සෞදිඅරාබි කම්කරු අමාත්‍යාංශයෙන් දුන් පොදුසමා කාලයට සමගාමීව විවිධ හේතු මත අවතැන් වු ශ්‍රී ලංකාවට යෑමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින්ගෙන් සියයට අසුවක් පමණ මව් බිමට පිටත් කැර හැර ඇති බව රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ අමාත්‍යංශයේ උපදේශක අනුර මුතුමාල මහතා පවසයි.
රියාද් මධ්‍යම කලාපයේ සහ ජෙඩා, දමාම් ,අසිර්, සකාකා ,ජිසාන්, ඇතුලු ප්‍රදේශන්හි විවිධ හේතුන් මත හෝ රැදි සිටීමේ බලපත්‍රය කල් ඉකුත් වු ශ්‍රි ලාංකිකයන්ගේ ප්‍රමාණය දොළොස් දහසක් දහතුන් දහසක් අතර ප්‍රමාණයක් බව පැවසු මුතුමාල මහතා වැඩි දුරටත් කියා සිටියේ රියාද් සහ නැගෙනහිර කලාපයේ අවතැන්ව සිටි හත්දහසක පමණ පිරිසෙන් මේ වන විට පන්දහසකට අධික පිරිසකට පිටවීමේ වීසා ලබා දීමට කටයුතු කැර ඇති බවයි.
ජෙඩා කලාපයේ පිහිටි ජෙඩා කොන්සියුලර් කාර්යාලයයේ ආරංචි මාර්ග අනුව මේ වන විටත් වැඩි පිරිසක් පිටවීමේ විසා ලබාගෙන මව්බිමට ගොස් ඇතැයි පැවසේ. මේ අතර රියාද් කලාපයේ අනවසරෙයෙන් රැදි සිටිමින් මව් බිමට යාගත නොහැකිව සිටි දෙදහස් පන්සීයක් පමණ වු ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ඉතා සුළු පිරිසක් හැරුණු විට විශාල ප්‍රමාණයක් මේ වන විටත් මව්බිමට පිටත් කැර ඇති බව එම නිලධාරියා පවසයි.
නැගෙනහිර කලාපයේද තිස් දෙනකුට අඩු කාන්තාවන් ප්‍රමාණයන් හැර ඉතිරි සියලු දෙනා ලංකාවට පිටත් කැර ඇති බවද පවසයි.
නොවැම්බර් 04 දක්වා පොදු සමා කාලය දීර්ඝ කැර ඇති නමුත් අප්‍රේල් 06 ට පෙර අවතැන් වු හෝ නීතී විරෝධිව සෞදි අරාබියේ රැදී සිටීනම් තම ආයතන ප්‍රධානීන් හෝ සේවාදායකයා විසින් සේවා දායකයා පලා ගොස් ඇති බව ගමන් බලපත්‍ර අංශයට ආරංකෂක අංශයට පැමිණිල්ලක් කැර ඇති අය හෝ ඉක්වා බලපත්‍ර දීර්ඝ නොකර සිටි අවතැන් වුවන් හැර මෙම පොදු සමා කාලයේදී ආයතනයෙන් පැන ගොස් හෝ සැගවී සිට පැමිණෙන කිසිවකුට පොදු සමා කාලයක් යටතේ මව්බිමට යාමට නිතීමය වරප්‍රසාද නොලැබෙන බවද මුතුමාල මහතා කියයි.
එසේ එන අය සදහා ආරක්ෂක අංශ හෝ සෞදි කම්කරු උසාවියට ගොස් පැමිණි කරන ලෙස දන්වා සිටී.
කෙසේ වුවද හාම් පුතාගෙන් සිදුවන අතවර හෝ දුෂ්කරතාවන් පිළිබදව යමෙකු තානාපති කාර්යාලය වෙත පැමිණි ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබදව නිතීමය කටයුතු කිරිම තානාපති කාර්යාලය කටයුතු කරන බවද තානාපති කාර්යාල කියයි.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදියෙන් සෑහෙන කොටසක් ඇවිත්
චාමි Wednesday, 07 August 2013 01:40 PM
ලලිත් අයියා ලොකු දෙයක් කරනවා. ඒකට අපි සළකනවා .අපි ඇත්ත දේ දෙන්න ඕනෑ ජනතාවට (නි)