ගෘහ සේවක සේවිකාවන් මෙන්ම ගෘහ රියැදුරන් ලෙස සෞදි අරාබියට පැමිණෙන සියලු විදේශිකයින් වෙනුවෙන් නව වරප්‍රසාද කිහිපයක් ලබා දීමට සෞදි අරාබි ඇමැති මණ්ඩලය තිරණය කැර ඇතැයි සෞදි පුවත්පත් කියයි.
සෞදි අමාත්‍ය මණ්ඩලය විසින් පැනැවුණු නව නීතී මගින් ගෘහ සේවක සේවිකාවන් මෙන්ම ගෘහ රියැදුරන් දිනපතා පැය නවයක් විවේක ගැන්විය යුතුය.
සෑම සතියකටම දිනක නිවාඩුවක් සමග අසනීප නිවාඩුද ලබා දිය යුතුය. ඒ සමගම සෑම වසර දෙකකටම මසක වැටුප් සහිත මව් රටට යෑමේ නිවාඩුද ලබා දිය යුතුය.
මෙම නීතී ක්‍රියාත්මක නොකරන හාම්පුතුන් සෞදි රියාල් 10000 (රුපියල් 350000) දඩයකට යටත් කරන අතර ඔවුන්ට ගෘහ සේවකයින් ලබා ගැනීමද තහනම් කැරේ.
මේ වන විටත් විසි ලක්ෂයකට අධික ගෘහ සේවක සේවිකාවෝ පිරිසක් සෞදි නිවාස වල රැකියා කරති.
හිතුමතේට හාම්පුතුන් මාරු කිරීමේ අවශ්‍යතාවක් මේ නීතියත් සමග මතු නොවන බව ද එම පුවත්පත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕමාර්, මමත් එකගයි ඔබගේ අදහසට. මෙහේ ඉන්න කාන්තාවන්ට වෙන හිරිහැර, කාන්තාවන් කරන කියන දේවල් දුටුවහම අපිට මේවා නොකියා බැහැ (නි)
බලමුකෝ ඔය කියන ඒවා අපේ අයට ලැබෙයිද කියලා... (දී)
වීර, සවුදියට වඩා ඊශ්‍රායෙල් දහස් වාරයක් නෙවෙයි දස දහස් වාරයක් හොඳයි. මෙහෙ අපිට අසාදාරනයක් උනොත් නීතිය අපේ පැත්තට. කිසිම විදිහකින් වහල් සේවයක් නැහැ. ඊශ්‍රායෙල් මිනිස්සු මනුස්සකම් අතින් හරිම ඉහලයි. (දී)
බත් කන එක නතර කරපුවහම දරුවෙකුට සුරංගනා කතාවක් කියලා රටට්ටගෙන බත් ටික ආයිත් කවන්න පුළුවන් වුනාට අපි එහෙම රැවටෙන්නෙ නැහැ (නි)
ලජ්ජා නැතිව මේවගේ දැන්වීම් දාන එකනේ වැඩේ. හම්බවෙයි බලන් ඉන්නකෝ ලංකාවේ මිනිස්සු ටික නැති කරලා දාන්න (දී)
ඕමාර් අර්ශා වගේ බොරු නොකියා ඇත්ත කීම ගැන බොහොම ස්තුතියි. (නි)
සෆීක්, ඔහෙලා වගේ අයට සුබ ආරංචියක් වෙන්නේ අපේ රටේ කාන්තාවන් ටික එහාට ගියොත් තමයි. නේද? ඔක්කොම එකතු වෙලා පුලුවන් නම් මේක නතර කරමු. බලන්න, මැදපෙරදිග දුක් විදින්නේ අපේම අක්කලා නංගිලා අම්මලා නේද? (දී)
රිෂානා ගිය පාරෙත් නොමිලම යන්න පුළුවන් වේවි . (අ)
එතකොට දවසට පැය 15 වැඩකළ යුතුයි. නිවාඩු සතියට එක දවසයි.එහෙමද? මෙහෙම වැඩ කරන්න පුළුවන් නම් සෞදි යන්නේ මොකටද ? මේක මට නම් සුභ ආරංචියක් නෙමෙයි (දී)
