IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සෞදියේ ජංගම සේවයක් ජුනි 07 වැනිදා

සෞදි අරාබියේ  නැගෙනහිර පළාතේ විදේශ තානාපති  ජංගම සේවාවක්  ජුනී 07 වැනිදා  පැවැත්වීමට  රියාද් තානාපති කාර්යාලය කටයුතු යොදා ඇතැයි  රියාද් තානාපති කාර්යාලයයේ   උසස් නිලධාරියෙක්  පැවසීය.

 ජුනි 07 වැනි දින පැවැත්වෙන විශේෂ තානාපති  ජංගම සේවයක්  අල් කොබාර් දමාම්  අධිවේගී  මාර්ගයේ රකා  ඇස්ටුන්  රෝහල ඉදිරිපිටදී  පිහිටි යෝජිත ශ්‍රී ලංකා  ජාත්‍යන්තර පාසලේදී  උදෑසන  8.00 සිට  දවස පුරාම  පැවැත්විමට  කටයුතු යොදා ඇති අතර  එදින විශේෂයෙන්ම සිදු වන්නේ  නීතී විරෝධී හෝ  අවතැන් වුවන් සදහා  තාවකාලික බලපත්‍ර  නිකුත් කිරීම බව  තානාපති නිලධරයෝ කියති. 

පොදු සමා කාළය යටතේ  මව් බිමට  යාමට සුදානම් වන  සියළු ශ්‍රී ලාංකිකයින්  තමා  සෞදියට පැමිණෙන විට  සන්තකයේ තිබු  ගමන් බලපත්‍රයේ  පිටපතක් හෝ ඉක්වා කාඩ් පතෙහි  පිටපතක්ද  රැගෙන  එන ලෙස  දන්වා සිටින  සිටින අතරම  අවතැන් වුවන්හෝ  අනවසරික  සෞදි  අරාබියේ රැදී සිටින  සියළු  ශ්‍රී ලාංකික යින්  ජුනි 26 වැනි දිනට ප්‍රථම තම තාවකාලික ගමන් බලපත්‍රය ලබා ගැනීම සදහා  රියාද්  ප්‍රධාන කාර්යාලය ජෙඩා නුවර  පිහිටි  කොන්සියුලර් කාර්යලයට  සහ ළගම පිහිටි  තානාපති ජංගම සේවාවන්ට  වාර්තා කරන ලෙසද ජුලි මස  03 වැනි  දිනට සෞදි අරාබියෙන් පිටත් විය යුතු  බැවින්  හැකි ඉක්මනින්  තම තාවකාලික බලපත්‍රය  ලබා ගන්නා ලෙසද  රියාද් තානාපති කාර්යාලයයේ අමාත්‍ය  අනුර මුතුමාල මහතා  කියයි.

 මේ අතර නැගෙනහිර  පළාතේ  වෙසෙන තාවකාලික  ගමන් බලපත්‍ර ලබා ගත්  සියළු ශ්‍රී ලාංකිකයින්  තම ගමන් ලියැවිල්ල  සමඟ  තමා සෞදියට පැමිණෙන විට සන්තකයේ තිබු  ගමන් බලපත්‍රයේ   වීසා සටහන්  පිටුවේ පිටපත් දෙකක්  හෝ ඉක්වා කාඩ් පතෙහි  පිටපත් දෙකක්ද   සමඟ දමාම් ‘නයින්ටි‘  වන් ආගමන විගමන  කාර්යාලයයට ගොස්

පිටවීමේ  වීසා පත ලබා ගන්නා ලෙසද ජුලි මස 03 වැනි දිනට පෙර  මවිබිමට පිටත් වීම සදහා  කටයුතු කරන ලෙසද  නැගෙනහිර පළාත සුභසාධන  නිලධාරී චාලි තලයරත්න  මහතා කියයි.

 විශේෂයෙන්ම  රියාද් තානාපති  කළාප වල රැකියාවන් හි  කළ කිසිවකුටත්  දමාම් ආගමන විගමන  කාර්යාලයයෙන් පිටත්  වීමේ විසා ලබා නොදෙන  බව හා  ඒ පිළිබඳව වැඩි විස්තර 8644340  ඇමතීමෙන් ලබා ගත හැකි බව  චාලි තලයරත්න මහතා  වැඩි දුරටත් පැවසීය.



අදහස් (0)

සෞදියේ ජංගම සේවයක් ජුනි 07 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site