IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සෞදියේ හොරෙන් සිටි17000 කට වැඩ වරදී

සෞදියේ  නීති විරෝධි ලෙස සිටින විදේශිකයන් 17000 ක් සදුදා (11) සවස් වන විට සෞදියේ රියාද් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව  සෞදි පුවත්පත් වාර්තා කරයි.

ඒ අතර කාන්තාවන් හා ළමයින්ද සිටින බව වාර්තාවේ.

රියාද් පොලිස් ප්‍රකාශක  බ්‍රිග්‍රේඩ්යර් නසාර් බින් සයීද් අල් කතානී මහතා පවසා ඇත්තේ  මෙම පිරිස හැකි ඉක්මනින් සෞදි අරාබියෙන් පිටත් කිරීමට කටයුතු කරන බවයි.

පසුගිය සෙනසුරාදා(09)  රියාද් ආරක්ෂක බලධාරීන්  විසින් සියලුම  නීතී විරෝධි සංක්‍රමිකයින්   හට ප්‍රකාශ කර සිටියේ නීතීයට ගරු කරමින් තම මව් රටට යාම සදහා වහාම රැදැවුම් කඳවුරු වෙත භාර වන ලෙසයි.

කෙසේ වුවද ඒකරාශි වී සිටි  නීතී විරෝධී  දකුණු අප්‍රිකා  ඉතියෝපියන් ජාතිකයින් දෙදෙනෙක් මැනපොවුහා දිස්ත්‍රික්කයේදී  ආරක්ෂකයින් හා ගැටීමෙන් මිය ගියහ.

සෞදි ජාතිකයින් 28 දෙනක්  ඇතුළුව 68 දෙනෙක්  තුවාල ළදහ. 50 දෙනකුට අධික ප්‍රමාණයක් රෝහල්ගත කැර ඇත.

මෙම කාල සීමාවේදී 561 දෙනෙක් අත්අඩංගුවට පත්විය.

මෙම ගැටුම පැවැති  කාලයේ තුල නීතී විරෝධි ඉතියෝපියානු  ජාතිකයන් විසින් එල්ල කරන ලද  ගල් පහර වැදීමෙන් වාහන 104 හානි  වී ඇති අතර කඩ සාප්පු   කිහිපයකටද හානි සිදු වී ඇත.

පොදුසමා කාලය ඉවත් වීමට පෙර සෞදි රජය විසින්  නිකුත් කළ නිවේදනය කට අනුව වාර්තා වුයේ පොදු සමා කාලය අවසන්  වීමෙන් පසුව  අත්අඩංගුවට ගන්නා සියළුම විදේශිකයන් වසර දෙකක කාලයකට බන්ධනාගාර ගත කර සෞදි රියාල් 100,000(රුපියල් 3,495,622,91) ක පමණ දඩ මුදලකට යටත් කරන බවයි.

එසේ වුවද  පුවත්පත් වාර්තා කරනුයේ අත්අඩංගුවට ගන්නා සියලුම විදේශිකයින්  හැකි ඉක්මනින්  සෞදි අරාබියෙන් පිටුවහල් කරන බවයි.

 



අදහස් (0)

සෞදියේ හොරෙන් සිටි17000 කට වැඩ වරදී

ධම්ම Wednesday, 13 November 2013 05:12 PM

සෞදිය ගැන ඇහෙන කතා හරි අමිහිරියි. ඒ මදිවට එළවද්දීත් මේ මිනිස්සු සටන් කරමින් එහිම ලැගගෙන ඉන්නේ ඇයි? (නි)

:       0       0

ප්‍රියා Wednesday, 13 November 2013 05:51 PM

ලෝකෙට පරාකාසේ ගෙදරට මරගාතේ තමයි (නි)

:       0       0

ප්‍රියන්ත(කුවේට්) Wednesday, 13 November 2013 05:54 PM

මෝඩ මිනිස්සු. දුන් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තේ නැහැ (නි)

:       0       0

සන්ද්‍යා(කුවේට්) Wednesday, 13 November 2013 06:15 PM

හොරෙන් ඉන්නවට හොද වැඩේ!! (නි)

:       0       0

ජයතිස්ස Thursday, 14 November 2013 10:19 AM

මොකෝ තමන්ගේ රටවල් වලට යන්න බැරි මේ අයට .. (ස)

:       0       0

මොහොමඩ් Thursday, 14 November 2013 04:09 AM

එලෙව්වත් මේ මිනිස්සු තමන්ගේ රටවලට යන්නේ නැතුව සෞදිවලම බදු අරගෙන ඉන්නවානම්,එරට ඔවුන්ට හොඳ ඇති අනික හොඳ පැදියක් ලබෙනවත් ඇති කෝ අර වීර කියන මොලේ හොඳ නැති කෙනා ගිහින් කියන්න, (දී)

:       0       0

ජෝන් Wednesday, 13 November 2013 04:44 PM

මමත් පැනලා ඉන්නෙ. කවුරුත් මාව ඇල්ලුවෙ නැහැ. (ස)

:       0       0

ජකා Tuesday, 19 November 2013 12:41 AM

රියාද් වල ලංකාවේ එම්බසියට යනවා පොලිසියෙන් අල්ලනකොට බේරෙන්න. සෞදියේ පැනල ඉන්න ලංකාවේ ඔක්කොම එම්බසිය ලග පාර්ක් එකට ...(නදී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 13 November 2013 04:59 PM

අනේ හොදයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 304 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site