දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී ලෝක සිනමාවේ හොඳම චිත‍්‍රපටිය ලෙස සම්මාන දිනාගත් ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම චිත‍්‍රපටියේ සිදුහත් චරිතයට පන පෙවූ ඉන්දීය නළු ගගන් මලික් සහ චිත‍්‍රපටියේ නිෂ්පාදක ආසියා ආලෝක පදනමේ සභාපති නවීන් ගුණරත්න යන මහත්වරුන් එම සම්මාන රැගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයෙන් දිවයිනට පැමිණියහ.
දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා රටවල් 29 කින් නිර්මාණ ඉදිරිපත් කර ඇති අතර ලෝක සිනමා උළෙලකදී ශ‍්‍රී ලංකාව මෙවන් ජයග‍්‍රහණයක් හිමිකරගත් ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි.
මීට අමතරව එහිදී ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම චිත‍්‍රපටියේ නිෂ්පාදක ආසියා ආලෝක පදනමේ සභාපති නවීන් ගුණරත්න මහතාට විශේෂ උපහාර සම්මානයක්ද පිරිනමා ඇති අතර එය පිරිනමා ඇත්තේ සාමය හා මනුෂ්‍යත්වය උදෙසා කළ මෙහෙවර අගයමිනි.
ශ‍්‍රී ලංකාවට ගෞරවයක් අත් කරදෙමින් දිවයිනට පැමිණි මෙම දෙදෙනාව ශ‍්‍රාස්ත‍්‍රපති කොලොන්නාවේ නාරද හිමියන් ඇතුළු ජාතික චිත‍්‍රපටි සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ, සිද්ධාර්ථ ගෞතම චිත‍්‍රපටියේ අධ්‍යක්ෂක නවීන් වීරමන් යන මහත්වරුන් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ඉතා උනුසුම් අන්දමින් පිළිගත්හ.
එහිදී මාධ්‍ය ඇමතූ සිද්ධාර්ථ චරිතයට පන පෙවූ ඉන්දීය නළු ගගන් මලික් මහතා පැවසූවේ
‘‘මේක ශ‍්‍රී ලංකාවට ආඩම්බර විය හැකි අවස්ථාවක්. ඒ වගේම ශ‍්‍රී ලංකා සිනමා ඉතිහාසයේ ලොව හොඳම චිත‍්‍රපටිය ලෙස සම්මාන ලැබූ ප‍්‍රථම අවස්ථාවක්.
මෙය මනුෂ්‍යත්වයේ ජයග‍්‍රහණයක් වගේම ජාතීන්ගේ ජයග‍්‍රහණයක්.
මෙයින් උසස් පණිවිඩයක් ලෝකයට ගිනියනවා. ආදරය, කරුණාව සහ සාමය ලොවට ගෙනයමින් තැනු මෙම චිත‍්‍රපටියට ලැබුනු මෙම සම්මානය ගැන අපි සියළු දෙනාම සතුටු වෙනවා.
මේක යම් ආරම්භයක් පමණයි. ඉදිරියේදී මුළු ලෝකයම මේ චිත‍්‍රපටිය සමග අත්වැල් බැඳ ගනීවි යැයි මම සිතනවා. මම ශ‍්‍රී ලංකාවට ගොඩක් ආදරෙයි.‘‘
සිද්ධාර්ථ ගෞතම් චිත‍්‍රපටියේ නිෂ්පාදක නවීන් ගුනරත්න මහතා
‘‘ඇත්තටම මේක චිත‍්‍රපටියකට වඩා මනුෂ්‍යත්වය ගැන ලෝකයට ලොකු පණිවඩියක් ගෙනි යන බව අපි දැක්කා. ඒ පණිවිඩයට තමයි මේ ජයග‍්‍රහණය ලැබුනේ.