අනේ ඔය රටට අපේ කාන්තාවන් යන්න එපා. ලංකාවේ දැනට ඉන්න, එහෙට කැමති හැමෝම එහෙටම ගියානම් ඒගොල්ලන්ට සුරසැප විදවිද ෂරියා නීතියට අනුව ජීවත් වෙන්න පුළුවන්.එතකොට තේරෙයි තමන්ගේ කලින් හිටපු රටේ අගේ. (දී)
ඔක්කොම සුරඟන කතා (නි)
අර්ෂාටයි, සෆීක්ටයි, දැන්ම එහෙට සේවයට යන්න පුළුවන්.ඒගොල්ලන්ට මේක සුබ ආරංචියක් වෙයි. (දී)
කියන විදියට ඕවා ලැබෙනවානම් ලොකු දෙයක්.(දී)
ඔය පාලනාධිකාරිය කොහොම කිවුවත් ඒ කියන විදියට හාම්පුතුන් වැඩ කරයි කියලා හිතන්න පුළුවන්ද? මොකද ඔය කියන අයට හාම්පුතුන්ගේ ගෙවල වලට ඇවිත් පරීක්ෂා කරන්න බැහැනේ ප්‍රායෝගිකව. අනික ඔය වරප්‍රසාද නොලැබුනොත් පැමිණිලි කිරීම සදහා ඔව්න්ට හැකියාවකුත් තිබේද? (දී)
සෞදි කොහොමත් යන්න නම් එපෝ ! (දී)
රටට විදේශය විනිමය ගෙනෙන්න වහල් සේවයට කාන්තාවන් විදේශ ගතකරනවට වැඩිය හොඳයි, ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කර අවශ්‍ය අනිකුත් පහසුකම් ලබා දෙන එක. එවිට විදේශික සංචාරකයන් වැල නොකැඩි ලංකාවට එයි විදේශ විනිමයත් රැගෙන. ඒක ලංකාවේ සංචාරක ව්‍යාපාරයටත් හොඳයි නේද? (දී)
"ද සිල්වා බෙර්ලින්", ඔබ අනර්ඝ අදහසක් දක්වලා තියෙන්නේ (දී)
අසරණ දරුවන් තනිකර කාන්තාවන් ගෘහ සේවිකාවන් වශයෙන් විදේශගත කිරීම දැන්වත් නැවතිය යුතුයි. (දී)
අපේ සිංහල කාන්තාවෝ මොකටද අපි වෙන රටවලට යවන්නේ? (නි)
චන්දි ඔය කියන කතාව ඇත්ත මමත් එකට එකග වෙනවා (අ)
දිප්ති සහ වීර දෙදෙනා කියන කතා ඇත්ත තමයි (නි)
අර්ශලා, සෆීක්ලට කවදාහරි තේරෙයි. (දී)
රටේ විදේශ විනිමය එන්නේ මැද පෙරදිග රැකියාවල් නිසා. ඒක නවත්තලා ලංකාවේම කට්ටිය තියාගෙන මොනවා කරන්නද? උගත් අයටත් රැකියාවල් නැහැ. දුප්පත් අපි මොනවා කරන්නද?(නදී)
එපා එපා කියලත් යන්නේ අරාබි බාබළාව හොයා ගෙන නේද? (නදී)
පින්තූර ටික දැක්කම මට නම් ඵපා වුනා. යන්න නම් ඵපා කාන්තාවනි පිටරට (නි)
අර්ෂා, ජාතිවාදී වෙන්න එපා. (දී)
මැද පෙරදිගට ලාංකික කාන්තාවන් යවන්න හදන වෙලාවේ, ඇයි ලක්ෂ එකහමාරක් වැනි විශාල වැටුපක් ගන්න පුළුවන් ඊශ්‍රායෙල් රටට සාත්තු සේවක සේවිකා තනතුරට යවන්න මැදිහත් වෙන්නේ නැත්තේ? ලාංකිකයන්ගේ පිරිසිඳුකම, පිළිවෙල නිසා මෙහෙ හොඳ ඉල්ලුමක් තියෙනවා. එහෙත් මෙහෙට එන එක සීමා වෙලා තියෙන්නේ ඒජන්සි වලට අයකරන ගාන වැඩි නිසා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත්වෙලා ඇයි මීට වඩා අඩු මුදලකට යවන්න ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් හොදයි. මෙහෙ අපිට හරියට නීතිය ක්‍රියාක්මක වෙනවා. මෙයින් මැද පෙරදිගට වඩා වැඩි විදේශ විනිමයක් රටට ලබාගන්න පුළුවන් නේද? (දී)
