මැයි දින රැලිය අවසන් වූ වහාම ජනතා විමුක්ති පෙරමුණ මහ රෑ වන තුරු කොළඹ බී.ආර්.සී පිටිය පිරිසිදු කර නගර සභාවට බාර දුන් බව දැන ගන්නට ඇත. සෙසු බොහෝ තැන් වල ගොඩ ගැසුණු වතුර බෝතල් කෑම පෙට්ටි ආදිය තැන තැන විසිරී තිබිණ. පලාත් පාලන ආයතන සේවකයන් යොදවා එම කුණු ඇදීම අද (02) සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර කොපමණ හොද වුණත් මධ්‍යසාර වලට තමා ඉල්ලුම (ම)
ජවිපෙ දේශපාලන භාවිතාවත් අනෙක් පක්ෂ වලට වඩා පිරිසිදුයි. ජවිපෙ දේශපාලනය මේ රටට විතරක් නෙවෙයි, ජත්‍යන්තරයට ආදර්ශයක්. (ර)
මෙය හැමදාම පෙළපාලියක් අවසානේ කරන හොද වැඩක්. (ර)
ඕක අලුතින් කියන්න ඕනේ නෑ. ජවිපෙ හැම මැයි පෙළපාලියක් අවසානේ කරන හොද වැඩක්. (ර)
ගුණවර්ධන පැරිස් , කෙතරම් ප්‍රනීත සුවද කෑම තිබුනද ඌරො එහි ගුණ වර්ණනා නොකරති . එය නියම සංග්‍රහයක් සේ නොසලකති. (ර)
තිස්ස ප්‍රාදේශීය සභාව මොවුන් අතේ තියෙන තුරු එම නගරය සෑම සතියකටම වරක් සෝදා පිරිසිදු කරා. තිස්ස ප්‍රාදේශීය සභාව රටේ හොදම ප්‍රාදේශීය සභාව උනා. මෙවන් පිරිසකට රට අවුරුදු 5 දීල බලමුද? (ර)
ගුනවර්දන පැරිස්, අයෙකුගේ ගුණ, නුගුණ ලෙස දකින කුහක කමක මහත. ඔය මහත්තයා කියන විදියට අනිත් පක්ෂ වල බොක්ක පිරිසුදුද ? මතක ඇති කාලයකට ඇමති කම් පවා ප්‍රතික්ෂේප කරමින් තමාගේ පක්ෂයේ ප්‍රතිපත්තියේම පිහිටලා හිටපු එකම පක්ෂය ජ වී පෙ විතරයි. (ර)
ජවිපෙට අපේ ප්‍රණාමය. (ර)
හොඳ වැඩක්.(හේ)
පක්ෂයෙන් ඉටු කෙරෙන සෑම පොදු කටයුත්තකදීම මෙම විශේෂිත හැසිරීම්රටාව මනාව දැකගතහැක.(හේ)
අනිත් ක්‍රිඩාපිටි ගන්න දෙයක් නැතුව ඇති.(හේ)
ඉතාමත් විශිෂ්ට ක්‍රියාවක්. (නි)
හැමදාම ජවිපෙට බනින අයට මේකට මොකක්ද කියන්න තියෙන්නේ? (ම)
මෙන්න මේ සිරිත ඇයි අනෙක් පක්ෂවලට අනුගමනය කරන්න බැරි? ඒ සඳහා නායකත්වයෙන් ආදර්ශය හා මගපෙන්වීම ලැබිය යුතුයි. (ර)
නියමයි. මේක කාටත් හොද පාඩමක්.(ම)
නියම හැදියාවක් ඇති සත්‍ය දකින සත්‍ය කියන පිරිසක්. හොඳ නිදසුනක් සියලුදෙනාටම. (ම)
ජනතා විමුක්ති පෙරමුණ එහෙම කලා නම් අනෙකුත් දේශපාලන පක්ෂ මෙය ආදර්ශයට ගත යුතුයි. (ම)
අවවාදයට වඩා ආදර්ශයේ ඇති උතුම් බව.. (ර)
මේ පක්ෂයට ජනතාව තාම සලකන්නේ නැත්තේ ඇයි? ගතානුගතිකව පක්ෂ වල එල්ලිලා ඉන්නේ නැතිව ජනතාව දිනවන්නන් ඉදිරියට ගෙන ආ යුතුයි. (ර)
