
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල්පතිවරයා හදිසියේ ස්ථාන මාරු කිරීමට එරෙහිව ආදි ශිෂ්‍යයන් මාපියන් ඇතුලු පිරිසක් පාසල ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක නිරත විය.
එහිදී අවංක නායකත්වයට මඟ අහුරන දූෂිත නිලධාරීන් පන්නා දමමු., විදුහල්පති මාරු කිරීම හෙලා දකිමු, සිසුන්ගේ අනාගතය බෙලිගන්නා පාලකයින්ට විරෝධය,පාසල දියුණුවේදී රිදෙන්නේ කාටද,වැඩ කරන විදුහල්පති ශාන්ත ජෝන්ට අරහන්ද,පාසලට නව ජීවයක් දුන් විදුහල්පති රැක ගනිමු , යන මෑයින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙසේ විරෝධතාවේ නියැළිණි.
වසරක් වැනි කෙටි කාලයක් තුළ මධ්‍යස්ථව පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කළ, හා පාසලේ විවිධ දූෂණ චෝදනා වලට සම්බන්ධ වූවන් ඉවත් කිරීමට පියවර ගෙන කෙටි කාලයක් තුළ පාසල නිවැරදි මාවතකට යොමු කිරීමට පියවර ගත් මෙම විදුහල්පතිවරයා ඉවත් කිරීම බලවත් අසාධාරණයක් බව විරෝධතාවට එක් වූ මාපියෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ව නිර්දෝෂී දේශපාලුවන් මේ රටේ නැති බවට හොදම උදාහරණයක්. අධ්‍යාපන ඇමතිණිය නොදැනුවත්ව මෙවැන්නක් සිදුවිය නොහැකි බව අමුතුවෙන් කිවයුතු නොවේ.
සුසිල් ප්‍රේමජයන්තගේ ඉස්කෝලේ, අවුරුදු ගානක් අධ්‍යාපන ඇමති සත 5ක සේවයක් කරේ නෑ. බන්දුල ගුණවර්ධන කොහොම කෙනෙක් වුනත් ගරා වැටුන ලුම්බිණි විද්‍යාලය හොදට හදලා ගත්තා. බැසිල් මොනතරම් හොරා කෑවත් තමන්ගේ ඉස්කෝලෙට ඉසිපතනයටත් වැඩක් කරා.
දූෂණයට සම්බන්ධ වූවන් හරිනිගේ මිතුරන් හෝ ඥාතීන් වත්ද?
තවමත් පරණ සෙල්ලම් දාන්න බලාගෙන කුලියට බෝඩ් උස්සන්න ඉන්නවා වගේ. රාජ්‍ය සේවකයෝ ස්ථාන මාරු ලබන්න ඕනේ. ඒක වැරැදි නම් ඒ නිලධාරියා බලා ගනීවි. මේ අය මොකටද කහින්නේ?