සෞදි යන්නේ නැතුව වෙන ඕනෑම ගල්ෆ් රටකට යන්න. කරුණාකර මොන සංවිධානයකින් හරි ගැහැණු සෞදි යවන රැකියා ඒජන්සි වලට ගැහැණු සෞදි යවන්න එපා කියල අවවාද කරන්න. අහන්නේ නැත්නම් වෙන පියවරක් ගන්න. හෝටල් වල තිබෙන බුදු පිළිම , ගවයන්ගේ ජිවිත වලට වඩා ඉස්සෙලා මිනිස් ජිවිත ආරක්ෂා කරගන්න පියවර ගන්න.(නදී)
මේ රට අවුරුදු 2500 ක් රැකගත්ත අපිට ජාතිවාදිය කියල කියන් කොහෙත්ම අයිතියක් නැහැ. මේක අපේ රට. (අ)
මට නම් අරාබියට වඩා ඊශ්‍රායලය දහස් වාරයක් හොදයි. (නි)
මම අවුරුදු 24ක ඉදලා සෞදි ඉන්නේ. මගේ නම් අදහස අපේ රටේ කාන්තාවන් මොනම හොතුවක් නිසා හෝ සෞදි නොව කිසිදු මැද පෙරදිග රටකට එවන්න එපා යනුයි (නි)
ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග නොයවා පුහුණු ශ්‍රමිකයන් ලෙස යැව්වොත් හොඳයි. අනික මෙතන මහ ලොකුවට අදහස් ප්‍රකාශ කරන අයගේ අම්මා හෝ අක්කා හෝ බිරිඳ අද ගෘහ සේවිකාවන් ලෙස වැඩ කරනවා ඇති. ලංකාවේ කිසිම ආණ්ඩුවක් ගෘහ සේවිකාවන් යැවීම නතර කරන්නේ නැහැ. වීර කතා කියන්න නම් ලංකාවේ ඕනෑ තරම් කට්ටිය ඉන්නවා එහෙත් ඒවා ක්‍රියාවට නැංවීමට කව්රුත් නැහැ. (නි)
මම නම් කියන්නේ මොනම හේතුවකටවත් අපේ රටේ කාන්තා අයව මේවගේ රට වලට එවන්න එපා කියලයි. හොද රස්සා වලට නම් කමක් නැහැ (නි)
අනේ ඔව්. ගෘහ සේවිකාවක්, රියදුරෙක් , කුලී වැඩකාරයෙක් හැටියට නම් ගල්ෆ් රට වල් වලට එන්න හදන්න එපා. (නි)
ඉම්රාන්, ඉතින් මම දේශපාලුවෙක්ද? ගිහින් දේශපාලනය කරන උදවියට කියන්න ඔය කතාව. ලරීෆ්ගේ අදහස අනුව පේනවා සෞදියේ ඉන්නේ කොහොම අයද කියලා (නි)
සෞදි රජයෙන් මොනතරම් හොද නීති දැම්මත් සෞදියේ අය ඒවා නිසිපරිදි ක්‍රියාත්මක කරනවා දැයි යන්න සොයාබැලිය යුතුයි. මම නම් කියන්නේ මොනවා දෙනවා කිවුවත් අපේ කාන්තාවන් සෞදියට එවන්න එපා කියලයි (නි)
අරාබි රටවලට අපේ සිංහලයන් යවන්න එපා.දැක්කනේ අපේ උදවියට කසපහර දීලා ඇන ගහලා එවන හැටි. විදේශ විනිමය ඕනෑ නම් සිංහලයන් ඊශ්‍රායලයට යවන්න. එහෙ ඉන්නවා මනුස්සකම් තියෙන උදවිය. (නි)
මම වැදලා කියන්නම්. යන්න එපා. ටික දිනකින් නීති අමතක වෙන්න පුළුවන් ඔවුන්ට (නි)
දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. දැන් අට අනූවක් රෝග ,නව අනූවක් ව්‍යාධි ,දෙසිය තුනක් අතුරු අන්තරාවල් නිවාරනයි තීන්දුයි. (නි)
ද සිල්වා, දැන් ඔයාට තේරෙනවද මෙච්චරකල් ඔහොමවත් නැතුවයි අපි වැඩකළේ කියලා? (නි)
සල්ලි තියෙන මිනිස්සු ලෝකේ හැම තැනම එක විදිහයට ඒවාට රට ජාතිය ආගම ගාව ගන්න වැඩක් නැහේ. (අ)
අනේ කිසිම කෙනෙක් සෞදි යන්න එපා (නි)
අපේ රටවිරුවන්ට මොකුත් කියන්න එපා (නි)
කාලෙකට පස්සේ හොද ප්‍රවෘත්තියක්.(නදී)
හොර ජාවාරම්කාරයින්ට හොඳ වැඩක්.(නදී)
අපෝ අපි නම් මොනවා දෙනවා කිව්වත් සෞදි නම් යන්නේ නැහැ. මම අකමැතිම රටක් (නි)
දෙවැනි පින්තූරයෙත් ඉන්නේ ගෘහ සේවිකාවොද? කියන්නත් බැහැ.(නදී)
වීර , මෙහි පෙන්නවන්න පුලුවන් නම් මගේ එක අදහසක් ජාතිවාදය අවුස්සන,පාඨකයන් තීරණය කරාවි කවුද ජාතිවාදී කියා. නිකන් බොරුවට කෑ ගහන්න එපා. (නි)
සුබ ආරංචියක්.(නදී)
ලංකාවේ දැන් ළමයි දුර්වලයි, හැම පවුලකම ප්‍රශ්න. ඒත් මෝඩ නොවී මිනිසුනේ, කොහොමහරි බැලමෙහවර නොකර හම්බ කරගෙන ජීවත් වෙන්න බලන්න ,තමන්ගේ දෙයක් කරලා. ඕනෑ තරම් දේවල් තියෙනවා ලංකාවේ කරන්න. අනික ඔය ගෙවන මුදල ලොකු ගානක් නෙමෙයි පිටරටකට ගියහම. අනික රුපියලේ අගය අඩු වෙලා, තේරුම් ගන්න තව දුරටත් මෝඩ නොවී. (නි)
අරාබියේ වෙසෙන විදේශ ශ්‍රමිකයන් සදහා තිබෙන නීති හාම්පුතුන්ගේ වාසිය තකා බොහෝ දුරට පොතට පමණි සීමා වෙන්නේ. කොහොම උනත් කාන්තාවන් ගෘහ සේවයට අරාබියට යන්න එපා.(නදී)
මොන වාසි දුන්නත් යන්න එපා. මෙහෙ ඉදන් කුලී වැඩක් කරගෙන ඉන්න එක ඊට සැපයි (නි)
නියමයි.(නදී)
ඕව ඔක්කොටම අත්සන් කරලා දැනටත් එන්නේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒවා සොයා බලන්න කෙනෙක් නැහැ එන අයගේ කිසිම රෙකෝඩ් එකක් නේ එම්බසි එකේ ඉතින් කොහොමද ඕව සොයා බලන්නේ (දී)
මේ අය එහේ ගිහින් ඇවිත් ඒ අයට බනිනවා චුට්ටක් වැරදුනොත් මහා ජාතිමාමක වෙනවා අන්තිමට ජාතිවාදය අවුස්සනවා (අ)
අප රටේ ගෟහ සේවිකාවන් අපනය කිරීම අපි අනුමත නොකලත් ආර්ථික වශයෙන් පීඩා විඳින අයට විකල්පයක් නොමැති තැන තමන් තෝරාගන්නා එකම විසඳුමත් මේවන බැවින් එසේ පැමිණෙන අපගේ ගෟහ සේවිකාවන්ගේ ලිඛිත සේවා ගිවිසුමක් ඇතිකරගෙන ඒ අනුව සේවය කිරීමේ සුදුසු ක්‍රමයක්ද ඇති කරගත යුතුයි. රටවිරුවා ගැන මහ ඉහලින් ඝෝෂා කරන අප වි.සේ.කි.කා. මෙවැනි සේවයක්වත් අඩු ගාණේ ලබාදීමට කටයුතු කරනවා නම් නරකද? එමෙන්ම ඔවුන්ගේ පඩිය අඩුම වශයෙන් රියාල් 1000 ක්වත් කළ යුතුයි. ඒකට පිලිපීන රජය සහ තානාපති කාර්යාලවල්....අපිට ඔවුන් සමග හැරෙන්නටත් බැරි බව හිතනවා අපේ තානාපති මහත්ම මහත්මීන්ගේ හැසිරීම් දිහා බලනකොට. (දී)
