වෙලේ සුදාගේ ඔත්තුවක් මත පකිස්තානයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින මත්කුඩු ජාවාරම්කරුවකු වූ මොහොමඩ් සිද්ධික් අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර නඩු විභාගය නොවැම්බර් 13 වැනිදාට කල් තැබිණි.
ඔහු කුරුවිට බන්ධනාගාරයේ සිට අද මහාධිකරණයට රැගෙන එනු ලැබීය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සිද්ධික් යළි නොවැම්බර් 13 තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.
මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් නීත්‍යානුකූල මුදල් බව හුවාදැක්වීමේ අරමුණින් උන්ඩියල් ක්‍රමයෙන් එම මුදල් ඩුබායි වෙත රැගෙන යාම පැවරී තිබූ අබූබුක්කර් සාජහාන් නම් දෙවැනි සැකකරුවෙක්ද රහස් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සමත්වූ අතර ඔහු මේ වන සිට සිටිනුයේ ඇප මත නිදහස් කරය.
මොහොමඩ් සිද්ධික් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනුයේ ත්‍රස්ත මර්දන පණත,අන්තරායදායක ඖෂධ පණත හා අනීත්‍යානුකූලව උපයාගත් මුදල් යොදාගෙන ගනුදෙනු කිරීම් වැළැක්වීමේ පණත යන පණත් ප්‍රකාරවය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුව ඉක්මණින් අසා දඩුවම් දෙන්න (නි)
කරන කලට පව් මිහිරිය මි සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ (හේ)
ලක්සිරි සමඟ මමත් එකඟයි (නි)