සෞදි අරාබියේ නැගෙනහිර පළාත් ශ්‍රි ලංකා විදේශගත වුවන්ගේ සංගමය වෙසක් පොහොය නිමිත්තෙන් වාර්ෂිකව පවත්වන බත් දන්සැල පෙර දින දමාම් අල්සාපී උත්සව ශාලාවේදී පැවැත්විණි. සෞදි අරාබියේ ශ්‍රී ලංකා නව තානාපති වඩිවෙල් ක්‍රිෂ්ණමුරුති මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයන් ද විවිධ රටවල විශාල පිරිසක් ද මෙම දන්සැලට පැමිණයහ. ලංකා බැංකුවේ සෞදි අරාබි නියෝජිතයන්ගේ විශේෂ අනුග්‍රහයද තමාමි නගරය සහ තදාසන්න ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයෝ ද මීට සහයෝගය දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙළක් අය කීවා නේද සෞදියේ ඔයවගේ දේවල් කරන්ඩ බැහැ කියා, (ස)
සෞදිවල මෙවන් දේවල් කරන්න අවසර තියෙනවා. නමුත් කිසිම බුද්ධ ප්‍රතිමාවක් ප්‍රදර්ශනය හෝ ආගම ප්‍රචාරයක් කරන්න තහනම් නේද? (නි)
ඒ කිව්වේ බොදු බල සේනාවයි අනෙක් අන්තවාදිනුයි තමයි. (නදී)
සංසිනී බොරු කියන්න එපා. ලගදී ඉඳන් නෙමේ අපි හෙම අවුරුද්දේම සෞදියේ දන්සැල් කනවා. ඊයෙත් ගියා අපි.(නදී)
අර තුන්ගසිරි පහුගිය දවස්වල ලොකු බොරුවක් කිව්වනේද? (නදී)
තුංගසිරි කියපු දේවල් ඇත්තද බොරුද කියලා දැන් බලාගන්න පුළුවන් නේද? (නි)
බුද්ධ ප්‍රතිමා තානාපති කාර්යාලයේ තියෙනෙවා. තුංගසිරි කියපු දේවල් බොරු මිසක් ඇත්තක් නැහැ.(නදී)
ඉම්බ්ර්න් , පෙරෝස් ,පිසල් අපි ඉන්නෙත් සෞදි වල. මේවා කොහොමද කලේ කියලා ඔයාලගේ හදවතින් අහලා බලන්න. තුංග සිරි කිව්වේ බෝරුද කියලා ඔයාලා ඔයාලගෙන්ම අහලා බලන්න. ඔබලාට අල්ල්හා දෙවි පිහිටයි.(නදී)
ඉම්රාන්, තානාපති කාර්යාලයේ දේවල් වලට සෞදි පොලිසියට අතතියන්න බෑ. ඒක ජාත්‍යන්තර නීතිය. බෞද්ධ අපට අපි නැවතිලා ඉන්න තැන්වල බුද්ධ රූප, ප්‍රතිමා තබාගන්න තියා, බුද්ධාගම එලිපිට අදහන්නවත් බෑ. සෞදියේ නීතියට අනුව බරපතළ වරදක්.(නදී)
තුන්ගසිරි කිව්වේ 10,000% ඇත්ත. ඔය රටේ මිනිස්සු හරිම ජාතිවාදියි, ආගම්වාදියි. ඕනෑම ප්‍රශ්නයක් වුනාම අහන්නේ මුස්ලිම්ද කියලා. මුස්ලිම් නොවේනම් බඩුම තමා. කිසිම සමාවක් නැත. ප්‍රශ්නයක් වුනාම උඹත් මුස්ලිම් මමත් මුස්ලිම් කියලා අරාබිකාරයන්ගෙන් බේරෙන හැටි දන්නේ අරාබියේ ඉන්න අපේ ලංකාවේ මුස්ලිම් සහෝදරයන් තමයි.(නදී)
