‘සුද්දිව ගනින්’ ‘සුද්දිව ගනින්’ යනුවෙන්‘ තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විදාණපතිරණ ඔහුගේ ගෝලයින්ට කෑ ගසා කිවු බව තංගල්ල නේචර් රිසෝටි හෝටලයේ දී කුරාම් ෂෙයික් ඝාතන නඩුවේ සාක්කි දෙමින් හෝටලයේ නතර වී සිටි පුද්ගලයෙක් කොළඹ මහාධිකරණය හමුවේ අද සාක්කි දුන්නේය.
කොළඹ සිරි ධම්ම මාවතේ ප්‍රසාද් සමරසිංහ මහතා රෝහිණි වල්ගම විනිසුරුවරිය ඉදිරියේ ප්‍රකාශ කළේ 2011 දෙසැමිබර් 23 සිට 25 දක්වා තම බිරිය හා පුතා සමඟ හෝටලයේ නතර වු බවයි.
කුරාම් ෂෙයික් ඝාතනය කැර ඔහුගේ පෙම්වතිය වික්ටෝරියා කෙළෙසීමේ සිද්ධියට තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති විදානපතිරණ ඇතුලු හය දෙනෙක් චෝදනා ලැබ සිටිති.
සමරසිංහ මහතා මෙසේද කීවේය
‘කුරාම් ෂෙයික් හා ඔහුගේ පෙම්වතිය හෝටලයේදී මා දැක්කා.දෙසැමිබර් 25 වැනිදා රාත්‍රියේ කවුදෝ තුවක්කුවක් රැගෙන යනු මගේ පුතා දැක තිබෙනවා.
එය ඇත්ත තුවක්කුවක්දැයි පුතා ඇසුවා.ඔහු පිළිතුරක් දුන්නේ නැහැ.
මිනිහකු තුවක්කුවක් රැගෙන යනු මාත් දුටුවා.ඉන් පසු අපි නින්දට ගියා.අලුයම 12.15 ට පමණ හෝටලේ කලබලයක්.අපට ඇහැරුණා.කුණුහරුපත් කියනවා ඇසුණා.
මිටි කළු මිනිහකු නාන තටාකය අසලදී කුරාම්ගේ පෙම්වතියට පහර දෙනු දැක්කා.ඇය ඉන් බේරීමට නාන තටාකයට පැන්නා.ඉන්පසු ඇය බෝතලයක් කඩා ඇයට ඇන්නා.මුනින් අතට වැටි සිටි කුරාම් ළගට ගිය ඇය ඔහු ඔසවාගත්තා.තවත් කළබල දැක්කා.ත්‍රිරෝද රියකටත් පහර දෙනු දැක්කා.සුදු කමිසයක් හා සරමක් ඇද සිටි හිටපු සභාපති ‘සුද්දිව ගනින්’ ‘සුද්දිව ගනින් ’යනුවෙන් ඔහුගේ ගෝලයින්ට කිවා.
මා ඉන්පසු පොලීසියට කට උත්තරත් දුන්නා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නඩු අවුරුදු ගණන් අදිනවා. අන්තිමට සාක්කිකාරයෝ ඉවත් වෙනවා,මිනීමරුවෝ නිදහස් වෙනවා (නි)
බයවෙන්න එපා! (නි)
අනේ බන්දුල, සමහර අපරාධකාරයෝ ගගේ මුහුදේ ගිලිලා මැරෙනවා.ඒත් සමහරු නිදැල්ලේ. මොකද ඒ? (නි)
බන්දුල - අපරාධය කිරීමට කුමන්ත්‍රණය කිරීම , අපරාධය සැලසුම් කිරීම හා අපරාධය සිදු කිරීමට කිසිම දේශපාලනයක් නැති බව කව්රුත් දන්නවා. එහෙත් අපරාධයට භාජනය වූ ඇයටත් අපරාධය කලවුන්ටත් යුක්තිය හා සාධාරණය ඉටු වේවීද කියා සාවධානව බලා සිටිමු!! (නදී)
හරිම රසවත්.(නදී)
බන්දුල කඩේ ඇතුලෙම පදිංචිවෙලා වගේ , මේ නඩුව මුලින්ම මාසෙකට කිහිප වාරයක් මුලින්ම කැදෙව්වා නම් ඉවරයි.(නදී)
බන්දුල පෙරේරා ඔබතුමා කියන්නේ සෙස්සෝ මේකට දේශපාලනය ගාවා ගන්න යනවා කියලානේ. එතකොට එහෙනම් විත්තිකරු කුස්සියේ උයමින් හිටපු ගෘහනියක් වෙන්න ඇති නේද ? හොද්ද හැඳි ගාන ගමන් මේ කොහෙද තිබුන චෝදනාවකට ලක් වෙලා. (නදී)
