IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සුදුවෑන් සාක්කියට මර්වින්ට නොතීසි

2011 වසරේ ඔක්තෝබර් මාසයේදී මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනකු අතුරුදන් වීම සම්බන්ධ නඩුවේ සාක්කිකරුවකු ලෙස හිටපු ඇමැති මර්වින් සිල්වා කැඳවීමට අධිකරණය අද (25) නොතීසි නිකුත් කළේය.

සුදුවෑන් සංස්කෘතිය, පුද්ගලයින් අතුරුදන් කිරීම ආදී කටයුතු සම්බන්ධයෙන් පසුගිය දිනවල මර්වින් සිල්වා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම හා රහස් පොලිසියට පැමිණිලි කිරීම හේතුවෙන් එම නඩුවේ සාක්කි සඳහා ඔහු කැඳවන්නැයි අදාළ පුද්ගලයින්ගේ ඥාතීන් හබයාස්කෝපූස් පෙත්සමකින් ඉල්ලා තිබිණි.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ලබන නොවැම්බර් 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි මර්වින් සිල්වාට අද නොතීසි නිකුත් කළේය.



අදහස් (0)

සුදුවෑන් සාක්කියට මර්වින්ට නොතීසි

ලක්මාල් Tuesday, 25 August 2015 10:15 AM

අන්න මර්වින් අන්කල් ඔයාගේ චාන්ස් එක... දැන් උසාවි ගිහින් කියන්න ඔය තැන්තැන් වල කියවන ඒවා. (ම)

:       0       0

ධම්ම Tuesday, 25 August 2015 11:19 AM

කඩපිල් ගානේ කියපුවා උසාවිය පිළිගනීද. රාජ්‍ය සේවකයා ගස් බැඳීමට විරුද්ධව මානව හිමිකම් නඩුවක් දාන්න කෙනෙක් නැහැනේ. (නදී)

:       0       0

නාරද Tuesday, 25 August 2015 11:29 AM

කයිවාරුකාරයෙක්ද කියලා බලාගන්න පුලුවන්. ගං කෙබරයක් දෙසාබාලා නකුට අකුල ගන්න වෙයිද? නැතිවෙලා ඉන්න පොර කිච වෙලාම යයි (නදී)

:       0       0

ලෙස්ලි Tuesday, 25 August 2015 11:37 AM

කට නිසා තමා මාළුවා නහින්නෙත් (ම)

:       0       0

නුවන් Tuesday, 25 August 2015 11:57 AM

කට නිසා නහින්නයි මේ යන්නේ.(හේ)

:       0       0

ෆාරා Tuesday, 25 August 2015 12:53 PM

මෙයාට පිස්සු කියල දන්නෙම නැද්ද. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site