මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියන්ට ලබාදීමට එහි විධායක මණ්ඩලය තීරණය කර ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මාදුළුවාවේ සෝභිත හිමියන් කරගෙන ආ කටයුතු භාරගෙන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ඉදිරි කටයුතු කරගෙන යන ලෙස එහි විධායක මණ්ඩලය කළ ඉල්ලීම දඹර අමිල හිමියන් පිළිගෙන ඇතැයි ද වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් උන් වහන්සේ හා විධායක සභාව අතර විශේෂ සාකච්ඡාවක් ද පසුගිය දිනෙක පවත්වා ඇත.
දඹර අමිල හිමියෝ ජාතික භිකෂු පෙරමුණ ඇතුළු භික්ෂු සංවිධාන රැසක නායකත්වය දැරූ හිමි නමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාමුදුරුවන්ට දේශපාලකයන්ගේ පිහිටියි. (ස)
රටක් වටිනා හාමුදුරු නමක් ...........ඔබ වහන්සේට සුබ පැතුම්. (ස)
සෝභිත ස්වාමින් වහන්සේගේ අභිලාෂයන් ඉදිරියට ගෙන ගියොත් අපි ඔබ වහන්සේ සමඟයි (නි)
රට, ජාතිය, ආගම රැක ගන්න ශක්තිය ලැබේවා (ම)
ඔබ වහන්සේ මෙම තනතුර භාර ගැනීම ඉතාමත් වැදගත් .රටට අඩුවක් පිරවීමක්. මෙම තනතුරේ කටයුතු කිරීමට ඔබවහන්සේට හැමගේම ආශීර්වාදය ලැබෙත්වා.(ම) . .
ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලාංකිකයන්ටත් අමිල සේවයක් කිරීමට ඔබට ධ්‍යෛර්ය ලැබෙන්න ඕනි (ම)
බුදුන්ගේ දහම ගුරු තැන තබාගන්න (ම)
බොහොම හොඳ තීරණයක් කියල හිතෙන්නේ. සාධාරණ සමාජයක් ඇති කිරිමට බොහෝ දුර යා යුතුය ... ඒ සඳහා ඔබ වහන්සේ සමඟ අපත් ඉදිමු (ම)
සිංගප්පූරු වඩින්නත් ඇහැකි! (ම)
රට, ජාතිය, ආගම රැක ගන්න ශක්තිය ලැබේවා!!! ඔබ වහන්සේට සුබ පැතුම්.(ම)
නියමයි දබර අමිල. සාධාරණ සමාජයට ජයවේවා !!! (ම)
ගරුතර ස්වාමින්වහන්ස,බුදුන්දෙසු ධර්මයේ පිහිටා සිටින අතරම, අපේ රටේ සිදුවන අනන්ත අප්‍රමාණවත් අසාධාරණ, දුෂණ,...ආදියට විරුද්ධව පෙරට පැමිණීමට රටේ ජනයාට මග පෙන්වන්න, ඔවුන්ට ශක්තියක් වන්න, ඔබවහන්සේට සියලු ශක්තිය හා දිරිය ලැබේවා.තෙරුවන් සරණින් ඔබවහන්සේට සියලු ආරක්ෂාව ලැබේවා.(ම)
ඔබවහන්සේ සෝභිත හාමුදුරුවෝ බලාපොරොත්තු වුණ දේවල් කරනවා නම් පළමුවෙන්ම කළයුත්තේ හොරු ටික ගෙදර යැවීමයි (නි)
අපවත්වී වදාළ සෝභිත හිමියන්ගේ ඒ අඩුව පිරවීමට හැකි දැනුම, පෞරුෂය හා ප්‍රඥාව දඹර අමිල හිමියන්ට නොඅඩුව තිබෙනවා. අවස්ථාවාදී දේශපාලකයින්ගේ හා නොහික්මුණු ව්‍යාජ චිවරධාරින්ගේ ගොදුරක් නොවී, රට, ජාතිය හා ශාසනය රැකගැනීමට ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබේවා!!! (නි)
ඔබ වහන්සේට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
නියමයි. ඔබ වහන්සේට අපගේ ශක්තිය නිරතුරුව ලබා දෙමි. (ස)
ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනය කරමි ! (ම)
ඔබවහන්සේට ශක්තිය ලැබේවා! (ම)
ඔබ වහන්සේ මෙම කාර්යයට හොඳයි. හැබැයි සෝබිත හාමුදුරුවෝ වගේ මුහුකුරා යා යුතුයි. (ර)
දේශපාලන පක්ෂ වලට ගැති නොවී, රටට අවශ්‍ය කරන සාධාරණ සමාජය ගොඩනැගීමට ඔබ වහන්සේට අපගේ සුභපැතුම්...!!! (ස)
නියමයි. අපිට හරිම සතුටුයි (නි)
අපි ඔබවහන්සේ සමඟයි (නි)
අපේ සහයෝගය ඔබවහන්සේට (නි)
දේශපාලන ගැත්තෙක් නොවී පොදුවේ මේ මුළු සමාජය වෙනුවෙන් පෙනී සිටින්න ඔබ වහන්සේට ධෛර්ය ශක්තිය ලැබේවා! (ස)
සෝභිත හාමුදුරුවෝ වගේ සංවරව වචන බාවිතා කලොත් ඔබවහසේටත් ජනතාවගේ අරමුණු ඉෂ්ට කරදෙන්න පුළුවන් වේවි. (ස)
ඔබ වහන්සේට අපගේ සුභපැතුම්.(ම)