මොන වාසි දුන්නත් මේ වැඩේ නවත්තන්න ඕන. හිගන පඩි වලට මේ අය වැඩ කරන්නෙ. ලංකාවේ රැකියා අවස්ථා ඇති කරලා මේ අයගෙන් රටට වැඩ ගන්න ඕන. දේශපාලකයෝ ඉන්නේ ඒකට.(නදී)
සමහර බඩු විකිනෙන්නේ නැති උනහම ඒකත් එක්ක නොමිලේ මොනවා හරි දෙනවා.(නදී)
කෙහෙල්මල. පැය 9ක් විවේක ගන්නවනවා කියලා කියනවා පැය 15ක් වැඩ ගන්නවා කියන්නේ නැතිව. (අ)
පැය 15 ක් වැඩ කිරීම සුබ ආරංචියක් වන්නේ කෙසේදැයි නොවැටහේ (නි)
රජය ව්සීන් කෙතරම් නීති පැනෙව්‍වත් එය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමට බොහෝ හාම්පුතුන් මැලි කමක් දක්වනවා. රටේ සංවර්දනයට විදේශ ශ්‍රමිකයන්ගේ දායකත්වය ඍජුව ලැබුනත් ඉන් බොහෝ සමාජ ප්‍රශ්න මතුව ඇත. අප විදේශ ගත වීමට පෙර ඇසේ සිට සියලු අවයව පරීක්ෂා කර බලා වෛද්‍ය සහතිකයක් නිකුත් කරන අතර විදේශ සේවයෙන් පසු මව් රටට ඇස් අත පය නැතුව පැමිණියත් අපගේ ගමන් මලු පරීක්ෂා කරනවා හැර අප ගැන සොයා බලන්නට කිසිවෙකුත් නැත.(නදී)
අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට ලැජ්ජා වෙන්න ඕනෑ. දුක් විදින අයට එන්න විදිහක් නැහැ, තව යවනවා. ශ්‍රී ලාංකිකයෝ අබිමානයෙන් ජීවත් වෙන්න ඕනෑ කියන්නේ මේකටද? (නි)
සියළු සංවිදාන වලින් ඉල්ලන්නේ මොන සිංහල කාන්තාවන්වත් මේ රටවල් වලට අරින්න එපා කියලයි. (නි)
අයි අර්ෂා ඔයාලා ශ්‍රී ලංකික කියල බොරු කියලා සෞදිය වගේ අපායක් වර්ණනා කරන්නේ. තමන්ගේ මව් රටට වඩා අරාබියට ඔච්චර ආසා නම් එහෙ යන්න. ඒජන්සි කාරයොයි සෞදියේ ඉන්න අපේ වගකිවයුතු නිලදාරීන් වගේ මිනිස්සුන්ට බොරු කියලා ජාතිවාදී වෙන්න එපා. (නදී)
මම මේ ඇත්ත කියන්නේ. ගල්ෆ් රටවල් වල් කෝකත් එකයි මට නම්. අපෙන් ඔවුන් හොඳට වැඩ ගන්නවා. ඔවුන් එසේ කරන්නේ ජාතිය, ආගම බලලා නෙවේ. මෙතැනදී ජාතිවාදී වෙන්න එපා අපි ලංකාවේ කියල හිතන්න. ඔය කියපු එක වාසියක්වත් දෙයි කියලා හිතනවද? අපි දන්නවා සෞදි ගැන මෙහෙ ඉන්න නිසා. වැඳලා කියන්නම් අම්මේ, අක්කේ, නංගියේ සියලුදෙනාට එන්න නම් එපා. ලංකාවට වෙලා කුලී වැඩක් කරන්න. ඔයාලගේ පවුල් සමග සතුටින් ඉන්න පුළුවන් වේවි.(නදී)