බන්දුල පෙරේරා මහත්තයෝ දැන් එතකොට විත්තිකරු විපක්ෂයේද දේශපාලනය කලේ. ? සමහරවිට ඔබතුමාටත් අර කාටදෝ වගේ අමතක වීමේ රෝගය වැළඳිලා ඇති. (නදී)
ගයනි ඔබේ සහෝදරියට මෙවැනි අතවරයක් වුනා නම් ඒ වැඩේ කල කෙනාගේ කඩයට යනවාද ? (නදී)
විත්තිකරුට දේශපාලන හයියක් නැති වෙන්නේ කොහොමද ? රිමාන්ඩ් එකේ ජේලර්වරුන්ටත් තර්ජනය කරලා කියලා පුවත් පත් වල තිබුනේ. බන්දුල පෙරේරා මහතා මේ දැන් හීනෙන් නැගිටලා තමා.(නදී)
ඔය වගේ අය තව දවසක්වත් තියන්න හොඳ නැහැ මරන්න ඕනා.(නදී)
තංගල්ල ඉස්සර කොච්චර හොඳට තිබුන තැනක්ද? (නදී)
"මස් කන බල්ලට වැඩිය කටු කන බලල සැරයි" කියන්නේ ඇත්ත කියල හිතෙනවා බන්දුල පෙරේරාගේ අදහස් දැක්කම. බන්දුල මුලදී පෙනී හිටියේ සාමාන්‍ය පාඨකයෙක් ලෙස. එහෙත් මෙයා දේශපාලකයන්ගේ කුණු හෝදන රස්සාව කරන කෙනෙක්. කොතරම් පහරල තිබෙන දෙයක් වුනත් හෝදලා සුදුම සුදු කරලා දෙනවා.(නදී)
මේ වගේ අයව අපගේ මාතෘ භූමියටම අගෞරවයක්. මේ වගේ පුද්ගලින් නගර මැද්දේ තබා ඉදිකටුවලින් ඇන තුරන් කළ යුතුයි.(නදී)
කොන්ද තියන මිනිහෙක් දැක්කා.(නදී)
දේශපාලකයන් කියන්නේ පරමාදර්ශී විය යුත්තෝය. අනිත් උදවියත් ස්ත්‍රී දුෂණ කරනවා , ප්‍රචණ්ඩ ක්‍රියා කරනවා , ඒ නිසා දේශපාලකයාට පමණක් ඇඟිල්ල දික් කිරීම වැරදියි කියන අදහස දරන අය ගැන මට ඉතා කනගාටුයි.(නදී)
ඔය එළිවෙන්නේ... (නි)
බන්දුලතුමෝ, තව හොඳට ආවඩන්නකෝ.... (නි)
මම නම් හිතන්නේ මේ නිතර හැමෝගෙන් ම කුණු කතා අසා ගන්න මහතා විවේචනාත්මක අදහස් දමන පාටකයන් ගේ ඔත්තු බලන්න අහවල් තැනින් එවපු කෙනෙක් ද කොහෙද ? (නදී)
ලංකාවට අපකීර්තියක් ගෙනෙන මෙවැනි අය හට නිසි දඩුවම් ලබා දෙන්න (නි)
කොච්චර නඩු ඇහුවත් වැඩක් වෙන එකක් නැහැ.අනේ කාලේ වනේ වාසේ කිවුවලු (නි)
කලබල වෙන්න එපා. මොන අධිකරණයෙන් වරදකරු කලත් මෙයාලටත් ටික දවසකින් සමාව ලැබෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව එහෙම උතුම් රටක්. (ස)
සති කිහිපයකට පසු සමාව ලැබේවිද? (නි)
මෙවැන්නන් හට දේශපාලනයට පැමිණීමට ඉඩ සැලසු මනාප ක්‍රමය ඇති කළ අයටත්, ඡන්දය දෙන අයටත් ශාප වේවා! (නි)
රටේ නීතියක් ඇත්තටම තියෙනවද? අපි බලා ඉඳිමු (නි)
මොනවාද තවත් බලාඉන්නේ? ඇසින් දුටු සාක්ෂි තිබියදීත් මේ අය තවත් තියාගෙන නඩු අසන එකේ කවර ඵලයක් අපේක්ෂා කරමුද? (නි)
මෙහෙම ගියොත් රුසියාවත් අපිට පිටුපාන දවස වැඩි ඈතක නැහැ. (නි)
උපරිම දඩුවම් දෙන්න.තවත් බලාඉන්න එපා. (නි)
