සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සනත් ජයසූරිය ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකරන බව කියයි.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායක ධුරයෙන් ද ඉවත් වන බව පවසයි.
සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සනත් ජයසූරිය ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකරන බව කියයි.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායක ධුරයෙන් ද ඉවත් වන බව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි සනා ඔයාට දේශපලනය ගැලපෙන්නේ නැහැ ඔයාගේ ඉදිරි වැඩ සියල්ල සපල වේවා කියා ප්‍රාර්ථනා කරනවා. (ම)
හැකි නම් දැන්වත් තමන්ගේ ක්‍රීඩා දැනුමින් රටට සේවයක් කරන්න බලන්න. තේරීම් කමිටු වලට රිංගා ගෙන නෙවෙයි. ඈත පිටිසර ගම් වල දක්ෂ දරුවන් සොයාගෙන අන්න ඔවුනට ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න අත දෙන්න. ඔබට කැමති කැමති ක්‍රීඩකයන් නෙවෙයි. රටට වැඩක් අති වටිනා ක්‍රීඩකයන් බිහිකරන්න උදව කරන්න. ඔබෙන් ගිලිහුන අති මහත් ජන ප්‍රසාදය නැවත ඇති කරගෙන වැදගත් මහත්මයෙකු ලෙස සමාජයේ නමක් දින ගැනීමට ඇති එකම මග ඒක තමයි. (ර)
මෙයා දන්නවා මෙයාට මේපාර ඡන්ද නැහැ කියලා. ඇමති කාලේ මොනවාද කලේ... (ර)
හොඳ තීරණයක්, පරක්කු වෙලා හරි. (ර)
දැන්වත් ඔබට යථාර්තය පැහැදිලි වීම ගැන සතුටුයි. (ර)
දැන්වත් මොලේ පෑදුන එක ලොකු දෙයක් (නදී)
අන්තිමට කාටත් සත්‍ය තේරුණා නම් ගොඩක් හොඳයි. ලංකාවේ තියෙන්නේ අන්තිම ජරා දේශපාලනයක්. (නදී)
දේශපාලනයට එකතු වූ හැම ක්‍රිකට් ක්‍රීඩකයක්ම අසාර්ථකයි.....(ම)
ජන්දේ ඉල්ලුවත් පරදිනවා (ම)
දැං වත් තේරුන එක ලොකු දෙයක්. (ර)
යන්තම් ඇති මොලේ පැදුනා. (ර)
මෙතුමා මාතරට කරපු දෙයක් නම් මම දන්නේ නැහැ.(නදී)
අන්න හොදයි සනා, අපි කැමතියි එ්කට, ඔය දේශපලුවෝ ගොන්නට වැටුනම ඔබගේ නම කිලිටු වෙනවා, අපි කැමතියි ක්‍රිකට් පොත වෙනස් කරපු මාස්ටර්- බ්ලාස්ටර් සනත්ට විතරයි (නදී)
නොදන්න ක්‍රිකට් ගහන්න ගියාම ඔහොම තමයි (ම)
සනා, ඔබට දේශපාලනයෙන් නොලැබෙන ලොකු ගරුත්වයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබෙනවා. එමනිසා ක්‍රීඩාවට එකතුවී යමක් කරන්න බලන්න. (ර)
ප්‍රමදවෙලා හරි හොඳ තීරණයක්. දුෂිත දේශපාලනය සමග එක්වන්න එපා. (ර)
මිනිසුන්ට කරන්න පුළුවන් දේවලුත් තියනවා බැරි දේවලුත් තියනවා, හොඳින් කරන්න පුළුවන් දෙය කරන එක තමා ඇඟට ගුණ. (ර)
කමක් නැහැ.ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරපු එකම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා වීමේ වාර්තාව තියෙනවනේ.(හේ)
දේශපාලනයට ගැලපෙන්නේ ඩබල් ගේම් ගහන්න පුළුවන් කපටි අය. (ර)
අවුරුදු පහක් මන්ත්‍රී වෙලා හිටපුවහම ජීවිතේටම පැන්ෂන් එක ලැබෙනවා. ඉතින් මේ වගේ අය මෝඩ මිනිස්සුන්ට කොකා පෙන්නනවා, මොකුත් නොකර අවුරුදු පහ ඉඳලා,පැන්ෂන් යනවා. මෝඩ මිනිස්සු හිතන්ඩ ඕනේ බුද්ධිමතුන් හොයල ඡන්දෙ දෙන්ඩ බැට් එකක් වනපු පලියට දෙන්නේ නැතුව. (නදී)
පසුගිය ආණ්ඩු කාලේ නම් ඉතින් ඔක්කොම වගේ ඇමතිලානේ. (නි)