2016-10-27-ent-49

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුනිළි යුවලක් වන සොනක්ෂි සින්හා හා ජෝන් ඒබ්‍ර්හිම් දෙදෙනා රංගනයෙන් දායක වන "Froce 2" චිත්‍රපටය නොවැම්බර් 18 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව ඇත. මේ දිනවල එහි ප්‍රචාරක කටයුතු වලට එක්වෙමින් ඉතා කාර්යබහුලව සිටින ජෝන් මෙන්ම සොනක්ෂිද මාධ්‍යය හමුවේ පවසන්නේ මෙම චිත්‍රපටය අති සාර්ථක කර ගැනීමට වඩාත් මහන්සි ගන්නා බවය.

සොනක්ෂි අවසන් වරට දායක වු "අකීරා" හා ජෝන් රංගනයෙන් එක්වු "ඩිෂුම්" චිත්‍රපට අසාර්ථක විය. මේ නිසාවෙන් මොවුන් දෙදෙනා "Froce 2" චිත්‍රපටය සාර්ථක කර ගැනීමට මේතරම් මහන්සි ගන්නා හේතුව බවට පත්ව ඇත. මෙම චිත්‍රපටය චිනයේ, මැලේසියාවේ මෙන්ම තායිලන්තයේද රූපගත කරනු ලැබු අතර, "Froce 2" චිත්‍රපටය එම රටවල් වලද වැඩි වශයෙන් ප්‍රදර්ශන කිරීමට මෙම චිත්‍රපට කණ්ඩායම පියවරගෙන ඇති බවටද තොරතුරු ලැබේ.

 

2016-10-27-ent-50