ආනයනික සීනි මත පනවා තිබූ බද්ද අද (18) මධ්‍යම රාත්‍රියේ සිට සත 25ක් දක්වා පහත දැමීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව මෙතෙක් ආනයනික සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රුපියල් 30ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 29.75කින් පහත දැමෙනු ඇත. සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ දී මතු වූ අර්බුදකාරී තත්ත්වය මෙමගින් පහව යනු ඇතැයි රජය කියයි. මේ වන විට සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 95කි.
වාර්ෂිකව ශ්‍රී ලංකාවට සීනි මෙට්‍රික් ටොන් 650,000ක් පමණ ආනයනය කරනු ලබයි. එම ප්‍රමාණය මෙරට සීනි පරිභෝජනයෙන් 92%කි. දේශීය වශයෙන් සීනි නිෂ්පාදනය කරනු ලබන්නේ දළ වශයෙන් මෙට්‍රික් ටොන් 56,000ක් පමණි. එය සමස්ත පරිභෝජනයෙන් 8%කි.
COMMENTS
රාජිත කිව්වේ මිල වැඩි කරලා සිනි පරිබෝජනය අඩුකරනවා කියලනේ. ඒ ප්‍රතිපත්තියට මොකද වුනේ? මේ ආණ්ඩුවේ කිසිම එකගතාවයක් නෑ. මෙහෙම ආණ්ඩුවක් ගෙනියන්න බෑ (බ)
ඔහොම බඩු මිල ගණන් අඩුකරන්න ගියොත් ආණ්ඩුව ගෙනියන්නේ කොහොමද මන්දා. (නි)
එතකොට සීනි රුපියල් 29.75 කින් ගණන් අඩුවෙනවද? (නි)
ඡන්දෙට සීනිබෝල හදන්න වාගේ සූදානම් වෙන්නේ (නි)
ඡන්දෙට කලින්, මිනිසුන්ට සීනිබෝල දීලා රවට්ටාගන්නයි බලන්නේ. (නි)
ඔන්න ජනතාවට දියවැඩියාව හදවන්න හදනවා මේක විදේශ කුමන්ත්‍රණයක්...? (ම)
සමහරක්ට සීනි මිල වැඩි කලත් වැරදියි. අඩු කලත් වැරදියි. එහෙනම් මොනවද කරන්නේ කියල කියල හිටිය නම් නේද හොඳ? (ම)
නිෂ්පාදනය වැඩි කරන ක්‍රමත් හොයන්න වෙනවා. නිෂ්පාදන වියදම් අඩුකරන විදියකුත් හොයන්න වෙනවා. නැතිනම් තව ටික කාලයකින් 100% ආනයනය කරන්න තමයි වෙන්නේ (බ)
හ්ම්ම්.. දැන් ඉතින් දියවැඩියාව පාලනය කරනවා බොරු.. බත් වෙනුවටත් සීනි කයි..(ම)
සත 25ක් පහළට දාලා මොනා කරන්නද?(හේ)
මට අන්දරේ මතක් වුනා. "උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස් " (බ)
දේශීය වශයෙන් සීනි නිෂ්පාදනය කරනු ලබන්නේ සමස්ත පරිභෝජනයෙන් 8%කි. ජාතියක් වශයෙන් ලැජ්ජා විය යුතුයි (නි)
කොහොමටත් සීනි මිල කියන්නේ ලංකාවේ ජනතාවගේ හදවතටම වදින දෙයක්. එක්තරා විදේශික සඟරාවක කියවපු පරිදි ලාංකිකයෝ අතේ ඇළෙන ගන්නට තේ කෝප්පයකට සීනි දමාදෙන්නේ වැඩි ආගන්තුක සත්කාරය දක්වන්නලු. (නි)
දැන් පැණිරස කැවිලි සහ තේ මිල බහීද? (නි)
උක් කරමාන්තය රටට ගැලපෙන තරමට පමණක් දියුණු කර රටේ වන ගහනය ආරක්ෂා කරන ගමන් පමණි උක් වගාව වැඩි කළ යුත්තේ උක් වගාවෙන් සීනිවලට වඩා හකුරු හදන්න බලනවා නම් දියවැඩියාව පාලනය කළ හැකි වෙනවා (හේ)
මේ බද්ද නම් වැඩිකළාට කමක් නැහැ. ලංකාවේ සීනි පරිභෝජනය අඩු කරන්න ඕනෑ. අපේ කට්ටිය තේ කෝපි බොනවා කියලා බොන්නේ සීනි. පැණි රස දේවල් කනවත් වැඩියි. (නි)
සීනි කන්න එපා. අල,බතල,බත් ඔය හැමදෙයකින්ම ශරීරයට අවශ්‍ය සීනි ලැබෙනවා. කොපමණ කිවුවත් අහන අය අඩුයි. පළතුරක් කන්න පුරුදු වෙන්න. (නි)
අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහලා පලක් නැහැ කියලා සමහරක්ට වැටහෙද්දී, වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. (නි)