ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත දහම් පාසලේ සියලුම දරු දැරියන් සහභාගීවූ සිල් සමාදන්වීමේ පින්කමක් විහාරස්ථානයෙදී සංවිධානය කර තිබුණි.
විහාරාධිපති අග්ගමහාපණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසනාවෙන් පාසල් ගුරු මණ්
දහම් පාසැලේ මුල් ගුරු නේපාලේ සුමන හිමි සහ ස්කොට්ලන්තයේ සිට මෙම සිල් වැඩසටහන සඳහාම වැඩමකළ නේපාලයේ සුජාන් හිමි සියලුම වැඩසටහන් මෙහෙයවුහ. ලන්ඩන් නුවර ප්ලාස්ටෝ බෞද්ධ විහාරාධිපති ආචාර්ය කබලෑවේ සිරිසුමන හිමියන් අගනා ධර්ම දේශනයක් පැවැත්වීය.
දහවල දානය පිරිනමන ලද්දේ සද්ධාතිස්ස විහාරයේ දායකයින් සහ දහම් පාසලේ දරු දැරියන්ගේ දෙමාපියන් විසිනි.
2013 වෙසක් පුන් පොහොය වෙනුවෙන් දහම් පාසලේ දරු දැරියන් සහභාගීවූ වෙසක් කුඩු සහ වෙසක් චිත්‍ර තරගයක් ද පැවැත්විණි. දරු දැරියන්ගේ සහජ කුසලතා මනාලෙසින් පෙන්නුම් කල එම නිර්මාණයන් බලාපොරොත්තු වුවාට වඩා ඉතාම උසස් තත්වයකින් පැවතුන බව සංවිධායක මණ්ඩලයේ ජයන්ත හේරත් කියයි.
වෙසක් කුඩු සහ වෙසක් චිත්‍ර තරගයට නිර්මාණ ඉදිරිපත් කල සියලුම දරු දැරියන්ට අගනා තෑගී ප්‍රධානය කෙරුනේ රෝහණ සහ ඉන්දිකා ජයසේන යුවළගේ අනුග්‍රාහකත්වයෙනි.
එදින විහාරස්තානයට පැමිණි සියලුම දෙනාට සිසිල් පැන් සහ රස කැවිලි වලින් සංග්‍රහ කරන ලද්දේ ශානක රොඩ්රිගෝ සහ එම පවුලේ අය විසිනි.
ලන්ඩනයේ ජීවත්වන ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරු දැරියන්හට බුද්ධ ධර්මය, සිංහල භාෂාව සහ සිංහල සංස්කෘතියේ වටිනා අංගයන් පිළිබඳව දැනුමක් ලබාදීමේ පරමාර්ථයෙන් පියදස්සී නාහිමියන් විසින් සද්ධාතිස්ස දහම් පාසල ආරම්භ කැරුණේ 1990 වර්ෂයේදීය. දරුවන් 5 දෙනෙකුගෙන් ඇරැඹුන එය අද එංගලන්තයේ ශ්‍රී ලාංකික දහම් පාසල් අතරින් වැඩිම දරු දැරියන් සංඛ්‍යාවක් සහභාගීවන පාසැල බවට පත්වී ඇත.
හැම වසරකදීම ශ්‍රී ලංකාවේ දහම් පාසල් තරඟ විභාගවලට ඉදිරිපත්වන මෙම දරු දැරියන් ඉතා ඉහල ප්‍රථිපල ලබාගැනීමට සමත්වන බවද උන්වහන්සේ සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සද්ධාතිස්ස දහම් පාසල වෙසක් සමරයි
ජයන්ත Monday, 03 June 2013 10:59 AM
මමත් මේ උත්සයට ගියා. ඒක හොඳට සංවිධානය කරලා තිබුනා. පැමිනි හැම කෙනෙකුටම දානය දුන්නා.මස් මාංශ වලින් තොරව වෙසක් දිනයේ මෙවෙනි දෙයක් සංවිදානය කෙරීම ඉතාම හොද දෙයක්.පිටරටවල ජීවත් වෙන බොදු ජනතාව මෙසේ එක්සත්ව එක්සිත්ව ක්‍රියාකිරීම දකිනකොට සිතට සතුටක් ඇතිවෙනවා. පින් සිද්ධ වේවා. (නි)