ව්‍යාපාරිකා සුදර්මා නෙත්තිකුමාරට එරෙහිව නිකුත් කළ වරෙන්තුව අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ආපසු කැඳැවීය.
නෙත්තිකුමාර මහත්මිය අද අධිකරණයට ඉදිරිපත් වුවාය.
ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ පන්නිපිටියේ සමන්ත දිල්රුක්ෂණ නම් ව්‍යාපාරිකයාගෙන් ගත් බව කියන රුපියල් ලක්ෂ පනහක් ලාභාංශ ද සහිතව නොගෙවීමෙන් විශ්වාසය කඩ කළැයි කැර ඇති පැමිණීල්ල උපදෙස් පතා නීතීපති ට යොමු කැර ඇති බවයි.
එම උපදෙස් ලැබෙන තුරු ඇය සැකකාරියක නොවන බව කී නීතීඥවරයා ඇයට එරෙහි වරෙන්තුව ඉවත් කරන්නැයි ද ඉල්ලා සිටියේය.
ඒ අනුව වරෙන්තුව ආපසු කැඳැවු මහේස්ත්‍රාත් ඇයට පැවසුයේ යළි දැනුම් දුන් විටක අධිකරණයේ පෙනී සිටින ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ චන්දෙට ඉල්ලුවා නම් උඩින්ම දිනනවා. එහෙම නම් නඩු හබ ප්‍රශ්න මොනවත් නැහැ. (ස)
කලාවට අත හිත දෙන මෙවැනි සුරූපී කාන්තාවන්ට හිරි හැර කිරීම අපි හෙලා දකිමු (අ)
පුදුමේ කියන්නේ! මෙච්චර හොඳට නිතිය ක්‍රියාත්මක වෙන රටේ නීතියක් නැහැ කියලනේ මේ මිනිස්සු කියන්නේ? (ස)
ආනේ...... අහිංසක ළමය. ඔය විදියට බේරුණ එක කොච්චර දෙයක්ද? ඔය ළමයව අමාරුවේ දාන්න හදපු අයට හොඳක් වෙන්න එපා. (අ)
පේන්නේ නම් දේශපාලනයටත් සුදුසුයි වගේ.
එයාට යැව්ව නම් ස්ථිර වශයෙන්ම සාධාරණ තීන්දුවක් ලඟදීම බලාපොරොත්තු වෙමු. (ස)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්දෙ ඉල්ලුවා නම් ලක්ෂ 4-5 ක් ලෙහෙසියෙන්ම ගන්න තිබුණා. (අ)