
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ වී.ඒ.නිශ්ශංක)
සීදූව ලියනගෙමුල් වෙළබඩ පාරේ සිදු වූ වෙඩි තැබීමෙන් 53 හැවිරිදි අයකු මීට සුළු වේලාවකට පෙර මීගමුව රෝහලේ දී මියගිය බව රෝහල් පොලිසිය කියයි.
ඔහුගේ පියා සහ සහෝදරයකු තුවාල ලබා මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් පිරිස මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔවුන් පැමිණි මෝටර් රථය ගෝවින්න මාර්ගයේ නවතා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
එතැන් සිට වෙඩික්කරුවන් වෙනත් රථයකින් පළා ගොස් ඇති අතර මේ වන විට එම පිරිස අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට ආ පිරිස අතර කාන්තාවක ද සිටි බව පොලිසිය සඳහන් කරයි.
තුවාලකරුවන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මහජන ආරක්ෂාව වේගයෙන් දුර්වල වෙනවා. සංචාරකයෙකුට වෙඩි වැදුණොත් ඒ මුලු කර්මාන්තයම සමතලා වෙන්න පුළුවන්...!
පාතාලය මඩින්න අනිවාර්යයෙන්ම හමුදාව කැඳවන්න ඕනෑ. පොලිසිය සම්පූර්ණයෙන්ම ෆේල්. දැන් කොච්චර කල් ඉඳන් මේ වගේ දරුණු අපරාධ වෙනවාද?
නව ජනාධිපතිතුමාගේ අවදානය පිණිස. මොන ආණ්ඩු ආවත් පාතාලය නම් අඩුවක් පේන්න නැහැ.