ඔහොම යන් ඔහොම යන්. ඔබලාගෙන් ඈත්වූ අය නැවත ඔබලා දෙස බලන්න පටන් ගන්න මේවා හොඳ ආදර්ශ. (ර)
ජනතා විමුක්ති පෙරමුණට ඇවිත් හිටපු සෙනග හැටියට ඕක මහා ලොකු දෙයක් නෙවෙයි. (ර)
හොද ආදර්ශයක් අනිත් හැමෝටම (බ)
ජවිපෙ කවදත් මේ වගේ හොඳ වැඩ කළා. (ර)
හැමදාම මහපක්ෂ දෙකට තට්ටු මාරු ක්‍රමයට බලය දෙනවට වඩා හොදයි එක වරක් හෝ ජේ වී පි එකට බලය දීලා බලන එක. (ර)
ඔය වැඩේ හැම සැරේම කරනවා. ජවිපෙ විතරයි ඔහොම නීට් එකට වැඩක් කරන්නේ. (ර)
කොතරම් හොද වැඩ කලත් ජනතා විමුක්ති පෙරමුණ ගැන ජනතාවට තියෙන්නේ බයක් නැත්නම් මෙතරම් හොද ආදර්ශ රටට දෙන පක්ෂයකට මොකද රටේ පාලනය නොදෙන්නේ. (ර)
ජේවීපී එකට රට බාරදුන්න කියන්නෙ දෙමව්පියන් හැටියට අපට දරුවන්ගේ අනාගතය ගැන විදවන්නේ නැතිව නිදහසේ මැරෙන දවසක මැරෙන්න පුළුවන්. (බ)
සතුරෙකුගේ වුණත් හොඳ දේවල් ගන්න ඉගෙන ගන්න (බ)
අන්තෝ අසුද්ධා බහී සෝබමාන . න වන්න රුපය නරෝසුගනෝ . (ඇතුලත සුද්ද කරනොගෙන පිටත සුද්ද කිරීමෙන් පලක් නොවෙයි) (ර)
දේශපාලනයත් සුපිරිසුදු වේවා.! (ර )
මේක අලුත් දෙයක් නෙවෙය්. ජ.වී.පෙ. හැමදාම එහෙම කරනවා. (ර)
හොද දේ අගයනවා. (ර)
හොද දෙයක්.කවුරුත් ආදර්ශයට ගත යුතු ක්‍රියාවක්.(හේ)
හොද වැඩක්. බලන්න ඒකට කිරුලපන බේස් ලයින් පාරයි හයි ලෙවල් පාරයි.ගන්න දෙයක් නැහැ. මේවට ආවේ මිනිස්සුද කියල හිතෙනවා. (හේ)
ඔන්න යහපාලනේ (හේ)
මේ වැනි හොද දේවල් මාධ්‍ය මඟින් ප්‍රචලිත කළ යුතුයි .(හේ)
ජවිපෙට හැමදාම බනින අය අද මේක ගැන කතා නැත්තේ ඇයි? (බ)
මේ ගොල්ලන්ගේ වර්තමාන දේශපාලන භාවිතාව නම් මෙලෝ රහක් නැතිවුණාට මෙම සද් කාර්යය නම් ඉහලින් අගය කළ යුතුය. (බ)
ජනතා විමුක්ති පෙරමුණ අන් හැමටම ආදර්ශයක් (නි)
ජනතා විමුක්ති පෙරමුණේ තියෙන වෙනස මේකයි. ඔළුව කැක්කුමට කොට්ටේ මාරුකරනවා වගේ හැමදාම කරන පක්ෂ දෙක මාරුකරන වැඩේ නවත්තලා එක සැරේකට හරි ජවිපෙට බලය දීලා බලන්න අවශ්‍යයි. අනිත් පක්ෂ හැමදාම කළේ අපිව රවටන එක විතරයි. අනික කවුරු කළත් හොඳ වැඩේ හොඳයි කියන්න අපි පුරුදු වෙන්න ඕනෑ. (නි)
හොඳ ආදර්ශයක් . මේ බව මාධ්‍ය වලින් පෙන්වා දිය යුතුවේ .(ම)
ඔබලාගේ යහපත් පිරිසිදු දේශපාලනය ජනතාවට නොදනිම ගැන ඉතා කණගාටු වෙමි. (ර)
ඉතා හොඳ වැඩක්. (ර)