සෞදියේ නීති විරෝධි ලෙස සිටින විදේශිකයන් 17000 ක් සදුදා (11) සවස් වන විට සෞදියේ රියාද් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව සෞදි පුවත්පත් වාර්තා කරයි.
ඒ අතර කාන්තාවන් හා ළමයින්ද සිටින බව වාර්තාවේ.
රියාද් පොලිස් ප්‍රකාශක බ්‍රිග්‍රේඩ්යර් නසාර් බින් සයීද් අල් කතානී මහතා පවසා ඇත්තේ මෙම පිරිස හැකි ඉක්මනින් සෞදි අරාබියෙන් පිටත් කිරීමට කටයුතු කරන බවයි.
පසුගිය සෙනසුරාදා(09) රියාද් ආරක්ෂක බලධාරීන් විසින් සියලුම නීතී විරෝධි සංක්‍රමිකයින් හට ප්‍රකාශ කර සිටියේ නීතීයට ගරු කරමින් තම මව් රටට යාම සදහා වහාම රැදැවුම් කඳවුරු වෙත භාර වන ලෙසයි.
කෙසේ වුවද ඒකරාශි වී සිටි නීතී විරෝධී දකුණු අප්‍රිකා ඉතියෝපියන් ජාතිකයින් දෙදෙනෙක් මැනපොවුහා දිස්ත්‍රික්කයේදී ආරක්ෂකයින් හා ගැටීමෙන් මිය ගියහ.
සෞදි ජාතිකයින් 28 දෙනක් ඇතුළුව 68 දෙනෙක් තුවාල ළදහ. 50 දෙනකුට අධික ප්‍රමාණයක් රෝහල්ගත කැර ඇත.
මෙම කාල සීමාවේදී 561 දෙනෙක් අත්අඩංගුවට පත්විය.
මෙම ගැටුම පැවැති කාලයේ තුල නීතී විරෝධි ඉතියෝපියානු ජාතිකයන් විසින් එල්ල කරන ලද ගල් පහර වැදීමෙන් වාහන 104 හානි වී ඇති අතර කඩ සාප්පු කිහිපයකටද හානි සිදු වී ඇත.
පොදුසමා කාලය ඉවත් වීමට පෙර සෞදි රජය විසින් නිකුත් කළ නිවේදනය කට අනුව වාර්තා වුයේ පොදු සමා කාලය අවසන් වීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා සියළුම විදේශිකයන් වසර දෙකක කාලයකට බන්ධනාගාර ගත කර සෞදි රියාල් 100,000(රුපියල් 3,495,622,91) ක පමණ දඩ මුදලකට යටත් කරන බවයි.
එසේ වුවද පුවත්පත් වාර්තා කරනුයේ අත්අඩංගුවට ගන්නා සියලුම විදේශිකයින් හැකි ඉක්මනින් සෞදි අරාබියෙන් පිටුවහල් කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදිය ගැන ඇහෙන කතා හරි අමිහිරියි. ඒ මදිවට එළවද්දීත් මේ මිනිස්සු සටන් කරමින් එහිම ලැගගෙන ඉන්නේ ඇයි? (නි)
ලෝකෙට පරාකාසේ ගෙදරට මරගාතේ තමයි (නි)
මෝඩ මිනිස්සු. දුන් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තේ නැහැ (නි)
හොරෙන් ඉන්නවට හොද වැඩේ!! (නි)
මොකෝ තමන්ගේ රටවල් වලට යන්න බැරි මේ අයට .. (ස)
එලෙව්වත් මේ මිනිස්සු තමන්ගේ රටවලට යන්නේ නැතුව සෞදිවලම බදු අරගෙන ඉන්නවානම්,එරට ඔවුන්ට හොඳ ඇති අනික හොඳ පැදියක් ලබෙනවත් ඇති කෝ අර වීර කියන මොලේ හොඳ නැති කෙනා ගිහින් කියන්න, (දී)
මමත් පැනලා ඉන්නෙ. කවුරුත් මාව ඇල්ලුවෙ නැහැ. (ස)
රියාද් වල ලංකාවේ එම්බසියට යනවා පොලිසියෙන් අල්ලනකොට බේරෙන්න. සෞදියේ පැනල ඉන්න ලංකාවේ ඔක්කොම එම්බසිය ලග පාර්ක් එකට ...(නදී)
අනේ හොදයි (නි)