බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රබල අපේක්ෂකයෙක් ඉරිදා (16) සවස කිරිබත්ගොඩ මහර ඇවිදින මංතීරුව අසල දේශපාලන රැස්වීමට සහභාගී වූයේ ගරාජ් නොම්බර (රතු අංක) සහිත වාහනයකිනි.
රතු පැහැති අංක තහඩු භාවිත කිරීමට අවස ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන දෙකකට පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පොලිසියට කරන්න බැහැ. ඒ නිසා මම යෝජනා කරනවා මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවට බලය සහ අවසර දිය යුතුයි පොලිසිය හා ඒකාබද්දව දෙපාර්තමේන්තු නීති සහ රෙගුලාසිවලට පටහැනිව දාවනය වන සියලුම වාහන අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාකරවීමට. දැන් බලන්න උදාහරණයක් හැටියට අපේ රටේ මෝටර් සයිකලයක ලියාපදිංචි කරන්න පුළුවන් උපරිම එන්ජින් දරිතාවය .250 සීසී. නමුත් මොන තරම් මෝටර් සයිකල් ලියාපදිංචි කර තියනවද ඉන්ජින් ධාරිතාවය 250 සීසී වලට වැඩි. මේවා බොරු නොවෙයි බලන්න ඔය වාහන විකුනන්න දාලතියන වෙබ් සයිට් වල මොන තරම් තියනවද කියල මේවා කොහොමද ලියාපදිංචි කලේ...කෝ නිතිය? (නදී)
අපිම තමයි වැරැද්ද කරන්නෙත් අපිම තමයි එහි ප්‍රතිපල විදින්නෙත් (දී)
විරුද්ධ පක්ෂයේ කෙනෙක් කලානම් මෙලහකට පොලිසියේ මහත්තුරු මේ නඩුත් දාලා. (අ)
මොලේ පාවිච්චි කරලා කතිරේ ගහනඅය බොහොම ටිකයි එක නිසා මේ වගේ හරක්ට තැන තියෙනවා.ලංකාවේ දැන් නීතියක් කියල තියෙන්නේ දුප්පත් මිනිහට විතරයි (අ)
එදා දුමින්ද සිල්වත් ගුටි කාපු දවසේ ඇවිත් හිටියේ එහෙම එකකනේ.නීතිය පොඩි මිනිහට විතරයි.ආසියාවේ ආශ්චර්ය.(අ)
මේ අපේක්ෂකයාගේ නම කියන්නේ නැත්තේ ඇයි . නම දන්නවා නම් අපට ඡන්දෙ දී සලකලා බලන්න පුළුවන් මේ වගේ අය ගැන.(නදී)
තමන්ගේ චන්දය හරියට භාවිතා කරන්න (දී)
සොයල බලන්න මෙම වාහනය රජයේ වාහනයක්ද කියලා.(නදී)
චන්දයේදී තමන්ගේ චන්දය ස්වාදීන අපේක්ෂකයෙකුට හෝ කුමන හෝ පක්ෂයකට ප්‍රකාශ කරන්න. චන්දය ප්‍රකාශ නොකර හෝ කටු ගෑමෙන් වලකින්න. එයින් සිදුවන්නේ ඔබ අකමැති පක්ෂය පහසුවෙන්ම ජය ගැනීමයි . (දී)
මේවාට වග කියන්නේ කවුද (දී)
මේ නීතිය විරුද්ධ පක්ෂ වල අයට විතරයි. රට කරන පක්ෂ වලට ඔය නීති බලපාන්නේ නැහැ. මෙච්චර කල් බලයට පත් උන අය කලේත් ඕකම නේ? කතා කරලා වැඩක් නැහැ.(නදී)
මේක වරදක් නම් බහින්ද පාරට. ගන්ඩ සිංහ කොඩිය අතට. රතු නොම්බර එපා කියල දෙන්ඩ රිදෙන්ඩම උද්ඝෝෂණ පාරක්.(නධී)
ටෝනි ..කමක් නැහැ නේද ? (දී)
අනේ මැකෝ තුමා කරපු විහිළුවක් මොකටද මෙච්චර දුරට හිතන්නේ? එතුමා විහිළු කාරයා නොවැ. මේ එතුමාගේ විහිළු කතා කියන කාලය. (අ)
මොනවා කිව්වත් කව්රුවත් නීතිය අතට ගන්න බයයි. (අ)
එයාටත් ආතතිය හැදෙයි (අ)
බුරුවන්ට, මීහරකුන්ට මේ අය සමාන කරන්න හොඳ නැහැ..අයි? එය ඒ යහපත්, අහිංසක සත්තුන්ට කරන අවමානයක් විය හැකි නිසා.. (අ)
අනේ ඉතින් මටනම් තේරෙන්නේ නැහැ මෙහෙම කලාම මෙයාගේ ඡන්ද ගොඩට ඒක බලපාන්නේ කොහොමද කියල..(අ)
මෙවැනි වහනයක් නඩත්තු කරන්න පළාත්සභා මන්ත්‍රී වැටුපෙන් පුලුවන්ද?( ඉන්දන මිල , අමතර කොටස් මිල .) ඡන්ද දායකයනි. සිහි බුද්ධියෙන් ඡන්දය පාවිච්චි කිරීමට කාලය පැමිණ ඇත , නැත්නම් ඔබලාගේ සහ අනාගත දරු පරම්පරාවේම අනාගතය අදුරේය.(නදී)
නීති ගරුක ජනතාවට ,තම මනාප ඡන්දය ලකුණු කිරීමට,මෙවන් අය ප්‍රයෝජනවත් වේවි.(නදී)
බන්දුල පෙරේරා ඔබ වැනි මන්ද බුද්ධිකයන් විශාල පිරිසක් අපේ රටේ ලොකු තනතුරු දරන නිසා තමයි අපේ රට දිනෙන් දින විනාශයට යන්නේ , වලංගු නොම්මර තාඩුවක් නැතුව ලංකාවේ ප්‍රසිද්ධ පාරවල් වල වාහන පැදවීම තහනම් බව දන්නේ නැද්ද? (නදී)
බන්දුල පෙරේරාට මොලේ පැදෙන්න තව අවුරුදු සියගානක් යයි. මෙයා මොනව කළත් කමක් නැහැ කියන කෙනෙක්.(නදී)
මැතිවරණ කොමසාරිස් තුමා කිවේ රජයේ වාහන පාවිච්චි කරන්ට තහනම් කියල නේද? මේක රතු නොම්මරයක් උනාට පුද්ගලික එකක් වෙන්ටත් පුළුවනි නේ. එහෙම උනොත් මැතිවරණ නීති කඩ ඉමක් වෙනවද කියල ප්‍රශ්නයකුත් මතුවෙනවා. හැබැයි රතු නොම්මරෙන් වාහනයක් දුවන්ට පුළුවන් වෙන්නේ පැය 24 යි. ඒ කියන්නේ වරායේ ඉදන් ගෙදරට යනකං විතරයි. ඉරිදා දිනයක් නිසා මේක වරායෙන් ගෙනාව ගමන් කියන්ටත් බැහැනේ. පොලිසිය තමයි මේක ගැන බලන්ට ඕන. නේද? (නදී)
මාර වැඩක්නේ මට මොකුත් මතක නැහැනේ අනේ (දී)