රාජය ආයතන හෝ වෙනත් ස්ථාන වල තේපැනින් කෙරෙන සංග්‍රහයන් වලදී සීනි බඳුන් වෙනම තබා ඒවායේ ‘සීනි භාවිතය රෝග රැසකට මුල පුරයි‘ යනුවෙන් අවවාදාත්මක වැකියක් සහිත ස්ටිකරයක් අලවන්නැයි සෞඛ්‍යය අමාත්‍යංශය සියලු රාජ්‍ය ආයතන වලට චක්‍රලේඛයක් යවමින් දන්වා ඇත.
ශ්‍රීලාංකිකයින්ගේ සීනි භාවිතය ඉතාම ඉහළ මට්ටමක පවතින බවත් එක් පුද්ගලයෙකු වසරකට සීනි කිලෝ 30 ක් පමණ භාවිතා කරන බවත් එබැවින් තේ පැන් සංග්‍රහවලදී හෝ වෙනත් ආහාරපාන සංග්‍රහ වලදී හැකිතාක් සීනි භාවිතය අවම කරන්නැයි ජනතාවට උපදෙස් දෙන බවත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක පාලිත මහීපාල කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කන සෑම අාහාරයකම සිරුරට අවශ්‍ය සිනි ඇතුලත්. තේ කෝප්පයට සිනි දමනවා කියන්නේ විස දැමීමක්.දියුණු රටවල සිනි වෙනම බදුන් වල තියන්නේ.සමහරු අදහ ස් දල තියෙන්නේ කිසිම දැනීමක් නැතුව.ස්ටෙවියා සිනිවලට ආදේශකයක් . (ම)
"අන්දරේ වැලි කියමින් ඇතිපදම් සීනි කෑ නිසා, අතපය සතර අතට විහිදා, පරලොව ගියේය".ඇතුළු කරමු ළමා පොතට. බිය වද්දමු 'පොඩිත්තන් " කුඩා කල සිටම සීනිවලට. (අ)
සිගරට්වල කතාන්දරය අමතක කරන්නද දන්නැනේ (අ)
එන පොට හොඳ නෑකෙල්ල ගෙට ගැන කීවලු, අපේ ගේ ඉස්සරහ කිතුල් ගහ මැදගන්න වෙලාව හරි වගේ. එතකොට සිංහල අවුරුද්ද කාලෙට කැවුම් ටිකක් එහෙම හදන්න පුළුවන් නේ. දුප්පත් සියලුම ලාංකිකයන්ට ඔය වත්තක තියන පොල් ගහක් කිතුල් ගහක් මැද ගන්න දුන්නා නම් සිනි ආනයනය අඩු වෙනවා විතරක් නෙමේ බාර් පෝලිමත් කෙටි වේවි අනේ. ජනතාව අතේ මුදල් ඉතිරිවෙන ක්‍රමයක් මම මේ කීවේ. (අ)
මෙයාල දන්නේ ඔය වගේ බොළඳ වැඩ. සිගරට් පැකට් වල පින්තුර සහ සීනි වලට ලේබල් . . . අනේ මන්ද. රටේ සංවර්ධන වැඩ මුකුත් නැහැ. පුදුම ආදරයක් රට වැසියන් ගැන තියෙන්නේ මගේ අප්පේ (අ)
අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ. ඉස්සෙල්ලම තහනම් කරමු දියවන්නා වැවේ හෝටලේට ගේන සීනි. ගණන් වැඩි කරන්න ඕනේ (ම)
සිනි වෙනුවට භාවිතයට ගතහැකි අතුරු නිර්දේශයක් නැද්ද? (ම)
මේක පතෝල ආණ්ඩුවක්. ළඟදීම දියවන්නාවේ මැස්ස කඩාවැටීමට නියමිතයි. (ම)
අපි ගැන මේ තරම් සිතන ආණ්ඩුව! කරුණාකරලා අහස උසට නැගපු බදු මිල අඩු තරමේ, ජනවාරි මාසයේ මිලටවත් ගෙනල්ල දෙන්න. කාවද මේ රවටන්නේ, දුප්පත් අපිවද? (බ)