ඒ පණිවිඩය නිර්මාණය කරලා චිත‍්‍රපටිය තනපු අධ්‍යක්ෂක සමන් වීරමන් මහතා ඇතුළු ශ‍්‍රී ලංකාවේ අපේ කණ්ඩායමත් ඉන්දීය නළු නිලූයොත් එක්ක මේක ජාත්‍යන්තර මට්ටමට ගිනියන්න පුළුවන් කියා අපි විශ්වාස කරනවා.‘‘
චිත‍්‍රපටියේ අධ්‍යක්ෂක සමන් විරමන් මහතා
‘‘රටේ ජනතාවටත් ශ‍්‍රී ලංකාවටත්, ශ‍්‍රී ලාංකීය සිනමාවටත් මෙම චිත‍්‍රපටිය ගෞරවයක් ගෙන දී තිබෙනවා. මෙය ශ‍්‍රී ලාංකීය සිනමාවට තවත් ප‍්‍රවේශයක් ලබා දුන් අවස්ථාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.
නවීන් ගුණරත්න මහත්මයා නිෂ්පාදක හැටියටත් මේ චිත‍්‍රපටියට සම්බන්ධ වු සියළු දෙනාම මේ සම්බන්ධයෙන් ආඩම්බර විය යුතුයි.
ජාතික චිත‍්‍රපට සංස්ථාව අරම්භයේ ඉඳලම මෙයට සහයෝගය ලබා දුන්නා. එයත් මේ අවස්ථාවේ කෘතඥතා පුර්වකව සිහිපත් කරනවා.‘‘
චිත‍්‍රපටි සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතා පැවසුවේ
‘‘දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේ මේ සම්මානය ලබා ගැනීම ඉතාමත් ඓතිහාසික සිද්ධියක්.
ලෝක සිනමා උළෙලකදී කවදාවත් බෞද්ධ චිත‍්‍රපටියකට සම්මාන හිමි වෙලා නැහැ.
මේ තමයි පළමු අවස්ථාව බෞද්ධ චිත‍්‍රපටියකට සම්මාන ලැබුන. ඓතිහාසික සිදුවීමක්.
මේක නිකන්ම බෞද්ධ චිත‍්‍රපටියක් නෙමෙයි සිද්ධාර්ත කුමාරයගේ චරිතාපදානය ඉදිරිපත් කරන චිත‍්‍රපටියක්.
මෙතනදි ලෝක සිනමාවේ ලොකු පෙරලියක් වගේම නව නැම්මක් ඇති වී තිබෙනවා.
ඒ වගේම ශ‍්‍රී ලංකාව පිලිබඳව ජාත්‍යන්තරය කල්පනා කරන තත්වය වෙනස් කරන්නත් මේ සම්මානය ප‍්‍රබල පිටුවහලක් වේවි.
ථෙරවාදී බුදු දහම ස්ථාපිත වෙලා තියෙන ශ‍්‍රී ලංකාව මේ සිද්ධාර්ථ චරිතය පදනම් කරගෙන සැදු චිත‍්‍රපටියේ සිනාමානාත්මක ගූණයෙන් විශිෂ්ඨ තත්වයකට පත්වීම නිසා ජාත්‍යන්තර සම්මානයක් දිනලා තියෙනවා.
විශේෂයෙන් මේ චිත‍්‍රපටිය තැනීමේදී මෙහි සම්පුර්ණ බර ඇදගෙන එය දරාගෙන හිටපු නවීන් ගුණරත්න නිෂ්පාදකවරයාත්, සමන් වීරමන් අධ්‍යකෂ වරයාත් ඒ වගේම සිද්ධාර්ත චරිතයට පනදුන් ගගන් මලික් කලකරුවාත් විශාල මෙහෙයක් මෙම චිත‍්‍රපටිය වෙනුවෙන් ඉටු කළා.
මේ සම්මානය ලැබී ඇත්තේ ලංකාවට පමණක් නොව බෞද්ධයන් හැටියට ලෝක වාසී සියළුම බෞද්ධ ජනතාවට කරපු ගෞරවයක් හැටියට මම විශ්වාස කරනවා.''
