|
ශාන්ති පූනාව |
(සංඛ විජේසූරිය සීනිගම සිට ) හික්කඩුව,සීනිගම දෙවොල් දේවාලයේ 46 වැනි වාර්ෂික ඇසළ උත්සවයේ ප‍්‍රථම දිවා පෙරහර සීනිගම දේවාලයේ සිට තෙල්වත්ත පුරාණ තොටගමුව රජමහා විහාරය දක්වා ගොස් නැවත සීනිගම දේවාලය දක්වා පැමිණ අවසන් විය.
අලි ඇතුන් සහිත විශේෂ නැටුම් කණ්ඩායම් 30ක් පමණ සහභාගී වූ මෙම පෙරහරේ විශේෂත්වය වන්නේ ලංකාවේ පෙරහරක දකින්නට නොලැබෙන ශාන්ති පූනාව රැගෙන යන රථයයි. පුරාණයේ විජය සහ පණ්ඩුවාසුදේව දෙරජුන්ට කළ යාග ශාන්තී සිහිපත් කිරීමක් වශයෙන් සීනිගම පෙරහරෙහි ශාන්ති පූනාව ඉතා අලංකාර මණ්ඩපයක තබා ගෞරවාකාරයෙන් ගෙන යෑම සිරිතකි.
|
සීනිගම පෙරහැර ගමන් ගන්නා අයුරු |
|
ශාන්ති පූනාව සහිත රථය |
|
සීනිගම පෙරහරහි දෙවොල් දෙවි ප‍්‍රතිමාව පිටුපස ගමන් ගන්නා කුඩා ළමයින්ට සෙත් සාන්තිය පිනිස එම දරුවන් සමග ගමන් ගන්නා දෙමව්පියෝ |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd