වෙද නළාවත් බට නළාවත් දෙකක් වුවද ඒ දෙකම ඉටු කරන්නේ එක කාර්යයක්යැයි කිව්වොත්, එක්වරම පිළිගැනීමට මැළි වුවත් නළාවන් දෙකින්ම කරන්නේ සුවපත් කිරීම බව නම් පිළිගත යුත්තක් බව ඔබට සිතේවි. අතිශය සියුම් මානව සංවේදීතාවන් සමඟ සැබෑ හදවත් ගැහෙන රිද්මය පිරික්සන කෙනෙකුට ඒ සංවේදනාවන් මුසු අත්දැකීම් සංකල්ප රෑ කොට පද බවට පෙරළන්නට හැකිවීම කොතරම් නම් සොඳුරැ සංරචනයක්ද? සෞඛ්‍යමත් බව ගැන පොත් ලියන සිත් සුවපත් කිරීමට ගීත ලියන වෛද්‍යවරයෙක්. ඔහු නමින් දුමින්ද හඳපාන්ගොඩ
කාෙහාමද ගීත ලියන්න අඩිතාලම වැටුණේ?
මෙහෙමයි, මට මීට අවුරැදු තුන හතරකට කලින් නවරත්න ගමගේ මහතා මට මුණගැහුණේ. ඔහු සමඟ ඉතාම කිට්ටු ඇසුරක් පවත්වන්න මට ලැබුණා ඒ දැන හැඳුනුම්කමත් එක්ක. ඒ හරහා තමා ගීත කිහිපයක්ම නිර්මාණය වුණේ.
ඔබේ පළමු ගීතය ගැන කතා කළොත්?
මගේ පළමු ගීතය තමා විශාරද සුනිල් එදිරිසිංහ ගායනා කරන නවරත්න ගමගේ මහතා සංගීතවත් කරන "කටේ කිරි සුවඳ" කියන ගීතය. මේ ගීතය මම ලිව්වේ මගේ පුංචි කාලේ අත්දැකීම් එක්ක. මොකද අපි හිටියේ රත්නපුර නිවිතිගල කියන ගමේ. පස්සේ අපි ආවා පාදුක්ක ප්‍රදේශයට පදිංචියට. ඉතින් ගමෙන් කොළඹට ආවට පස්සේ ගම ගැන දැනෙන හැඟීම. මම මේක ලියලා සෑහෙන කාලයක් මා ළඟ තිබ්බා. පස්සේ දවසක් මම මේක නවරත්න මහතාට පෙන්නුවට පස්සේ ඔහු තමා කිව්වේ මේක ලස්සන පද පෙළක් ගීතයක් කරමු කියලා. ඊට පස්සේ මම මගේ පුතා සහ දුව වෙනුවෙනුත් ගීත කළා. ඔහු එදා මට කළ ඒ දිරිමත් කිරීම තමා මාව මේ ගීත ලිවිම සඳහා පෙළඹුවේ.
ඔබ ගීත ලියන්නේ ඔබේම අත්දැකීම්ද?
එහෙමම නැහැ. මොකක් හෝ අත්දැකීමක් තමා ලියවෙන්නේ. ඒක නමුත් මගේම අත්දැකීමක් නොවන අවස්ථාත් තියෙනවා.
ඔබ ලියූ ගී අතර ඔබ වඩාත් කැමතිම ගීතය?
මම ලියපු හැම ගීතයකටම වගේ මම කැමැතියි. ඒ අතර යම් විශේෂයක් තියෙනවා මේ මෑතකදී කරපු &ඇදුරැතුමාණෙනි* කියන ගීතයට. ඒකට පදනම් වූ කාරණාව නිසා වෙන්නත් පුළුවන් ඒ වගේම ඒ ගීතය ගායනා කරන්නේ ආචාර්ය වික්ටර් රත්නායක මහතා. සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. මගේ සිහිනයක් සැබෑවීමක් තමා මේ දෙපළගේ එකතුවෙන් මගේ ගීතයක් කිරීම.
මොකක්ද පදනම් වූ දේ?
මම උසස් පෙළ කරන කාලේ දැක්ක සිදුවීමක්. අපි ගිය අමතර පන්තියට ආපු එක පිරිමි ළමයෙක් ගුරැතුමාගෙන් නිදහස් ප්‍රවේශපත්‍රයක් ඉල්ලුවා. එතකොට එක සැරේටම අර ගුරැවරයා ඇහුවේ මගෙන් නිදහස් ප්‍රවේශ පත්‍රයක් ඉල්ලන තමුන් ඇඳන් ඉන්න කමිසේ ගාණ කීයද කියලා. අන්න ඒ සිදුවීම මගේ හිතේ තිබ්බා. මම ඒකට තමා ගීතයක් ලියලා ආචාර්ය වික්ටර් රත්නායකට දුන්නේ. ඊට පස්සේ එතුමා මට කිව්වා මේ ගීතය පොඩ්ඩක් වෙනස් කරලා හොඳ ගුරැ උපහාර ගීතයක් කරන්න කියලා. ඊට පස්සේ මට මතකෙට ආවා රාජකීය විද්‍යාලේ හිටිය ගුරැතුමියක්. ඇයව මතකෙට නගා ගෙන තමා මේ ගුරැ උපහාර ගීතය ලිව්වේ. ඒ නිසා තමා මට මේක විශේෂ.
