2016-06-06-ent-58

බොලිවුඩයේ සරාගී නිළි සනී ලියෝන් ලේඛිකාවක් වෙන්න යන බවටයි ඉන්දියානු ගොසිප් වෙබ් අඩවි විසින් වාර්තා කරන්නේ. එයට හේතුව වන්නේ ඇය විසින් “ස්වීට් ඩ්‍රීම්ස්” නමින් ග්‍රන්ථයක් රචනා කිරීමට යන නිසයි.

සනීගේ %ස්වීට් ඩ්‍රීම්ස්^ පොතේ කෙටි කතා 12ක් ලියන්න ඇය බලාපොරොත්තු වෙනවලු. ස්වීට් ඩ්‍රීම්ස් කිව්වට පොතේ ලියවෙන්නේ රස කර කර කියවන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා සනී කියල තිබුණා.

ඒ හැම කතාවක්ම යම් කාලයක යම් කෙනෙකුගේ අත්දැකීමක් බවයි සනී කියන්නේ. හැබැයි ඒ යම් කෙනා කවුද කියල නම් සනී කියන්නෙ නෑ. ඉදිරි මාස තුන ඇතුළත මේ කතා 12 ලියල ඉවර කරන්නත් සනී බලාපොරොත්තු වෙනවලු.

සනීගේ චරිතය ගැන දන්නා බොහෝ දෙනා ඒ කතාත් වැඩිහිටියන්ට පමණයි වර්ගයේ කතාවලට සීමා වෙයි කියලයි කියන්නේ. නමුත් එවැනි කටකතා සනී පිළි නොගන්නා බව සඳහන් කර තිබෙනවා.

ස්වීට් ඩ්‍රීම්ස් කියවගෙන යද්දී ත්‍රාසය, භීතිය, වීරත්වය වෙනුවට ප්‍රේමය, කාමාශාව, රාගය වගේ හැඟීම් ඇති නොවුනොත් ඒක ලෙඩක් බවයි සනී කියන්නේ.
 

2016-06-06-ent-63
2016-06-06-ent-62
2016-06-06-ent-61
2016-06-06-ent-60
2016-06-06-ent-59
2016-06-06-ent-57
2016-06-06-ent-56