ව්‍යාපාරිකයකුගේ රුපියල් පනස් ලක්ෂයක් වංචා කළැයි කියන නඩුවකට අවස්ථා තුනක දී පෙනී නොසිටියැයි සුධර්මා නෙත්තිකුමාරට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තු නිකුත් කළේය.
නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා සහ නීතීඥ රොකී ආරියරත්න මහත්මිය අගතියට පත් ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටියහ.
නඩුව ඔක්තෝබර 01 වැනි දිනට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! කාන්තාවනුත් දැන් මෙහෙම වෙනකොට ඉදිරිය කෙසේ වේවිද මන්දා? (නි)
මේ සූදු පොලේ කතාවේ කොටස්ද? හරියට විස්තර දාන්න ඕන නේ? (ස)
සූදු පොළේ ප්‍රශ්නයක් ද ? (ස)
නෙත්තිකුමාරලා ගැන හොඳ හොඳ ආරංචි නේ ලැබෙන්නේ.(නදී)
මේ කියන්නේ පාඨක සභාවේ තරුණ පුතාලටයි. කවදා හරි ගුණ යහපත් සාමාන්‍ය තරමටවත් දැන උගත් මුල මතක තියන වැදගත් නෝනා කෙනෙක් හොයාගන්න. එහෙම බැරි වුණු මහත්තුරුන් ට අන්තිමට නෝනලා එක්ක නඩු හබත් ලැබෙනවා. (ස)
ලලින්ද්‍ර මෙයාට නෙවෙයි. මේ නෝනාට සම්බන්ධ උදවියට තමා බලය තියෙන්නේ.(ස)
අයියෝ නෝනා. (ස)
බලවත් ඇමති කෙනෙක් එක්කත් මෙයාගේ නම ගැවිලා තිබුනා නේද, එතුමාගේ නෝනත් එක්ක මෙයා සල්ලි පොලියට දුන්න කියලත් ලියලා තියෙනවා දැක්කා (අ)
ගුණසිරි මහත්මයා සීයට සියයක් හරි.(දිල්)
මට පුදුම, කාන්තාවක් මෙතන අදහසක් දැම්මොත් කලබල වෙන අපේ ප්‍රසිද්ධ පාඨක භවතෙක් අද මේ නෝනා සම්බන්ධයෙන් 'හ්ම්' කියලාවත් නැහැ. ඒකෙන්ම පේනවා ඇයගේ බල පරාක්‍රමය! (නි)
කාන්තාවනුත් පෙරට එන කාලය ඇවිල්ලා වගෙයි (නි)
අදහසක් දාන්න හිතෙනවා. එත් බයයි. සුදු වෑන් එකක් ගෙදරට එව්වොත්? (නදී)
දැන් ඉතින් මොනවා වෙයිද? (නි)
ඒක නේන්නම් කාන්ති, වෙනදාට කුසුම් ලාට නිලූ ලා ට වචනයක් ලියන්න බැහැ, මෙතන එකම කලබලයක්. (ස)
කාන්ති, ඔබ කියන භවතාට මේ ආර්යාව සම්බන්ධයෙන් නම් කට උත්තරත් නැතිව ඇති. නැති නම් මෙලහකට සුදු හුණු ගාන්න පටන් අරන්. (ස)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
නවින්, ඔයාගේ නෝනා කාලෙන් කාලෙට ගතිගුණ වෙනස් කරන කෙනෙක්ද. (නදී)
ඔය නම තියෙන අයට වරෙන්තු නිකුත් කළාට එයාලව උසාවියට ඉදිරිපත් කරන්න පොලිසියට කොන්දක් නැහැ. (ස)
ගුණසිරි මහතාණෙනි, අපේ රටේ හුඟක්ම ඔය පොඩි තැනින් ඇවිල්ලා පසුව උඩ ගිය අයට තමා මුල මතක නැත්තේ. සමහර උදවියට ආර්යාවක් වුණාට පස්සේ තමන් භාර්යාවක් බව අමතක වෙනවා. (නි)
නවීන් කොහොමද නෝනා සොයාගත්තේ? මොන පළාතෙන්ද? නරකද අපිටත් කිව්වොත්. (නදී)
වරෙන්තු විතරද? (දී)
අවස්ථා තුනකදීම පෙනී නොසිටියේ මොකද දන්නෙ නැහැ (නි)
කවුද මේ නෙත්ති කුමාරි මම නම් අදමයි ඇහුවේ(දිල්)
නෙත්තිකුමාර නාමය පුවත් පත්වල සහ ලංකාවේ පිළිරැව් දෙන නාමයක් බවට පත්වෙලා . (දිල්)
ගුණසිරි මහත්තයා, ඔය ඔක්කොම ගතිගුණ මෙයා ගාව සල්ලි නැති කාලේ තිබුණා (අ)
බලමු එයාව අල්ලයිද කියලා... (නි)
මොකද දෙයියනේ මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? (නි)
අනේ මන්දා දැන් අහන්න තිබෙන දේවල්.... ? (නි)
ගුණසිරි මහත්තයෝ,ඒ කියන සුදුසුකම් තිබෙන නෝනා කෙනෙක් සොයාගන්න එක නොමළ ගෙයකින් අබ හොයනවාටත් වඩා අමාරුයි (නි)
මේවා අහන දකිනකොට අපේ නෝනාට රත්තරන් පෙරෙව්වත් මදි කියලා හිතෙනවා. උගත්කමට මහන්සියෙන් රැකියාවක් කරගෙන දරුවත් බලාගෙන මටත් සළකාගෙන ලද දෙයින් සතුටුවෙලා ඇය ජීවත් වෙනවා. (නි)
මනෝජ් ඔබට අපහසු වුනාට නවින් නම් සොයාගෙන තියනවා. (නදී)
මනෝජ් නෝනා කෙනෙක්ව හෙව්වේ මැදපෙරදිගින් වෙන්න ඇති. (නි)
ටෙලි නාට්‍ය වලට සල්ලි දීලා ඒවා නිෂ්පාදනය කලාම කළු සල්ලි සුදු නොවන බව දැන් පේනවා ඇති නේද? (ස)
පෙනී සිටින්න බැරි වෙලා තියෙන්නේ පිටරටක වැදගත් රාජකාරියකට ගියාද කවුද දන්නේ. සාමාන්‍ය භාර්යාවන් වගේ නෙවෙයි නේ මේ වගේ ආර්යාවන් ට නඩු වලට පෙනී සිටින්න කාලයක් කොහේද ? (ස)
කවුද මේ සුධර්මා නෙත්තිකුමාර කියන්නේ (දිල්)
මට හිතාගන්න බෑ මේ නෝනට තියන බලතල ගැන. උසාවියත් බය නැතිව මග ඇරලා. කාගේ පවර් අරගෙනද මෙයා මේ දගලන්නේ ? (නදී)