IMG-LOGO

සුන්දර ගමනක කෙළවර

2016-06-14-ent-01දියවන්නා කවුන්සිලේ ඉන්න හැඩ වැඩ නෝනා දකුෙණ් කෙනෙක් අලුත් ජීවිතයක් පටන් ගන්න යනවය කියලා මේ සතියෙ "සූ" ගාල ආරංචියක් ගියා..    කාලයක් නිතර නිතර පුවත් මවන්න දායක වුණ මෙයා පසුගිය කාලෙ සීන් එකේ හිටියෙම නැහැ... තමන්ගෙ ගම් පළාතෙ සිද්ධවෙච්ච විපත් කරදරවලදිවත් ලොකුවට දකින්න හම්බ වුණේ නැහැ.. ඒ සේරටම හේතුව ගෙදර ජීවිතේ තියන ගැටලුය කියලා තතු දත් අය කියනවා..

ටික කාලෙකට පෙර එක වහළක් යටට ආවත් පසුගියදාක මිනිපුරේ පැත්තෙ කවුන්සිල් සගයකයකුගේ කන්තෝරැවෙ දේශපාලන සාකච්ඡාවක් කරද්දි එතෙන්ට ආපු තමන්ගෙ කෙනෙක් මේ අය එක්ක පොඩි වාග් සංග්‍රාමයකට පැටලිලා දුරදිග ගිය ප්‍රශ්නයක කෙළවරලු මේ අලුත් ජීවිතේ.

කොහොම හරි මේ ආරෝව ගොඩින් බේරගන්න හදාපු සේරටම වැඩේ කරන්න බැරි වුණාලු... අන්තිමට නීතිය ඉදිරියට ගිහිල්ල අලුත් ජීවිතේට පිවිසෙන පාර කපා ගන්න තීන්දුවක් අරන් කියල කවුන්සිල් ලොබියෙන් එන කතාවයි. 

දැන් මේ ප්‍රශ්නෙ කළුකෝට් මහත්තුරැ අතටම ගිහිල්ලලු... මෙතුමියගෙ පාර්ශ්වයෙන් කතා කරන්නෙ දකුෙණ් ප්‍රකට දේශපාලන පවුලක ආණ්ඩුකාරතුමෙක්ගෙ නීතීඥ පුතෙක් කියලත් සඳහන් වෙනවා...

කොහොම හරි මේ හේතුව නිසාම මේ නෝන ඉදිරියෙදි දේසපාලනේ කරන්නෙ නැහැ කියලත් කියැවෙනව... ඉතින් ඒක ඇත්තද නැත්තද කියල දැනගන්න ඕන එයාගෙන්ම අහලයි... ඒත් දැන් එයා සීන් එකෙත් නැහැ. ටෙලිෆෝන් එකට එන්නෙත් නැහැල්ලු... ඒක නිසා සියලු ප්‍රවෘත්ති වාරණය වෙලා.

 

DESHAYA



අදහස් (0)

සුන්දර ගමනක කෙළවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 493 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 667 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 272 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site