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට අමතරව සිද්ධාර්ථ චරිතයේ නොගැලපෙන ජවනිකා බොහොමයක් තිබුනා. ප්‍රධාන තැන ගිහිගෙයින් නික්මීමේ තැන. එතන ජවනිකාව බුදු සිරිතේ නම් නැහැ. ඒත් අපේ ස්වාමීන් වහන්සේලා ඒ ගැන නිහඩව උන්නා.(නදී)
මම නම් මේ චිත්‍රපටිය තාම නරඹලා නැහැ. මොනවා උනත් රටක් ලබපු ජයග්‍රහණ ඉදිරියේ මාත් සතුටු වෙනවා මොකද මේ තුලින් වෙන්නේ සමාජ සෝදනයක්. බුදුන්ගේ උතුම් දහම එහෙමයි. මේකට උර දුන් සැමට උණුසුම් සුබ පැතුම්! (නදී)
එය ඉතා හොඳ චිත්‍රපටයක්. මම ගොඩක් කැමතියි.(නදී)
අපේ ලංකාවටම ආඩම්බරයක්. ඒ වගේම ලෝකේ ඉන්න මිනිස්සුන්ටත් මේක ආදර්ශයක්. අපේ ආගමට මේ වගේ සම්මානයක් ලැබුනයි කියන්නේ අපිට ආඩම්බරයක්. මේ චිත්‍රපටිය තනන්න යෝජනා කරලු සියළු දෙනාටම මගේ ආචාරය පුද කරනවා. ඔබ සැමට බුදුසරණයි.(නදී)
විශේෂයෙන්ම බෞද්ධ ආගමේ සහ බෞද්ධ දර්ශණයේ ආරම්භය වූ සිද්ධාර්ථ කුමරුගේ චරිතය පදනම් කර චිත‍්‍රපටියක් නිෂ්පාදනය කිරීම ඉතාමත් අපහසු කාර්යයකි. ලෝක සිනමා උළෙලකදී හොඳම චිත‍්‍රපටිය ලෙස සම්මානයක් දිනාගැනීම එලෙසම ඉතාමත් අසීරු කරුණකි. මේ කාර්යය දෙකෙන්ම ජය ගත් ඔබ සැම ලංකාවට විශාල ගෞරවයක් ගෙන දී ඇති බව ප්‍රශංසා පූර්වකව සඳහන් කරමි. සැමටම මගේ උණුසුම් සුබ පැතුම්! (නදී)
මමත් හොඳ බෞද්ධයෙක්. ඒත් මේ චිත්‍රපටිය බලල දුක් උනා ගොඩක්. මුලින්ම සිද්ධාර්ථ ගෞතම කියල අපි කවදාවත් සිදුහත් කුමාරයව අදුන්වන්නේ නෑ නේද. අනික තමයි. සිදුහත් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරන්නේ කාටවත්ම නොකියා. නමුත් චිත්‍රපටියේ යශෝදරා දේවිය කියනවා "මට නින්ද යනකල්වත් ඉන්න" කියලා. තව රජතුමන්ලගේ ආභරණ,අජාසත්ත කුමාරයාගේ චරිතය, මේ පොඩි සිද්ධි විතරයි. තව ගොඩක් අඩුපාඩු තිබුණා. මීට වඩා ගොඩක් හොඳට කරන්න පුළුවන්කමක් තිබුණ චිත්‍රපටියක් කියලයි මට හිතෙන්නේ. (නදී)
සිදුහත් කුමාරය කියන්නේ මනුස්සයෙක් බව ලෝකයට ලස්සනට කියලදීපු අපුරු නිර්මාණයක් . මම සුබපතනවා (අ)
මම මේ බුද්දාගමට අගෞරව කරනවා නෙවෙයි. ඒත් මම දැකපු දුර්වලම චිත්‍රපට දෙක තමයි මහින්දාගමනය සහ සිද්ධාර්ථ ගෞතම . මේ දෙකම මට නරඹද්දී දැනුනේ ලාභ ඉපයීම පමණක් අරමුණු කරගෙන අඩුම වියදමක් දරල කරපු චිත්‍රපටි විදියට. කිසිම කලාත්මක බවක් තිබුනේ නැහැ. මහින්දාගමනය චිත්‍රපටයේ දෙබස් හරියට පාසල් ළමයිගේ වේදිකා නාට්‍යවල වගේ. සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටියේ ඈතින් ටෙලිෆෝන් සිග්නල් කණුත් පේන තැනක් තියෙනවා. මාලිගාවට යන පාර දෙපැත්තේ නුතන උද්‍යාන විදුලි පහන් තියෙනවා. මේවා කිසිම දෙයක් ගැන අවදානය යොමු කරලා නැහැ.(නදී)
