IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


සදර්න් ‘මෝසම්’ රැළිය හෙට මාතරින් ඇරැඹෙයි

සදර්න් මෝටර් රථ ක‍්‍රීඩා සමාජය 14 වැනි වරටත් මෙහෙයවන සදර්න් ‘මෝසම්’ මෝටර් රථ රැළිය හෙට (24) මාතර යුද හමුදා කඳවුර අසළින් ඇරැඹෙයි. මෝටර් රථ හා ජීප් රථ ධාවනය වන මෙම රැළියට දිවයිනේ නම ගිය තරගකරුවෝ රැසක් සහභාගිවෙති. දෙදිනක් පුරා කිලෝමීටර 550 ක දුෂ්කර ගමන් මාර්ගයක සිය මෝටර රථ ධාවනය කරන රියැදුරන්ට දෙනු ලබන ලකුණු අනුව අවම ලකුණු සංඛ්‍යාවක් අහිමි කරගන්නා රැළියේ ජයග‍්‍රාහකයා වෙයි. කිලෝමීටර 190 ක දුරකින් සමන්විත මෙම රැලියේ පළමු අදියර මාතර යුද හමුදා කඳවුර අසළින් සෙනසුරාදා (24 වැනිදා) පස්වරු 8.00 ට ආරම්භ වී තිහගොඩ, යටියන, හක්මන, දෙනගම, කිරම හරහා උඩවලව දක්වා පැවැත්වේ පසුදින (25 වැනිදා) අලූයම 2.00 ට උඩවලව නගරයෙන් ඇරැඹෙන දෙවැනි අදියරේ දුර කිලෝමීටර 188 කි. සෙවණගල, තණමල්විල, සුරියවැව, බඳගිරිය හරහා තිස්සමහාරාමයට පැමිණ පෙරවරු 6.00 ට පමණ දෙවැනි අදියර අවසන් වේ. පෙරවරු 10.00 ට ඇරඹෙන තෙවැනි අදියරේදී තරගකරුවෝ කිලෝමීටර 185 ක දුරක් ගමන් කරති. එහිදී හම්බන්තොට, අගුණුකොළපැලැස්ස, විරකැටිය, වලස්මුල්ල, මූලටියන, මාකදුර, වැලිගම හරහා සිය රථ හසුරුවමින් පස්වරු 2.30 ට පමණ මාතර නගරයෙන් රැලිය අවසන්වේ. ප‍්‍රධාන රැලියට සමගාමීව ප‍්‍රවීණයන් සහ ආධුනිකයන් සඳහා ද ඉසව් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පසුගිය වසරේ පැවැති රැුලියෙන් සෆ්රාෂ් ජුනයිඞ් ජය ලැබීය. ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගම ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වන මෙම රැලියට ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්, පෑන් ඒෂියා බැංකුව සහ සී. අයි. එෆ්. එල්. සම අනුග‍්‍රාහය දක්වයි. රැලියට සහභාගිවන තරගකරුවෝ: නිෂාන් වසලතන්ත‍්‍රී, දුමින්ද ජයසිංහ, රවී මායාදුන්න, වර්ණ ආරියදාස, දිනේෂ් ප‍්‍රනාන්දු, එස්.වොට්සන්, සෑම් චන්ද්‍රසෝම, සාලූත අබේසුරිය, ඉන්දු සමරකෝන්, යකෝබ් ආරිෆ්, සෆ්රාස් ජුනයිඞ්, රිස්වි ෆාරොක්, දීප්ති පෙරේරා, රිස්මින් රසීක්, ජගත් මුණසිංහ, සංජය සේදර සෙනරත්, රමේෂ් උබයරත්න, සංජීව අබේවත්ත, පසන් පුංචිහේව, එස්.කේ.රංජිත්, නවුසාර් දීන්, අකිල කමලේන්ද්‍ර, සෙනුර ලක්වින්, චමල් ගුණසේකර සහ කසීම් වහබ්



අදහස් (0)

සදර්න් ‘මෝසම්’ රැළිය හෙට මාතරින් ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site