පොළොන්නරුව සුදු නෙලූම්ගම හා සුවසෙතගම ගම්මාන වලට අද (26) වැස්සත් සමග හමාගිය තද සුළඟකින් නිවාස 23 කට පමණ දැඩි අලාභ සිදු වි ඇති බව පොලොන්නරුව පොලිසිය කියයි.
විදුලි රුහැන් , දුරකතන රුහැන් හා නිවාස වල වහලවල් වලටද හානි සිදු වි ඇති බව ගම්වාසිහු පවසති.
නිවාස හානි වුවන්ගේ තොරතුරු ලබාගෙන ඔවුන් සදහා වන්දි ගෙවිමට අවශ්‍ය කටයුතු කරන බව පොළොන්නරුව දිස්ත‍්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසයි.

![DSC01618[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC016181.jpg)
![DSC01597[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC015971.jpg)
![DSC01598[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC015981.jpg)
![DSC01601[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/DSC016011.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිස්සු , පව් ස්වභාවධර්මය එයාලට වින කලාට , බලන්න ඒ මිනිස්සු මොනතරම් පරිසරයට ආදරේද කියල , ගෙදර බිත්තියේ එල්ලලා තියෙන මුට්ටිය , ගේ කුරුල්ලන්ට දරු සුරතල් බලන්න (ම)
රට කාබාසිනියා කරන දේශපාලුවන්ගේ ගෙවල් වලට මේවා කඩා වැටෙන්නේ නැහැනේ. එ්කත් වෙන්නේ ආසරණ මිනිස්සුන්ට. (නි)
ගමේ නම සුදුනෙළුම්ගම වුණාට බලන්නකෝ ගෙවල් වල හැටි. මිනිසුන්ගේ ජීවන චර්යාව සහ ආර්ථිකය එයින්ම කියන්නට පුළුවන්. (නි)
ඇත්ත මනෝජ්, පවු ඒ මිනිස්සු (නි)
මේ අහිංසක මිනිසුන්ටමයි ඔක්කොම වෙන්නේ. (ර)
කොළොඹට කිරි ගමට කැකිරි... (ර)