ඇත්තටම තුන්ගසිරි කියපුවත් ඇත්ත. මේ තියන එකත් ඇත්ත. මොකද මමත් මේකට සහබාගි උනා. මෙතැන ආගමට සම්බන්ද දෙයක් උනේ නැ. එක නිසා ප්‍රශ්නයක් උනේ නැ. අනික තානාපති තුමත් අවා. මේ රටේ වෙන කිසිම ආගමක් අදහන්න තහනම්. බුදු පිළිම තියාගන්න කොහොමත් තහනම්. දඬුවමත් ගොඩක් දරුණුයි. අනික මේ වගේ ජනතාව එකතු වෙන ඒවා තියන්නත් තහනම්. එහෙම අමාරු තත්වයකදී මේවගේ දෙයක් සංවිධානය කරපු අය වගේම අනුග්‍රහය දක්වපු ලංකා බැංකු මහත්තුරුන්ටත් ගොඩක් පින්.(නදී)
ඔය කියන ආගමික නිදහස නම් සෞදි වල නැහැ, දන්සල දුන්න එක ගොඩක් අගය කරනවා, එත් කොලේ වහන්න දෙයක් නැහැ, මේ රටේ මුස්ලිම් ආගම හැර වෙනත් කිසිම ආගමක් අදහන්න නිදහසක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා කියන ඕනෑම කෙනෙක්ට මම අභියෝග කරනවා. මමත් ඉන්නේ සෞදි වල, මුස්ලිම් ජනතාවට ශ්‍රිලංකාවේ ඉඳල තමන්ගේ ආගම අදහන්න තියන නිදහස බුද්දාගමේ අපිට තියනවද සෞදි වල. ඒ ටික විතරක් මට කියන්න.(නදී)
සමන්,චමිල,මංජුල කට්ටියයම ගිහිල්ලා හොඳට දන්සල් කාලා ආවා නේද?ඉතින් තව මොකටද ඔය අනන් මනං කියවන්නේ? (නි)
ඒත් සෞදි නීතිය ගැන නම් අපිට සතුටු වෙන්න අමාරුයි (නි)
මම ඉන්නෙත් සෞදි මෙහෙ වෙසක් කාඩ් එකක් දුටුවත් විසි කරනවා. පත්තර වල තියෙන හැම බුදු පිලිමෙකම තින්ත ගාල මකල තමයි එවන්නෙ. ඒවා කරන්නෙත් ලංකාවේ අයම තමයි. බුදු පිලිමයක් ප්‍රසිද්දියෙ තියා ගත්තොත් ඉතින් බෙල්ල නැතිව තමයි එන්න වෙන්නෙ.(නදී)
විමලසේන, මෙතන දන්සලෙන් කන එක නෙවෙයි ප්‍රශ්නේ. තමන් කැමති ආගමක් අදහන්න නිදහස නැති එකයි ප්‍රස්නේ. ඔබතුමා මෙහෙට ඇවිත් ඉඳල බලන්නකෝ. අස්මිත් - අපි අපේ නැති බැරි කමට සෞදි ඇවිත් අපේ හැකියාව , ශ්‍රමය විකුණලායි සල්ලි හම්බ කරන්නේ. එහෙම නැතුව සෞදි වලින් අපිට පිනට දෙන්නේ නැහැ. සෞදි රට තනිකරම දුවන්නේ විදේශිකයන්ගේ ශ්‍රමයෙන්. ප්‍රස්නෙ ඒක නෙවෙයි තමන් කැමති ආගම අදහන්න නිදහස තියනවද කියන්නකෝ සෞදි වල. අස්මිතට ලංකාවේ ඉඳල මුස්ලිම් ආගම අදහන්න කාගෙන්වත් බාදාවක් නැහැනේ. එත් සෞදි වල අනිත් කිසිදු ආගමක් අදහන්න බැහැ. එක තමයි ඇත්ත.(නදී)
සෞදි අරාබියට අප යන්නේ රැකී රක්ෂා සම්බන්දයෙන් පමණි. අපව ඔවුන් ගෙන්වන්නේ සෞදියේ පදිංචි කරන්න නම් අපිට ඔවුන් ලියාපදිංචිය දෙන ගමන් බහු ආගම අදහන්න වැඩපිළිවෙලක් සකසා දෙනු ඇත. අනිකුත් රටවල එසේය. හැක(උදා:එක්සත් එමීර් රාජ්‍ය) අපේ රැකියාව කර මුදල් හම්බ කර ආපිට එන එක විතරයි අපි කළ යුත්තේ. අවුරුදු 40 කට වඩා අපේ රටින් කී දාහක් සිංහල බෞද්ධ ජනයා පවුල් පිටින් කොයිතරම් කාලයක් මුදල් හම්බ කරලා හොදින් ජීවත් වෙලා කරදරයක් නැතුව ලංකාවට ඇවිත් ජීවත් වෙනවද? (නි)
මේ ලගදි ඉදන් ලොකු වෙනසක් ...හොදයි හොදයි..(ස)