2011 වසරේ ඔක්තෝබර් මාසයේදී මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනකු අතුරුදන් වීම සම්බන්ධ නඩුවේ සාක්කිකරුවකු ලෙස හිටපු ඇමැති මර්වින් සිල්වා කැඳවීමට අධිකරණය අද (25) නොතීසි නිකුත් කළේය.
සුදුවෑන් සංස්කෘතිය, පුද්ගලයින් අතුරුදන් කිරීම ආදී කටයුතු සම්බන්ධයෙන් පසුගිය දිනවල මර්වින් සිල්වා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම හා රහස් පොලිසියට පැමිණිලි කිරීම හේතුවෙන් එම නඩුවේ සාක්කි සඳහා ඔහු කැඳවන්නැයි අදාළ පුද්ගලයින්ගේ ඥාතීන් හබයාස්කෝපූස් පෙත්සමකින් ඉල්ලා තිබිණි.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ලබන නොවැම්බර් 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි මර්වින් සිල්වාට අද නොතීසි නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මර්වින් අන්කල් ඔයාගේ චාන්ස් එක... දැන් උසාවි ගිහින් කියන්න ඔය තැන්තැන් වල කියවන ඒවා. (ම)
කඩපිල් ගානේ කියපුවා උසාවිය පිළිගනීද. රාජ්‍ය සේවකයා ගස් බැඳීමට විරුද්ධව මානව හිමිකම් නඩුවක් දාන්න කෙනෙක් නැහැනේ. (නදී)
කයිවාරුකාරයෙක්ද කියලා බලාගන්න පුලුවන්. ගං කෙබරයක් දෙසාබාලා නකුට අකුල ගන්න වෙයිද? නැතිවෙලා ඉන්න පොර කිච වෙලාම යයි (නදී)
කට නිසා තමා මාළුවා නහින්නෙත් (ම)
කට නිසා නහින්නයි මේ යන්නේ.(හේ)
මෙයාට පිස්සු කියල දන්නෙම නැද්ද. (බ)