මැත යුගයේ දෙස් විදෙස්හි බුදු දහම ප්‍රචලිත කරවීමෙහිලා මාහැඟි සේවාවක් ඉටුකළ බහුශ්‍රැත සිල්වත් යතිවරයාණන් වහන්සේ නමක්වූ වැඩසිටි මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමියන් වහන්සේගේ 24 වන ගුණ සමරු පිංකම සති අන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මාධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මහා නාහිමියන් අපවත්වී වදාළ 1990 සිට මේ දක්වා වාර්ෂිකව පැවැත්වෙන මෙම පිංකම සංවිධානය කැරෙනුයේ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ මහා සංඝ රත්නයේ සහ දායක කාරකාදීන්ගේ අනුග්‍රාහකත්වයෙනි.
මෙවරද සද්ධාතිස්ස නාහිමියන්ගේ ගුණ සිහිපත්කර පිං පැමිණවීම සඳහා සර්ව රාත්‍රී පරිත්ත්‍රාන ධර්මදේශනයක් පවත්වා පසුදින මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිනාවක් පිරිනමනු ලැබීය.
පිංකමට මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන කිහිපයක්ම නියෝජනය කරමින් මහා සංඝ රත්නය වැඩමකර සිටියහ.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමි, ලන්ඩන් බෞද්ධ විහාරවාසී තවලම බන්දුල හිමි, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පැරිස් ජේතවන විහාරාධිපති මුරුංගස්යායේ ඥානිස්සර නාහිමි, සද්ධාතිස්ස විහාරවාසී ආචාර්ය හාඳුපැල්පොල මහින්ද නාහිමි, නැගෙනහිර ලන්ඩනයේ අප්ටන් පාර්ක් බෞද්ධ විහාරාධිපති ආචාර්ය කබලැවේ සිරිසුමන නාහිමි, බර්මින්හැම් මහා විහාරාධිපති ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නාහිමි, බර්මින්හැම් මහාවිහාරවාසී ඉන්දසිරි හිමි, බාර්ත් ස්පා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දීගල්ලේ මහින්ද හිමි, ඊස්ට්හැම් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්තානාධිපති මාකුරේ මංගල හිමි,ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරාධිපති උළුවිටිකේ බෝධිසීහ හිමි, නොටින්හැම් ශාන්ති විහාරාධිපති රාජකීය පණ්ඩිත තෙල්දෙණියේ අමිත හිමි, ලේච්වර්ත් ධම්ම නිකේතන බෞද්ධ මධ්‍යස්තානාධිපති අකුරල සමිත හිමි, බර්මින්හැම් ජේතවන විහාරවාසී මාපලගම සෝරත හිමි, පුජ්‍ය තිස්සපුර සුගතරතන හිමි, සද්ධාතිස්ස විහාරවාසී පුජ්‍ය කැටියපේ අමිතසාර හිමි සහ නෙපාලේ සුමන හිමි පිංකමට එක්වූහ.
ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ වෛද්‍ය කෝකිලා වෛද්‍යරත්න සහ ලලිත් සේපාල රත්නායක ඇතුළු විශාල සැදැහැවතුන් පිරිසක් පිංකම සඳහා සහභාගී වුහ.
මෙවර පිංකම පැවැත්වුයේ සද්ධාතිස්ස නාහිමියන්ගේ ජන්ම ශත සංවත්සරයට පෙරාතුවය. මැයි මාසයට යෙදී ඇති එම සුවිසේශී දිනයේදීද උපහාර පිංකමක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව පියදස්සී නාහිමියෝ සිය අනුශාසනාවේදී සඳහන් කළහ.
ලන්ඩන් නුවර සුප්‍රකට කලා ශිල්පියකු වන ජයරත්න බණ්ඩාර අලංකාර පිරිත් මණ්ඩපය ඉදි කෙළේය. ශ්‍රී ලාංකික ගොක්කොල කලා නිර්මාණ සිහිගන්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපා රටවල වැඩ වසන නායක භික්ෂුන් වහන්සේලා මෙවැනි ආගමික උත්සවයකදී එකම වහලයක් යට එක්වී මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමියන් වහන්සේගේ 24 වන ගුණ සමරු පිංකම සැමරීම බෞද්ධයින් වන අපට සතුටු වෙන්න පුළුවන් අවස්තාවක්. වෙසෙසින්ම අප බෙහෙවින් ගරු කරන ප්‍රංසයේ අධිකරණ සංඝනායක මුරුන්ගස්යායේ ඥානිස්සර හිමි මේ උත්සවයට පැමිණ එය සාර්ථක කරගැනීමට දායක වීම අප අගේ කරනවා. (අ)