මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුර සඳහා කොළඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සරත් විෙජ්සූරිය මහතා පත් වී ඇත.
එහි විධායක මණ්ඩලය රැස්වී මෙම පත්කිරීම සිදුකළ බව එහි විධායක මණ්ඩල සාමාජික සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
මීට අමතරව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සඳහා අනුශාසක මණ්ඩලයක් ද පත්කර ඇති අතර එහි ප්‍රධාන අනුශාසක ලෙස ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නා හිමියෝ පත්කරනු ලැබ සිටිති.
සෙසු අනුශාසකයන් ලෙස කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිකාරී උඩුකලකන්දේ අරියරතන හිමියන් සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයකු ලෙස මුල සිටම කටයුතු කළ රීඩ් ෂෙල්ටන් පියතුමා පත්කරගත් බව ද සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
එහි කැඳවුම්කරු තනතුර සඳහා මීට පෙර දඹර අමිල හිමියන්ගේ නම ද යෝජනා වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල-මිලානෝ මහතා කරන ආශිර්වාදයට මමද හදවතින්ම එක්වෙමි. (නි)
සරත් විජේසුරිය මහතාණන් ඉතා සුදුසු බව සිහිපත් කරමු. එතුමාණන්ට අපගේ සුබ පැතුම්.(ම)
දක්ෂ ඇඳුරුවරයෙක්..ඔහු ද සැමදා සාධාරණ මතය වෙනුවෙන් පෙනී සිටියා..සුබ පැතුම් ඇඳුරු තුමනි.(රේ)
ගොඩගේ මහතාගේ "ආශීර්වාදයත් " මෙතුමාට උඩින්ම හිමිවෙනවා නියතයි !.(රේ)
සෝභිත හිමියන් නැවැත්වූ තැන සිට ගමන් අරඹන්න. දේශපාලුවන්ට රට විනාශ කරන්නට ඉඩ නොදෙන්න ! සිරි ලක්මවයි ඇයගේ දූ පුතුන් කැළ යි. ආ මග කෙටි යි; යායුතු මග බොහෝ දුර යි. අරමුණ පැහැදිළි යි; බාධක නම් එමට යි. එනමුත් ජය යි; රට යන්නේ ඉදිරියට යි. .(රේ)
මේ සාධාරණ සමාජය කිසිදා බිහි නොවන්නක් බව නම් පැහැදිලියි (ම)
කලකට පසු අහන්නට ලැබුණු හොඳම පුවතකි මේ. නිරහංකාර ලංකා පුත්‍රයාණනි, ඔබට අපේ ආශිර්වාදය..! (නි)
හෘර්දයන්ගේම සහයයෝගය ඔබ සියලුදෙනාටම. හැකි සෑම උපකාරයක්ම රටේ අනාගතය වෙනුවෙන් අපි කරන්නෙමු.(රේ)
ඔබට ජය (බ)
අපේ සුබ පැතුම්! (නි)
සාධාරණ සමාජයක් තවම කැඳව ගන්න බැරි වුණාද? මහාචාර්යතුමා දන්න සිංහලේ උගන්නගෙන හිටියනම් නරකද? (බ)
සුදුසු තැන සුදුස්සාටම ලැබී ඇත. මොහුගෙන් විශාල සේවයක් වනු ඇත. (බ)
මහචාර්ය තුමා ඔබගේ දැනීම රටට දෙන්න හොඳම අවස්ථාවක් (බ)
ඔබතුමාට සුබ පැතුම්! (නි)
සරත් විජේසුරිය මහත්මය වගේම ඔතන ඉන්න ඕනේ අනික් ගෞරවනීය චරිතය දඹර අමිල හාමුදුරුවෝ. ඒ හාමුදුරුවොත් එක්ක සසඳන කොට අනික් අය අසාධාරණයට විරුද්ධව කරපු සටනක් ගැන අපි අහලා නැහැ. (බ)
සුදුස්සෙකුට ලැබිල තියෙනවා , වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සාධාරණ සමාජයක් ගොඩ නැංවීමට හැකි වේවා (බ)
සරත් විජේසුරිය මැතිදුන්ගේ වටින දම් දෙසුන් අන්තර්ජාලයෙන් නිතර සවන් දෙන මා එතුමා මුළු දෙසටම ආදර්ශමත් පුරවැසියෙක් බව නිසා සෝබිත හිමියන්ගෙන් හිස්වූ සාධාරන සමාජයේ කැදවුම්කරු පදවියට එතුමා පත් කිරීමට ගත තීරණය ඉතා උචිතය (බ)
ජැක්සන් කදුවලට බුරන්න එපා කවදාවත් පාත් වෙන්නේ නැහැ (බ)
ඔබලා සාධාරණ සමාජයක් උදෙසා පිහිටවූ මේ රජය අපේ රණවිරුවන් ජීවිත පරිත්‍යාග කර ලබාදුන් නිදහස අහෝසි කර ඊලාම් රාජ්‍යය කරා රට ක්‍රමයෙන් ගෙනයන බව දැන් දැන් රජය ගන්නා ක්‍රියා මාර්ග වලින් ඉතා හොඳට පැහැදිලියි. මේවා වැලක්වීමට ඔබලා ක්‍රියා නොකළොත් අනාගත දරුවෝ ඔබලාට සාප කරවී. (බ)
අපේ සෝභිත නායක හාමුදුරුවන් වහන්සේට පිහිටා තිබු දූරදර්ශී අභීත නායකත්වයේ හිඩැස පිරවීමට තරම් ශක්තිය, ධෛර්යය, අධිශ්ඨානය සහ ජවයෙන් පිරිපුන් බලවතෙක් සිටින බවක් නම් නොපෙනේ. (බ)
රටක් වටිනා මනුස්සයගේත් නාමය අවසන් ඔබ ඕක බාර නොගෙන හිටියනම් හරි මොකද අමිල කියන කොටියට ලැදිව කතා කරන මොලයක් නැති අයත් සමග කරන ගනුදෙනු නිසා (බ)