IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෞදියට ස්වසන වයිරසයක් පනී

 මාරාන්තික  කොරෝනා  වයිරසය  වැලඳුණු ආසාදිතයින්  පස් දෙනකු  සෞදි අරාබියේ  නැගෙනහිර පළාතෙන්  වාර්තා වී ඇතැයි  සෞදි අරාබියේ  සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

 සෞදි  සෞඛ්‍ය අමාත්‍යංශයේ  වෙබ් අඩවියට නිකුත් කැර ඇති නිවේදනය සදහන් පරිදි  වාර්තා වී ඇති ඇති කොරෝනා  වයිරස් ආසාදිත රෝගීන්  සියළු දෙනාම  වයස අවුරුදු 73-85 දක්වා  අය වන අතර 2012 වසරේ සැප්තැම්බර්  මස  මෙම කොරෝනා වයිරසය සොයා ගැනීමෙන් පසු  හමු වු ආසාදිතයින් 49 දෙනා අතුරින් 35 දෙනකුම වාර්තා වී ඇත්තේ සෞදි අරාබියෙනි.

 ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වී  අනුව මෙතෙක් ලොව පුරා  මෙම වයිරසයෙන් මිය ගොස්  ඇති 23 දෙනා අතුරින් 18 දෙනකුම සෞදි අරාබියෙන් බවද වාර්තා වේ.

‘මර්ස් කෝව්‘‘ කෙටි නමින් හදුන්වනු ලබන මෙම වයිරසය ‘‘මැද පෙරදිග ස්වසන වයිරසය හා  කොරෝනා වයිරසය‘‘  එකම පවුලේ සාමාජිකයින් වන බව  ලෝක සෞඛ්‍ය සංවිධානය  සදහන් කරන අතර  සාමාන්‍ය උණ  තත්ත්වයන්  මගින් මෙම වයිරසය ආසාදිත වන බවද සදහන් කරයි.

 දැනට මෙම කොරෝනා මාරාන්තික වයිරස් රෝගයෙන් සෞදි අරාබියේ මරණයට පත් වු 18 දෙනා අතුරින් 17 දෙනකුම සෞදි ජාතිකයින් වන අතර සිරියා ජාතිකයන්ද  අල් කසීම්  රෝහලේදී මිය ගිය බව වාර්තා වේ.

 අවසන් වරට මෙම වයිරසය මගින් මිය ගොස් ඇත්තේ  සෞදි අරාබියේ  නැගෙනහිර පළාතේ  අල් හසා  ප්‍රදේශයේ 81 හැවිරිදි  කාන්තාවක් වන අතර ඇය අප්‍රේල් 18 වැනි දින මෙම රෝගය  ආසාදිත වී රෝහල් ගත කර ඇත. මැයි 26 වැනි දින ඇය මිය  ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තා කරයි.

 



අදහස් (0)

සෞදියට ස්වසන වයිරසයක් පනී

දිනේෂ් Wednesday, 29 May 2013 04:28 PM

මම මේ වගේ චිත්‍ර පටියක් බලලා තියෙනවා (දී)

:       0       0

පහන් Wednesday, 29 May 2013 01:28 PM

ෂරියා ට එරෙහිව කොරෝනා. (ස)

:       0       0

සජිත් Wednesday, 29 May 2013 01:35 PM

මේ රෝගය වැඩිපුර වැලෙදෙන්නේ සිරුරේ ප්‍රතිශක්තිය හීන පුද්ගලයන්ට කියලයි මම හිතන්නේ. හේතුව මැරිලා තියන කට්ටිය ඔක්කොලම 80 පැනපු කට්ටිය. ලංකාවට එන්න නම් අවස්ථා අඩුයි (නි)

:       0       0

නීල් Wednesday, 29 May 2013 05:03 PM

මේ වෛරසය දැනටමත් මුළු ලෝකෙටම තර්ජනයක් වෙලා. දැන් වනවිට 24 වන බිල්ලත් අරගෙන ඉවරයි, මේ ලෙඩේ වැළඳුනු 44 දෙනෙක් අතරින්. ලංකාවට වෛරසය නොඑන්න රජය වගබලාගන්න ඕනෑ. (නි)

:       0       0

පහන් Thursday, 30 May 2013 12:22 AM

මේක අර බල සේනාවට වැලදුනොත් මොනවා වෙයිද? (නි)

:       0       0

රීටා Wednesday, 29 May 2013 05:04 PM

කොරෝන කියන්නේ මෙක්සිකන් බියර් වර්ගයකටනේ... ඇයි ඒ නම මේ උණට යොදා ගත්තේ? (නි)

:       0       0

මුන්සීර් Wednesday, 29 May 2013 01:56 PM

පහන්:- මෝඩ අදහස් නම් දාන්න එපා ...................

:       0       0

චන්දික Wednesday, 29 May 2013 02:22 PM

සියල්ල සිදු වන්නේ අල්ලාහ් ගේ කැමත්තටලු. (ස)

:       0       0

මේනකා සෞදි අරාබිය Wednesday, 29 May 2013 02:53 PM

සමහර අය ඉන්නවා යම් කිසි දෙයක් තේරුම් ගන්න බැරි හැම දෙයක්ම විහිළුවකට ගන්න අය. මේක හරි වැදගත් දැනුම් දීමක්. යමක් දෙස යථාර්ථවාදීව බලන්න. දෙයක් හොඳ හෝ නරක අගයන්න. මේක ඉතා වැදගත් මාධ්‍ය ජාලයක්. සෞදි අරාබියේ දසත වාර්තාකරු ලලිත් ප්‍රේමලාල් මහතාට අපගේ ස්තුතිය. (නි)

:       0       0

කුමාර Wednesday, 29 May 2013 12:42 PM

ලාංකිකයනුත් පරිස්සමෙන්.. (ස)

:       0       0

සමන්ත Wednesday, 29 May 2013 12:42 PM

ලාංකික ගෘහ සේවකයන් අනතුරේ.(ස)

:       0       0

සිතා Wednesday, 29 May 2013 12:42 PM

මේක බයානකයිලු නේද ? (ස)

:       0       0

ගයාල් Wednesday, 29 May 2013 12:47 PM

වැඩිහිටි අයගේ ප්‍රතිශක්තිය අඩු නිසා වෙන්න ඇති එයාලටම හැදුනේ. (ස)

:       0       0

සශිනි Wednesday, 29 May 2013 12:48 PM

ඕක බෝ වෙන්නේ කොහොමද ? (ස)

:       0       0

හරිදු Wednesday, 29 May 2013 12:49 PM

ගෘහ සේවිකාවන් හරහා ලංකාවටත් එන්න පුළුවන්. (ස)

:       0       0

නිමාලි Wednesday, 29 May 2013 12:48 PM

ලංකාවටත් අවොත් නම් සෙල්ලම් නෑ. (ස)

:       0       0

මහේෂ් ද සිල්වා Wednesday, 29 May 2013 01:16 PM

අල්ලාහ්ගේ කැමැත්ත.තව ඉස්සරහට හලාල් කරන එකේ පවත් එනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site