බොලිවුඞ් සිනමාවේ නැගී එන නිළියක වන සොනක්ෂි සින්හා දින හතරක විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහනක් සඳහා පසුගිය 17 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණියාය. ඒ යුරෝපයේ සුප‍්‍රකට විලාසිතා සගරාවක් වන එල්- ඔෆීෂියල් හි විලාසිතා ඡායාරූප ගත කිරීමක් සඳහා රැසකට පෙනී සිටීමටය. ඇගේ මෙම සංචාරය සංවිධානය කර ඇත්තේ ශී‍්‍ර සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සහ ඉවෙන්ට් කන්සෙප්ට් ආයතනයයි.
මෙම ඡායාරූපවල පසුබිම් දර්ශන සඳහා තෝරාගෙන ඇත්තේ සීගිරිය අවට ප‍්‍රදේශයි ඊට අමතරව ශී‍්‍ර ලංකාවේ සුන්දර මුහුදු තීරය ද මෙම ඡායාරූප සඳහා දර්ශන තල ලෙස සඳහා යොදා ගනු ඇත.
සොනක්ෂි තම මුල්ම චිත‍්‍රපටිය වූ ඩබාන්ග් හි රගපෑ චරිතයෙන් සම්මාන ගණනකටම හිමිකම් කීම රංගන ශිල්පිනියක හැටියට ඇය ලද භාග්‍යයකි. ඇය එහි තම මුල්ම රඟපෑම ඉදිරිපත් කළේ සල්මන් ඛාන් සමඟය.
ඇය තම වෘත්තියමය ජීවිතය ආරම්භ කළේ මෝස්තර නිරූපිකාවක ලෙසය. නැගී එන හොඳම නිළිය ලෙස 2011 ෆිල්ම්ෆෙයා, සී සිනේ,ස්ටාර් ඩස්ට් ආදී ඉන්දියාවේ විවිධ සම්මාන රැසකින් පිදුම් ලැබූ සොනක්ෂි පසුගියදා කොළඹදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසුවේ ශ‍්‍රී ලංකාවට පැමිණී පසු එය ඇයගේ නිවස ලෙස දැනුණු බවයි.
‘‘ ශී‍්‍ර ලංකාවේ ජනතාව මාව උණුසුම් ලෙස ආදරයෙන් පිළිගත්තා-මෙය මා ශී‍්‍ර ලංකාවට පැමිණි දෙවැනි සංචාරයයි. ඇත්තෙන්ම ශී‍්‍ර ලංකාව හරිම ලස්සන රටක් ’’ඇය කීවාය.
සොනක්‍ෂි නිළියක ලෙස මෑතකදී සිනමාවට එක් වුවද ඇයගේ පියා 70 හා 80 දශකවලදී ඉමහත් ජනප‍්‍රියත්වයක් ලද සිනමා නළුවකු වූ ශතෘගන් සිංහාය. වඩාත්ම පේ‍්‍රක්‍ෂකයන් ඔහු හඳුනාගෙන ඇත්තේ දුෂ්ඨ චරිත රඟපෑ නළුවකු ලෙසය. ශතෘගන් ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙසද කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ පැවැත්වූ අයිෆා සම්මාන උළෙලටද ඔහු සහභාගි විය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ වන්දනාවට හරි ගිය කෙනෙක් දන්නවා එහෙ කොහොමද කියල ! ඉතින් මෙහෙ දැකල වශී වෙන එක අහන්න දෙයක් ද
අපේ රටට මුළු ලොවම වශී වුණා. අද විතරක් නොව අතීතයේ සිටම (ස)
ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන් ලංකාවට වශීවුණා කියන එක හාස්සයට කරුණක් නොවේ. මක්නිසාද යති ලංකාව මුතු ඇටයක් නිසා