IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සාන්ත ජෝන් විදුහල්පති ඉවත් කළාට විරෝධයක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල්පතිවරයා හදිසියේ ස්ථාන මාරු කිරීමට එරෙහිව ආදි ශිෂ්‍යයන් මාපියන් ඇතුලු පිරිසක් පාසල ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක නිරත විය.

එහිදී අවංක නායකත්වයට මඟ අහුරන දූෂිත නිලධාරීන් පන්නා දමමු., විදුහල්පති මාරු කිරීම හෙලා දකිමු, සිසුන්ගේ අනාගතය බෙලිගන්නා පාලකයින්ට විරෝධය,පාසල දියුණුවේදී රිදෙන්නේ කාටද,වැඩ කරන විදුහල්පති ශාන්ත ජෝන්ට අරහන්ද,පාසලට නව ජීවයක් දුන් විදුහල්පති රැක ගනිමු , යන මෑයින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙසේ විරෝධතාවේ නියැළිණි.

වසරක් වැනි කෙටි කාලයක් තුළ මධ්‍යස්ථව පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කළ, හා පාසලේ විවිධ දූෂණ චෝදනා වලට සම්බන්ධ වූවන් ඉවත් කිරීමට පියවර ගෙන කෙටි කාලයක් තුළ පාසල නිවැරදි මාවතකට යොමු කිරීමට පියවර ගත් මෙම විදුහල්පතිවරයා ඉවත් කිරීම බලවත් අසාධාරණයක් බව විරෝධතාවට එක් වූ මාපියෝ පවසති.

 



අදහස් (4)

සාන්ත ජෝන් විදුහල්පති ඉවත් කළාට විරෝධයක්

Perakum Tuesday, 24 June 2025 11:04 PM

සර්ව නිර්දෝෂී දේශපාලුවන් මේ රටේ නැති බවට හොදම උදාහරණයක්. අධ්‍යාපන ඇමතිණිය නොදැනුවත්ව මෙවැන්නක් සිදුවිය නොහැකි බව අමුතුවෙන් කිවයුතු නොවේ.

:       3       1

රුවන් Wednesday, 25 June 2025 06:02 AM

සුසිල් ප්‍රේමජයන්තගේ ඉස්කෝලේ, අවුරුදු ගානක් අධ්‍යාපන ඇමති සත 5ක සේවයක් කරේ නෑ. බන්දුල ගුණවර්ධන කොහොම කෙනෙක් වුනත් ගරා වැටුන ලුම්බිණි විද්‍යාලය හොදට හදලා ගත්තා. බැසිල් මොනතරම් හොරා කෑවත් තමන්ගේ ඉස්කෝලෙට ඉසිපතනයටත් වැඩක් කරා.

:       4       0

Bunny Preena Wednesday, 25 June 2025 09:48 AM

දූෂණයට සම්බන්ධ වූවන් හරිනිගේ මිතුරන් හෝ ඥාතීන් වත්ද?

:       3       1

Rata Perata Wednesday, 25 June 2025 11:35 AM

තවමත් පරණ සෙල්ලම් දාන්න බලාගෙන කුලියට බෝඩ් උස්සන්න ඉන්නවා වගේ. රාජ්‍ය සේවකයෝ ස්ථාන මාරු ලබන්න ඕනේ. ඒක වැරැදි නම් ඒ නිලධාරියා බලා ගනීවි. මේ අය මොකටද කහින්නේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 277 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site