සෞදි අරාබියේ නීතී විරෝධීව රැදී සිටින්නන් සදහා පොදු සමා කාලයක් ලබා දී ඇති බැවින් ඔබ හෝ ඔබේ ඥාතියකු නීතී විරෝධිව හෝ අවතැන්ව සෞදි අරාබියේ රැදී සිටීන්නේ නම් කරුණාකර 2013 ජුනි 15 වැනිදාට පෙර පරන ගමන් බලපත්‍රයේ වීසා පිටුවේ පිටපතක් හෝ ඉක්වා කාඩ් පතෙහි පිටපතක් සහ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප දෙකක් සමඟ රියාද් කිං අබ්දුල් අසීස් පාරේ දහියා මාවතේ අල් වරූද් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට හෝ ජෙඩා නුවර ප්‍රින්ස් සුල්තාන් පාරේ ජුබිලියා මාවතේ කලිදියා ප්‍රදේශයේ පිහිටි කොන්සියුලර් කාර්යාලයයට වාර්තාකරන ලෙස රියාද් තානාපති කාර්යාලීය නිලධාරීන් දන්වා සිටී.
2013 ජුලී 03 වැනි දිනට පසුවත් ඔබ හෝ ඔබේ ඥාතියා නීතී විරෝධිව සෞදි අරාබියේ රැදී සිටීන්නේ නම් වසර දෙකක සිර දඩුවමකට හා රියාල් ලක්ෂයකට (රුපියල් තිස්තුන් ලක්ෂ පනස්දහසක) දඩයකට යටත් වීමට සිදු වන බව රියාද් තානාපති කාර්යාලයයේ නිලධාරීන් ප්‍රකාශ කර සිටී.
රියාද් තානාපති කාර්යාලයයේ උසස් නිලධාරියකු වැඩ්දුරටත් පැවසුවේ පොදු සමා කාලය ජුලි 03 වැනි දිනට කල් ඉකුත්වන බැවින් සෞදි අරාබියේ නව තානාපති වඩිවෙල් ක්‍රිෂ්ණමුර්ත්‍රී මහතා ඇතුළු තානාපති නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී සාකච්ඡා කොට මෙම තීරණය පිළිබව මාධ්‍යට නිකුත් කළ බවයි.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදියෙන් අවසන් නිවේදනයක්
ගයාන් Tuesday, 04 June 2013 08:43 AM
පොදු සමා කාලයේ ලංකාවට එන්න, නැත්නම් අමාරුවේ වැටෙන්නද ඉන්නේ? වීසා නැතුව ඉන්න එක නීතිවිරෝදියි (නි)
සමීර Tuesday, 04 June 2013 10:41 AM
මේ සමා කාලයේදී වත් හරි දේ කරන්න (දී)
ඕමාර් Monday, 03 June 2013 11:53 PM
අපිට කරන්න දෙයක් නැහැ. කණගාටුයි (නි)
නන්දන Monday, 03 June 2013 04:07 PM
වහාම ලංකාවට එන්න. නැතිව පස්සේ කෙදිරි නොගා... (නි)
මංජුල රියාද් Monday, 03 June 2013 04:19 PM
යාළුවා කියන දේ අහන් නැත්තම් අපි මොනවා කරන්නද ?(නදී)