ගීත ලියනවා වගේම ඔබ පොතුත් ලියනවා?
ගීත ලියන්න අහම්බෙන් යොමු වුණා වගේ තමා මම මේ පොත් ලියන්නත් යොමු වුණේ. මගේ පාසැල් මිතුරෙක් ඉන්නවා ඉන්දික ද සිල්වා කියලා. ඔහු සිංහ සමාජයකට සම්බන්ධවෙලා හිටියේ. ඔහු තමා මට කිව්වේ 2006 දී ඔහුගේ ව්‍යාපෘතියකට ඒඩ්ස් සම්බන්ධයෙන් පොඩි අත් පොතක් කරලා දෙන්න කියලා. මම ඒක ඉතාම කැමැත්තෙන් භාර අරගෙන කරලා දුන්නා. මේක කියවපු ගොඩක් අය ඇහුවා ඇයි මේක පොතක් විදියට කරන්නේ නැත්තේ කියලා. මොකද සිංහලෙන් ලියවුණු පොත පත අඩු නිසා. ඊට පස්සේ තමා මම තව කරැණු හොයලා ඒවත් එකතු කරලා තමා මගේ මුල්ම පොත විදියට &යොවුන් විය ලිංගිකත්වය ඒඩ්ස් සහ ලිංගිකව බෝ වන අනෙක් රෝග* කියන පොත ලිව්වේ. මෙහි ප්‍රධාන දේශනය කළේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඔහු එදා මාව දිරිමත් කරමින් තමා ප්‍රධාන දේශනය කළේ.
ඔබ පිළිකාව ගැනත් පොතක් ලියුවා?
ඔව්. මගේ මේ පළමු පොත කියවලා විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා මට යෝජනාවක් කළා පිළිකාව ගැනත් සිංහලෙන් ලියවුණු පොතක් නැති නිසා ඒ ගැනත් පොතක් කරමු කියලා. මොකද පිළිකාව ගැන මිත්‍යා මත තියෙනවා. හරි තොරතුරක් දැන ගන්න විදියක් නැහැ. ඒ නිසා මූලික කරැණු ඇතුළත් කරලා අපි "පිළිකාවේ සැබෑ තතු" කියන පොත ලිව්වේ. ඒ වෙනකොට මහරගම පිළිකා රෝහලේ හිටිය ෙජ්යෂ්ඨතම විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා එක්ක. ඒක ඉතින් මටත් ලොකු භාග්‍යයක් විදියට මම දකින්නේ.
කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ පිළිකා පොත ගත්තොත් දැන් හතරවැනි මුද්‍රණය පවා අපි කළා.
මේ ගීත සඳහා හෝ පොත් සඳහා ලැබුණු අමතක නොවන ප්‍රතිචාරයක් නැද්ද?
තියෙනවා. එකක් මතක් කරනවා නම් මගේ ගීත අතර තියෙන වික්ටර් රත්නායකයන් ගායනා කරන සිව් වසරක් කියන ගීතය ගුවන් විදුලියේ ප්‍රචාරය වුණා වෙලාවක අහලා මගේ දුරකථන අංකය හොයාගෙන මට කතා කරලා මගෙන් ඉල්ලුවා ඒ ගීතය ඇයගේ දුවගේ විවාහ උත්සවය වෙලාවේ ප්‍රචාරය කරන්න. ඉතින් මම ඇයව මුණගැහිලා ඒ ගීතය ලබාදුන්නා ඉතාම සතුටින්.
ජීවිතය ගැන අද මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. ගීත ලිවීම හරහා සහ පොත පත ලිවීම හරහා මම ලබන්නේ ඇත්තටම තෘප්තියක්. මේ කිසි දෙයක් මම මුදල් බලාපොරොත්තුවෙන් කරන දේවල් නෙවෙයි. ඒ වගේම කියන්න ඕනේ මම වගේ නවකයෙක්ට මේ තරම් නිර්මාණ කරන්න පුළුවන් වුණේ නවරත්න ගමගේ මහතා සහ වික්ටර් රත්නායක ලබා දුන්නු සහයෝගය නිසා කියලා. මොකද නැත්නම් සමාජයේ මතයක් තියෙනවානේ ප්‍රවීණ අයගේ සහයෝගය නැහැ කියලා. මම දකින්නේ හොඳ දෙයක් කරනවා නම් ඔවුන්ගේ සහයෝගය සහ ආශීර්වාදය ලැබෙනවා කියලා.
ඉදිරි නිර්මාණ මොනවද?
මට කිසිම කලබලයක් නැහැ. මම හිමින් හොඳ ගමනක් යන්න උත්සාහ කරන කෙනෙක්. ඉදිරියේදී හොඳ නිර්මාණ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඉතින් කාලයත් එක්ක.
අනූ
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සින්දුවට බැස්ස දොස්තර මහත්තයා