අතුරුදන් වූ ප්‍රගීත් එක්නාලිගොඩ පිළිබඳව සත්‍ය හා යුක්තිය ලබා දෙන ලෙස ඉල්ලමින් අද (05) කඩුවෙල නවගමුව දේවාලයේ දී දේව කන්නලවුවක් හා පොල් ගැසීමක් සිදු කැරිණි.
එහිදී සන්ද්‍යා එක්නාලිගොඩ කියා සිටියේ තම සැමියාට හා තමාට විරුද්ධව අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් ඒ නිසා තමා සහ තම දරුවන් අපහසුතාවයට පත් වී ඇති බවත්ය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ දේ නම් නියමයි. (නි)
දෙවියෝ ලංකාව දාලා ගිහින් ගොඩක් කල්. (නි)
ලංකාවේ මිනිස්සු හොඳ නිසා මේගොල්ලෝ මේ විදියට පාරේ බැහැලාවත් යනවා (නි)
තමන්ගේ කෙනෙක් නැතිවෙන්න ඕනෑ මේ දුක දැනෙන්න (නි)
මෙතන අදහස් දාන පිරිස හරියට හැඟීමක් නැති රොබෝලා වගේ. තමන්ගේ පවුලේ කෙනෙක් උස්සගෙන ගිහිල්ලා අතුරුදහන් කළදාට තේරෙයි. මහලොකුවට කියන්නේ ධර්මද්වීපය කියලයි. ඒ වුණාට සිත් වල තියෙන්නේ මිනීමරු අදහස් (නි)
නෝන මහත්තයෝ, ඔය ගහන පොල් ගෙඩිය කැරකිලා ආපහු තමන්ටම එන්න පුළුවන්. ටිකක් ප්‍රවේශමෙන්. (නි)
අපි බලමු දැන් ප්‍රතිඵල (නි)
කිසිවෙකුට තම හදවතටත්, දෙවියන්ටත් සත්‍ය සැගවිය නොහැක. ඒ දෙදෙනාම සත්‍ය දනී. පරිස්සම් වියයුතුයි (නි)
ඔය ගහන පොල් කැරකිලා ඒවි, බලාගෙන (නි)
එක්නැලිගොඩලා ගැනත් අපි දන්නවා (නි)
බලමුකෝ උත්සාහයක් දරලා (නි)
මෙවැනි වැඩ වලින් ලැබෙන සෙතක් නෑ.(හේ)
අපේ රටේ ජනප්‍රිය වුණ නමක්. ලබන සැරේ ඡන්දෙ ඉල්ලන්න (නි)
මෙයා ලබන සැරේ ඡන්දෙ ඉල්ලන්න ලැහැස්ති වෙනවා වගෙයි මට පෙනෙන්නේ. අධිකරණයෙන් සාධාරණව සහ අපක්ෂපාතීව අසන නඩුවක් ගැන දෙවියන්ට කියන්න යන්නේ මොකටද? (නි)
ඔබතුමිය කලබල වෙන්න එපා. ඔය කරපු අපරාධ වලට ඒ කට්ටියට පටිසන් දෙනවා දෙනවාමයි. නැත්නම් ලෝක ධර්මය බොරු (නි)
සුමනදාසගෙන් පසුව, දේශපාලකයන් විසින් වපුරන ලද විවිධාකාර විශ්වාස රටම ගිලගැනීමට තවත් උදාහරණයක් (නි)
කොටින්ට ඔත්තු දුන්නු එක්නැලිගොඩ වැනි ජඩයන් මරාදැමීම කල යුතුව තිබූවකි. අද මැය නිකන් සුද්දවන්තියක් වගේ දඟලනවා . (කෞ)
ඔය පොල් ගැහුවට බැහැ සංඟයා වහන්සේලා හිර කර තැබූ පාපයෙන් ගැලවෙන්න (කෞ)
ඔක්කොම කට්ටිය මේ කාන්තාවට විරුද්ධව මහින්දට කඩේ යනවා. අනිත් පැත්තෙන් මහින්ද ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ගත් ණය ගෙවාගන්න බැරුව ලංකාව අතරමං වෙලා. තව ටික දවසකින් ඔය අදහස් දාන හැමෝටම පොල් ගහගන්න වෙන්නේ ඔලුගෙඩි වලටම තමයි (නි)