හැබැයි ඉතින් මේකට විසඳුම අර සිගරට්වලට වගේ මිල වැඩි කරන එක නෙමෙයි. (බ)
අපේ මිනිස්සු සීනි කියල හිතාගෙන ඉන්නෙ එකක්..ඒත් ඇත්තටම සීනි කෑමෙන් පරිස්සම් වෙන්න කියන්නෙ තව එක්ක. ගොඩක් කෑම වල සීනි තියනවා, විශේෂයෙන් බීම වගී වල.තේ කෝප්පෙකට දාන සීනි හැඳි දෙක තුන පාලනය කලා කියල සීනි කාම පාලනය වෙන්නෙ නෑ.(ම)
හොඳ වැඩකට උදව් කරමු. (ර)
මේ ගොල්ලෝ දන්නේ නැද්ද සිනි මට්ටම ඉහල යන්න බලපාන බහුලම හේතුකාරකය බත් සහ පාන් කියලා. ඔය ලේබලේ පාන් ගෙඩියෙයි බත් පිගානෙයි ගහන්න කියන්න. (ර)
හොඳ වැඩක්. (ර)
මම ඉස්සර තේ එකට සීනි හැඳි තුනක් දාගන්නවා. දැන් සීනි නැතුව තේ කෝප්පයේ නියම රස විඳිනවා. අප කන බත්, පාන්, රසකැවිලි හැමදේම සීනි. සීනි නැතුව දිගු කලක් ජීවත්විය හැකියි. සීනි මිනිස් සිරුරට විසයි. (නි)
මහ මෝඩ විදියට සමහරු අදහස් දාලා තියෙන්නේ. සීනි කියන්නේ වහ කනවා වගේ දෙයක්. අපි වගේ සීනි පිටි ගිලින්නේ නැහැ මොළයක් ඇති මිනිස්සු. වෙනත් රටවලත් මේ වගේ වැඩ කරලා තමයි අධික සීනි ලුනු භාවිතය රටේ අඩුකරලා මහජනතාවගේ සෞඛ්‍ය දියුණු කරලා අද වෙනකොට වැඩි ආයුෂ භුක්ති විඳින්නේ. රටේ හැමදේම එක රැයකින් හදන්න බැහැ. එක එකවත් හදාගත්තොත් අපි දිනුම්. නැත්නම් හැමදාම අඳුරෙම තමයි. (නි)
සංවර්ධනය වගේම රටේ ජනතාව නිරෝගිමත් කරන්නත් ඕනෑ. මුළු ජනගහණයෙන් 18% ක් දියවැඩියා ලෙඩ්ඩු. විහිළුවක් වගේ පෙනුනාට ටෙනිසන්ගේ අදහස නියමයි (නි)
අපිට අවශ්‍ය දේවල් අවශ්‍ය තරමට ගෙන ස්වයං පාලනයක් කරගනිමු. එතකොට ඇඟටත් හොඳයි. පොකට්ටුවටත් හොඳයි. කොහොමටත් ඉස්තරම් තේ ලැබෙනවා නම් කිසිම රසයක් එකතු නොකර පානය කිරීමට පුළුවන්. (නි)
සිගරැට් පැකට් වල වගේ පාන් ගෙඩිවලත් ඔය දැන්වීම ගහන්න අනිවාර්ය කරමුද? (නි)
ඔය වැඩේම හාල් වලටත් කරන්න ඕනෑ. කොහේදෝ කියලා තියනවා දැක්කා බත් කෑවහමත් දියවැඩියාව හැදෙන්න පුළුවන් කියලා. සහල් මිල තවත් වැඩිකරලා, විකිණීමත් සීමාකරන්න ඕනෑ. (නි)
අන්තිමට අපට කන්න වෙන්නේ තණකොළ,පිදුරු, පුන්නක්කු වගේ දේවල් තමයි. මොකද ඒවා කන උදවියට ලෙඩ අඩුයි (නි)
සිනි ළඟදීම මිල ඉහළ යයි වගේ. පෙරනිමිති. (බ)
එක හොඳ වැඩක්. පාසලලේදීත් ළමයින්ව දැනුවත් කරන්න ඕන. ඕනෑම දෙයක් ප්‍රමාණයට කන්න ඕන.අපිට ජීවත් වෙන්න සීනිත් ඕන පිටිත් ඕන තෙලුත් ඕන. හැමදේම ගානට කාල ව්‍යායාම කලානම් හරි. (ම)
ඇත්ත ඇත්ත. (ර)
නියමයි.. තවත් මිල ඉහල යමක් (අ)