ඕනි නම් හදාගත්තට කමක් නැහැ. එත් අපිට නම් ඕනි නැහැ. ජනතාවගේ කැමැත්ත කියන එක මෙයාලට අද විහිළුවක් වෙලා. (අ)
ඔව් දැන්වත් තමුන්තේ තමුන්ගේ තරම දෙනගන්න. (අ)
තනියම ඉල්ලන්න ...............(ම)