දන්නා කවුරුහරි ඉන්නවා නම් කියනවද පොල් නැති රටවල් වල මිනිස්සු දෙවියන් ඉදිරියේ ගහන්නේ මොනවද කියා මේ වගේ ප්‍රශ්න වලදී. (නි)
පත්තිනි මෑණියෝ තමන් ලඟට ආවත් වැරදි කරපු අයට දඬුවම් දෙනවා. අනේ මන්ද මේ ගොල්ලෝ. අපරාදේ.(කෞ)
පොල් ගහලා තම හදවතටත්, දෙවියන්ටත් සත්‍ය සැඟවිය හැකිද? (නි)
දැන් පොල් ගැහුවට වැඩක් නැහැ. දෙවියෝ දන්නවා මොකක්ද වුණේ කියලා. (නි)
බොහොම හොඳයි. දෙවියෝ ඇත්තටම සාධාරණයක් ඉටුකරනවා නම් අපිට බලාගන්න පුළුවන් ඇත්ත. මොකද දෙවියන් ඇත්ත දන්නවා. අසාධාරණයක් වුණේ කාටද කියලා අපි බලාගෙන ඉඳිමු. (නි)
යුද්ධය කාලෙදි ප්‍රගීත් ලියූ දේවල් අපිට මතකයි (නි)
මිනිසුන් තවමත් මේ වගේ මිත්‍යා මතයන්වල එල්බ ගෙන සිටීම සමාජීය ගැටලුවක් (බ)
මෙයාගේ සැමියාගේ ක්‍රියාවන් නිසා තව පොඩ්ඩෙන් මුළු රටම අමාරුවේ වැටෙනවා. (බ)
ඔබතුමිය දිරිය කාන්තාවකි. සත්‍ය කවදා හෝ ජයගනු නියතය (නි)
පොල් ගැහුවට වැඩක් නැහැ (නි)
අනේද කියන්නේ සංඝයා වහන්සේලා සිර කලාට ඇති උන කර්මය ඉතාම සුළු පටු දෙයක් නොවේ (කෞ)
අපරාදේ පොල් ගෙඩි ටික (නි)
මේ දවස් වල අන්තර්ජාලයේ යන මොහුගේ කතාව අහන්නකෝ (නි)
අර අන්තර්ජාලයේ තියෙන හඬ පටිය දෙවියන්ට නම් අහුවෙන්න තියන්න එපා ... ඔන්න පස්සේ නොකිව්වා කියන්න එපා (කෞ)
මම නම් කියන්නේ මේ වගේ වැඩ නුසුදුසුයි. එක්නැලිගොඩ මහත්තයට අනතුරක් කළා නම් දෙවියන්ට පොල් ගහලා කියන්න ඕනෑ නැහැ. වරදට දඬුවම නිත්‍ය වශයෙන්ම ලැබෙනවා. උසාවියෙන් නිදහස් වුණත් ස්වභාව ධර්මයෙන් බේරෙන්න බැහැ. රජකම් කළත් කළකම් පලදෙනවා කියන්නේ නිකන්ද? (නි)
චන්ද්‍ර, ඔබ පැරිස් ඉඳලා ලියනවා වගේ මමත් ඒ වගේ රටක තමයි ගොඩක් කල් ඉඳලා ඉන්නේ. එහෙත් මම මගේ රට ගැන හිතනවා. අවුරුද්දකට සැරයක් හරි ගියාම හිත සැනසිල්ලේ ඉන්න තියනවා නම් කොච්චර සතුටුද කියන එක කියන්න බැහැ. ඇත්තටම මගේ රට ධර්මද්වීපයක් කියලා මම ජීවත්ව ඉන්න තුරා මම කියන්නේ ඉතාම ආඩම්බරයෙන්. මොකද ඕනෑ ආගමකට නිදහසේ තම ආගම අදහන්න පුළුවන්නේ. (නි)
අනේ අපි දැක්කා කරපුවා මහින්ද මරන්න ගුවන්යානයට ගහන්න කියලා කොටින්ට මීගමුවෙන් ගෙයක් ගන්න කියනවා. ඌව මරලා මදි පණපිටින් පුච්චන්න ඕන. ඔබේ මිනිහා ජාතිවාදියෙක් (බ)
මැයත් දැන් පත්තිනි අම්ම කෙනෙක් වෙන්න යනවා (බ)
මේ පොල් ගැහීමෙන් වෙන්නේ සංඝයා වහන්සේලා හිරකර තැබූ පාප කර්මය ඉක්මන් වෙලා තමුන්ටම ඒ දඩුවම කැරකිලා එනවා (බ)
මාර එකමුතුව. අපේ හමුදාවට අවමාන කරලා.ඩොලර් වලට කඩේ යන අම්මන්ඩි. (බ)