අපේ සුභ පැතුම්! බුදුන්වහන්සේගේ ගුණය සිනාමාවකින් කියවිය නොහැකිය. එය අනන්ත වු සාගරය බඳුය.(නදී)
හරිම සතුටුයි. අපිට වින කරන්න බලාගෙන ඉන්න ඔය තමිල්නාඩුවේ කට්ටියටත් හොඳ පනිවිඩයක්. අනේ කාට හෝ හැකිනම් දෙමල බසට පෙරලා තමිල් නාඩු වෙබ් පත්තරේක දාන්න. (නදී)
ගොඩක් ස්තුතියි. බුදු සසුන ලොව බැබැලේවා! (නදී)
මහේන්ද්‍ර මහත්මයා, ඔබ තුමා නොදන්නවා උනාට සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණය කලේ තම පියාගෙන් අවසර ලබාගෙනයි. ඔබට අවශ්‍ය නම් ලගම තිබෙන පන්සලට ගොස් විමසන්න. අප දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝය.තෙරුවන් සරණයි.(නදී)
වෙන මොකක් හරි නම් මෙයට වඩා ප්‍රතිචාර තියෙනවා. කමක් නැහැ බුදුන්ගේ මේ සිනමාව මම ආශාවෙන් බලනවා සුභ පැතුම්! (නදී)
මේ සම්මාන දීල කරන්න හදන්නේ ගෞතම බුද්ධ චරිතය සාමාන්‍ය කරනය කරන්න. ඔන කෙනෙකුට තේරෙනවා මේක දුර්වල චිත්‍රපටයක් කියලා. අනික බුදුන් වහන්සේ වැනි කිසිවෙකුටත් සමාන කළ නොහැකි උත්තමයෙකුගේ චරිතයට නලුවෙක් යොදා ගන්නවා. මුල් බුදු සමය නොදන්නා කම. අපේ මීට වඩා බුද්ධ ගෞරවයක් තිබිය යුතුයි. මේක ඇත්තෙන්ම දක්ෂතාවයට දුන්න සම්මානයක් නොවෙයි.(නදී)
සුභ පැතුම් ! (නදී)
බෞද්ධයෙකු ලෙස මටත් ඉතාම සතුටුයි. සැමට සුභ පැතුම්.(නදී)
ආඩම්බරයි ! (නදී)
ඉතා විශිෂ්ඨ චිත්‍රපටයක්. අපේ බුද්ධ ධර්මය ගැන මේ වගේ අනර්ග චිත්‍රපටයක් ඉදිරිපත් කළ ඔබ සැමට බෙහෙවින්ම පින්.(නදී)
මේකේ කතා පිටපත ලීව්වේ කවුද? ඒකෙනුයි ජයග්‍රහණයට හුඟක්ම සහයක් ලැබෙන්නේ. ඊළඟට රඟපෑම් සහ අධ්‍යක්ෂණය. මෙය සිංහල දෙබස් කැවූ එකක්ද? ඒ විස්තරත් තිබුනා නම් තමයි වාර්තාව සම්පුර්ණ. දන්න කෙනෙක් ඉන්නවා නම් ලියන්න. (නදී)
චිත්‍රපටියකින්වත් ඒ දෙය කරන එක හොදයි. ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරයට යැයි කියමින් බොහෝ යුරෝපා රටවලට වැඩම කරමින් කෙරෙන්නේ බොහෝ විට පන්සල් සෑදීම සහ තට්ටු ගොඩනැගිලි සෑදීම පමණයි. ඉන්පසු කොටස් කොටස් වෙන්වෙමින් අවුරුදු උත්සව සහ ක්‍රීඩා උත්සව පවත්වනවා මිස බෞද්ධ දර්ශනය ලොවට ගෙනයන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වනවා අඩුයි. (නදී)