සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලංකා විදේශගතවුවන්ගේ සංගමය මගින් වෙසක් පොහෝ දිනට සමගාමීව වසරක් පාසා සංවිධානය කරන බත් දන්සල නැගෙනහිර පළාත දමාම් නයිට් වන් -දල්ලා ප්‍රදේශයේ අල් සෆි උත්සව භූමියේදී ජුනි 07 වැනිදා පැවැත්වීමට නියමිත යැයි එම සංගමයේ නව සභාපති එස් .එල් පතිරාජ මහතා පවසයි.
එදිනට බත් දන්සලට සහභාගී වී එය භුක්ති විදින ලෙස එරට සිටින සියළු ශ්‍රී ලාංකිකියන් හට අරාධනා කරන අතර වැඩි විස්තර 0500998349 ඇමතීමෙන් ලබා ගත හැකි යැයිද සංවිධායක මණ්ඩලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදියේ බෞද්ධ පින්කම් කිරීම බරපතල වරදක් නේද? (නි)
මගේ සහෝදරවරුනි, සෞදි රටේ අවුරුදු උත්සව, වෙසක් උත්සව අවුරුදු ගණනාවක සිට ලාංකිකයින් විසින් පවත්වනවා. ඒවාට අරාබිකාරයිනුත් උදව් කරනවා. එම රටේ මුස්ලිම් නොවන ශ්‍රමිකයින් ලක්ෂ ගණන් සිටිනවා. කිසිවෙකුටත් තම ආගම පිළිපදින්න තහනමක් නැහැ. ආගමික සිදධස්ථාන ඇති කිරීම පමණක් තහනම්. ලංකාවෙ නම් ඕනෑම වරදක් කරලා පහසුවෙන් බේරෙන්න පුළුවන්. නමුත් එහි නීති තදයි. අපේ සමහර අය මෙහි කරනවා වගේම එහෙත් වැරදි කරනවා. (නි)
සෞදිය කියන්නේ සුනාපරන්ත ජනපදයටද? (නි)
වෙසක් නම් මැයි මාසේ. නමුත් සෞදි වල ඔක්කොම අනිත් පැත්තට කරන නිසා එක හරි කියල මට හිතෙනවා. (ස)
කරන්න යන පිංකම නම් උදාර එකක්. ඒ උනාට ෂරියා නීතියට අනුව දඩුවම බෙල්ල කැපීම හෝ කස පහර දීම විය හැකියි. කරන දෙයක් පරිස්සමින් කරන්න. ම්ලේච්ඡ නීති ක්‍රියාත්මක රටක් නේ ඕක. ඔබ සැමට තෙරුවන් සරණයි.(ස)
ඉන්දික, මම හිතන්නේ මේක සංවිධානය කරන සෞදියේ ඉන්න අය ඔයාට වඩා හොඳට දන්නවා එහෙ නීතිය මොකක්ද කියලා.(නදී)
බලාගෙන කස පාරවල් කන්න වේවි ? (ස)
සෞදියේ අපට අසන්න ලැබෙන ලාංකිකයන්ගේ (අ)
සෞදියේ ලාංකික අපට වෙසක් සැමරීමට ඇති එකම පිළියම මේක පමණි. නමුත් බුදු රුව ප්‍රදර්ශනය කිරීම ඇදහීම සපුරා තහනම්..... (නි)
සමන් පරාර.බොරු පිබින අප ඔය අන්න දමං වලට අපි පන්නනම් පිළිම ඕන තරම් (අ)
සන්තෝසයි ඇත්තටම
චේතනාව පිරිසිදු නම් ඔබ කරන ක්‍රියාවෙන් යහපත් ප්‍රතිඵල ලැබේවි (නි)
සෞදි අරාබියෙ ලංකාවේ අය ගොඩාක් රස්සාව කරනවා. රටට වාර්ෂික ආදායම ඩොලර් බිලියන් 1/2. යම් යම් සීමාවන් ඇතිව ඕනෑම කෙනෙකුට තමන්ගේ ආගම අදහන්න පුළුවන්. කිසිම කෙනෙකුට කිසිම තහනමක් නැහැ අපේ අය නඩුවක් දාගත්තහම කාටවත් ගැලවෙන්න බැහැ. (නි)
කරන්නේ බොහොම හොද වැඩක්. නමුත් ඉන්දික කියන දේ වුණත් වෙන්න බැරි කමක් නැහැනේ. තුන්ගසිරි මහත්තයට වුනෙත් ඒ වගේ දෙයක් නිසා ඕක සංවිධානය කරන අය කල්පනාවෙන් කරන්න. මගේ සුභ පැතුම් (නි)
වෙසක්, පොසොන් නිමිති කරගෙන සෑම වසරකම කෙරෙන මෙම පින්කම් වලට සිංහල, ද්‍රවිඩ, මුස්ලිමුන් පමණක් නොවෙයි ඇතැම් වසරවල සෞදි අරාබි ජාතිකයින්ද ඔවුන්ගේ ශ්‍රමයෙන්, මුදලින් මෙන්ම විශාල නිවාස - ශාලා - විලා ආදියද ලබාදෙමින් උදව් කිරීම මෙහි වසර ගණනාවක්ම ජීවත්වෙන අය හොඳින් දන්නා කරුණක්. (නි)