පොල් පෙරහරට තවත් කෙනෙක්. මේක නම් එක පොල්ගහකින් කඩාගත්ත ගෙඩියක් විතරයි.... දෙවියන්ටවත් තමන්ගේ පාඩුවේ වැඩක් පලක් කරන්ගෙන ඉන්න බැරි තත්වයකට පත්වේවි, අපේ රටේ අයගේ කන්නලව්, පලිගැනීම් ආදිය ගැන අහන්න, යුක්තිය පසිදලන්න ගියොත් එහෙම ...(බ)
චරිත කෙනෙක්ගේ දුකකට පන්සලකට හෝ පල්ලියකට හෝ කෝවිලකට ගිහින් පුජාවක් තියන්න සෙනග ඕනි නෑ. තමන්ගේ හිතේ දුක කියන්න හොදේ.ඒ මනුස්සයාව මැරුවේ කව්ද කියල හැමෝම දන්නවා. බ)
දෙයියන්ගේනුත් ඉල්ලන් කන්නයි හදන්නේ,(බ)
එක්නැලිගොඩ කියන්නේ වීර පුරුෂයෙක් (නි)
දෙවියො කියා කොටසක් ඇත්නම් ඔවුන් ඉටුකරන්නේ සාධාරණයයි. ලංකාවේ බොහෝ දේශපාලඥයින්, ලොකු ලොක්කන් විවිධ ප්‍රශ්න වලට දේව කන්නලව් කරනවා. සාධාරණ මනුස්සයා කරන දේ දෙවියන් විසඳා දුන්නත් අසාධාරණ මනුස්සයා දෙවියන්ට පුද පුජා පැවැත්වූවාට දෙවියන් උදව් කරන්නේ නැත. මෙම ප්‍රවෘත්තිය ගැන නෙමෙයි මම මේ කියන්නේ, මං දන්න වෙන කෙනෙක් ගැනයි. (නි)
රුවන්, ඔබ ප්‍රභාකරන් ගැන සිතන්නේ කෙසේද? (නි)
රුවන්, ඔබට ඔහු වීරයෙක් වුණේ ඔබත් ඒ වගේද? (නි)
දැන් කට්ටියට මොකද වෙලා තියෙන්නේ.(හේ)
දැන් මේක විකාරයක් වෙලා තියෙන්නේ.(හේ)
මට පෙන විදියට මේක උසාවියට අපහාසයක් වගේ...(හේ)
ඔහොම යමු (නි)
පොල් ගැහුවට වැඩක් වෙන්නේ නෑ.(හේ)
දැන්ද මෙයාට ලංකාවේ දෙයියෝ මතක් වුනේ. (හේ)
අපරාදේ පොල් ගෙඩි ටික.(හේ)
ගමගේ ඔගේ අදහසට ස්තුතිය.(හේ)
දැන්ද මෙයාට ලංකාවේ දෙයියෝ මතක් වුනේ. (හේ)
ගහන පොල් තමන්ටම වදී. දෙවියන්ටත් අපහාස කරනවා (බ).
ඔය පොල් ගහන්නේ මිනිහටමයි . තමන් දාල ගිහින් වෙන ගැණු එක්ක ඉන්නවට (බ)
ඔය පොල් ගහන ගමන් ඉල්ලන්න හමුදාව රසායනික අවි භාවිත කළා සමුලඝාතන කළා කියල ජිනිව ගිහින් බොරු කියල අපේ රටට කළ පාපෙනුත් ගලවගන්න කියල. (බ)
රටට ජාතියට ඔහු වැරැද්දක් කර නැත්නම් ඔය ගහන පොල්ගෙඩි ඔක්කොම රිවස් වෙයි හොඳේ. (නි)
නෝනා මහත්තය කළ වැඩේ මුළු රටම දන්නවා. එ්ක ඔබතුමියට අලුත් දෙයක් නෙවිනේ (බ)
ප්‍රගීත් එක්නැලිගොඩ කෝටියක් වුණත් ඔහොම සුදුවෑන් වලින් ගෙනිහින් අතුරුදන් කරන්න පුළුවන්ද? මොනවා වුණත් නීතිය අනුව කටයුතු කළ යුතුයි (බ)
හොඳයි හොඳයි ඔහොම යමු (නි)
බයෙන් වගේ නේද පොල් ගහන්නේ? දවස් 7 යනකොට ප්‍රතිඵල ලැබෙයි. (නි)
මේ වෙන දේවල් වලට දෙවියොත් කෝපවෙන්න පුලුවන් (නි)
ඔබේ පැතුම් සඵල වේවා! (නි)
පොල් වලට සල්ලි කොහෙන්ද දන්නෙ නැහැ (නි)
ඔය මොනවා කළත් හැමෝම දන්නවා ඇත්ත (නි)
ත්‍රස්තවාදීන්ට අයිති මරණය පමණයි. (කෞ)
අම්මෝ! සූ ගාලා සෙනඟ. (නි)
