IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සින්දු කියන සල්මාන්

සුපිරි බොලිවුඩ් සල්මාන් ඛාන් ගායන කරන ගීතයක් මේ දිනවල අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. ඔහු ගයන මෙම Jag Ghoomeya ගීතය ඇතුළත්ව ඇත්තේ ජූලි 06 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති අලි අබ්බාස් සෆර්ගේ 'සුල්තාන්' චිත්‍රපටයේය. මේ වනවිට ක්‍රමයෙන් රසික පිරිස් අතර ජනප්‍රියව ඇති සල්මාන් ගයන මෙම ගීතය ඔහු ගායනා කරන තෙවැනි බොලිවුඩ් චිත්‍රපට ගීතය වෙනවා.

ඔහු පළමු වතාවට බොලිවුඩ් චිත්‍රපට ගීතයක් ගායනා කරනු ලැබුවේ 'ජුඩ්වා' චිත්‍රපටයේය. ඒ අනු මලික් සමගය. දෙවැන්න ඔහු විසින් පසුගිය වසරේ නිෂ්පාදනය කළ 'හීරෝ' චිත්‍රපටයේය. 'මේන් තේරා හීරෝ' නම් වූ එම ගීතයට ඉහළ රසික ප්‍රතිචාරද හිමි වුණා. මෙම Jag Ghoomeya ගීතය මුලින්ම ගායනා කරන්නට යෝජනා වී තිබුණේ ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායන අර්ජිත් සිංගේ හඬිනි. කෙසේ වෙතත්, ඔහු සල්මාන් සමග සිදුකරගත් අමනාපයක් නිසාවෙන් ඔහුට මෙම ගීතයට සම්බන්ධ වෙන්නට අවස්ථාවක් නොලැබුණි. එහෙත්, පසුව ඔහු සිය %ටිව්ටර්^ ගිණුම හරහා මේ සම්බන්ධය සල්මාන්ගෙන් සමාව අයැද ප්‍රකාශයක්ද නිකුත් කර තිබුණු බවද සඳහන්. නමුත්, සල්මාන් එයට පිළිතුරු ප්‍රකාශයක් ලබා දෙන්නට උත්සාහ නොකළ බවද මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කර ති‍බෙනවා.



අදහස් (0)

සින්දු කියන සල්මාන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site