අන්වර්....කාටත් පාඩු ඇති ඒ වගේ කෙනෙක් නැති උනාම ...ඒවගේ ජාතික හතුරෝ ගෙනියන්න සුදු වාහන හොඳ වැඩී ....මෙහෙ අතුරු දහන් උනා කිව්වට කොහෙන් හරි මතුවේවි ඩොලර් දිනාර් මිටි අස්සෙන්...(කෞ)
බොහොම හොඳයි. ප්‍රගීත්ගේ ක්‍රියාවන් නිසා අසාධාරණයක් වුණ අය ගැනත් කරුණු සළකලා බලලා දෙවියෝ සාධාරණ විසඳුමක් දේවි. (නි)
බස්නායක, මිසිස් එක්නැලිගොඩ පොල්ගහනවා.ඕව කියන්න එපා අනේ...........(කෞ)
පෝස්ටර් ගහලා ප්‍රචාරයක් දුන්නේ නැත්නම් දෙවියෝ බලන්නේ නැතුව ඇති (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
දෙවිවරුන් රවට්ටන්න බැහැ. (කෞ)
අධිකරණය පිළීබඳ විශ්වාස කරන්න (නි)
මේ මිනිස්සු තවම ජීවත් වන්නේ ගල් යුගයටත් එහා යුගයක.(කෞ)
ශ්‍රී ලංකා භූමිය තවම දෙවියන් ආරක්ෂා කරනවා. (නි)
අපිත් ඔබ සමඟයි (නි)
නීතිය අතටගෙන අපරාධ කළ අපරාධකරුවන්ට උපරිම දඬුවම් දියයුතුය (නි)
නියම එකමුතුව. ඔක්කොම 8 දෙනයි (නි)
පූජා වට්ටිය ඩොලර් වලින්ද ගත්තේ (කෞ)
හොරපොල් මන්ත්‍රීලා වගේ වැඩ කිරීමෙන් පලක් නැත. රටේ නිතිය හරිහැටි කෙරෙයි කියා සිතමු (නි)
දෙවියන්ට බොරු කරන්න බැහැ (නි)
කවුරුවත් කියන පළියට එක්නැලිගොඩට චෝදනා කරන්න එපා. තමන්ගේ මොළෙන් හිතන්න (නි)
බිරිඳ විදිහට හිතට දුක ඇති. තමන්ගේ ස්වාමියා තමන්ට ලොකුයි. දරුවන්ට තමන්ගේ පියා ලොකුයි. මොන වැරැද්ද කළත් එය තමයි පවුලක ඇති බැඳීම. නමුත් රටක් විදිහට/රටක පුරවැසියෙක් විදිහට ඔහු යම් වැරැද්දක් කර ඇත්නම් ඔහුට දඬුවම ලැබිය යුතුයි. ඔහු අහිංසකයෙක් නම්, නීතියෙන් පිහිටක් තිබිය යුතුයි. (නි)
කට්ටියගේ අදහස් ටික දැක්කහම මට ඇතිවෙන සතුට කියන්න බැරිතරම්. (නි)
ඉවසන්න ටිකක්. අපරාධකරුවන්ට දඬුවම් ලැබෙනවා සත්තයි (නි)
සිංහල බෞද්ධයාට හතුරුකම් කළොත් දෙවියෝ ඉතුරු ටික බලාගනියි. (නි)
රටක් පාවා දී සිතක් සැනසේද? (නි)
පොල් ගෙඩි ලක්ෂයකට වඩා මේ පොල් ගෙඩි පහ හොඳටම ඇති (නි)
හැම දෙයකටම දෙවියන් ඉදිරියේ වටිනා පොල්ගෙඩි කුඩු කරනවිට දෙවියන්ගේ දේවාශිර්වාදය නොලැබෙන බැවින් තම අරමුණ ඉටුකරගැනීමට මෙම පොල්ගෙඩි දෙවියන්ට පුදකළොත් නරකද? (නි)
දෙවියන්ගේ තීරණයත් බලමුකෝ (නි)
ඕවා නැවත කැරකිලා එයි. බලාගෙන (නි)
කවුරුත් කරන්නන් වාලේ කරන්න එපා. (නි)
දැන් දේව කන්නලව් කරනවා. ලැජ්ජයි අපිට නම් (නි)
එක්නැලිගොඩ මේ රටෙන්වත් මතුවෙයි කියලා මමත් හැමදාම විමසිල්ලෙන් ඉන්නේ. (නි)
මේ මාතාව දැන් හුදකලා වෙලා වගේ පෙනෙන්නේ. කෝ අර වටේ සිටි අය? (නි)
අපි මේ ගැන සානුකම්පිතව බැලිය යුතුයි (නි)