විදේශයක විසි වසරක් පමණ ජීවත් වන මට බන්දුල පෙරේරා භූමිකාව මෙම තීරුවේ රඟන නළුවා දැක ගැනීමට ඉතාමත් ආසයි. ඔයාගේ පින්තූරයක් මේ තීරුවේ පල කරන්නකෝ!! (නි)
දැන් ඕනෑ ප්‍රධාන සැකකරුවන් කොහොමහරි නිදහස් කරගන්න වගෙයි (නි)
අවසානයේ සත්ගුණවත් ඇත්තෝ සතුටින් විසිර යාවිද? (නි)
සිද්දියේ තවත් සක්ෂිකරුවෙකුට හදිසි අනතුරක් වුණා කලින් නඩු වාරයට එද්දී. තව ටික දවසක් මේ විදියට නඩු අහලා අනිත් සක්ෂිකරුවනුත් අනතුරු වලට ලක්වේවිද දන්නෙ නැහැ. මෙම නඩුව කල්ගිහින්, සුදු තරුණිය රටිනුත් ගිහින්, විත්තිකරු ජාතික වීරයෙක් වගේ නිදහස් වෙයිද කියලයි මට බය (නි)
බන්දුල වගේ කෙනෙක් මම දැකලා තියෙනවා එක නාලිකාවක (නි)
වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙනු! (නි)
මේ නඩුව ගැන කියවපු හැමෝටම පැහැදිලියි කවුද මේකට වැරදිකාරයා කියලා. වැඩිය දුර යන්නේ නැතුව තීන්දුව දුන්නා නම් තමයි හොඳ..... (නි)
උපරිම දඩුවම් දෙන්න (නි)
එයා අරාබිය වගේ රටක හිටියා නම් මෙලහකට නීතිය අකුරටම ඉටුවෙලා (නි)
අනේ මන්දා! මේ විත්තිකාර පාර්ශවය ගැන අපේ බන්දුලතුමාට තිබෙන අනුකම්පාව විත්තිකාරයන්ගේ නෑදෑයින්ටවත් නැතුව ඇති. (නි)
මේ වගේ අයව අාරක්ෂා කරන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
මොහු දේශපාලඥයෙක්නේ. ඒ නිසා බොහෝවිට නිදහස් වේවි. (නි)
මමත් හම්බන්තොට කෙනෙක්. එහෙත් කණගාටුවෙන් හරි කියන්න දෙයක් තියෙනවා.නුදුරු අනාගතයේදී හම්බන්තොට ඇමරිකාවේ චිකාගෝ ප්‍රාන්තය වගේ වෙනවා.ඒ කියන්නේ මැරයින්ගේ පාරාදීසයක් වෙනවා.ඒකට දේශපාලන අධිකාරිත්වයත් වගකියන්න ඕනෑ.එහෙත් අසරණ මිනිසුන් බලාපොරොත්තු වුණේ මෙහෙම හම්බන්තොටක් නොවේ. (නි)
මගේ රටේ නීතිය ගැන නම් මගේ එච්චර විශ්වාශයක් නැහැ (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නෙ මේවට තමයි. (ස)
අමල් අපිත් එහෙමයි .(අ)
හම්බන්තොට තියෙන්නේ දැන් මොන වගේ තත්ත්වයක්ද , ඒකට වගකිවයුත්තේ කවුද කියලත් අපි දන්නවා. (නි)
දුෂකයාට උපරිම මතක හිටින දඩුවමක් දෙන්න ඕනෑ (නි)
මේ වගේ අය රටටත් පිළිලයක්. (නි)
තමන් විසින් තමන්ව ගස් බැඳ ගැනීම, තමන් විසින්ම තමන්ට ඔලුව පැලෙනකම් ගසා ගැනීම, සෙල්ලම් පිස්තෝල අරගෙන විපක්ෂයේ මන්ත්‍රීවරු බේරා ගැනීමට ඉදිරිපත්වීම, මහා දවාලේ වෙඩි තැබීම් කිසිවක් මතක නැතිවීම් වැනි දේවල් සිදුවුනේ කලුකෝට්වල අනුහසින් මිසක් වෙන කාගෙවත් වරදකින් එහෙම නොවෙයිනේ. මේ තුවක්කුවත් සෙල්ලම් තුවක්කුවක් වුනේ නැත්තේ ඇයිදැයි මට නම් පුදුමයක්! (ස)
මෙච්චර ඇසින් දුටු සාක්ෂිත් එහෙනම් තියෙනවා? (නි)
ටික කාලෙකින් නිදහස් වෙලා පාර්ලිමේන්තුවට ගිය වීරයෙක් වෙයිද කියලත් මට හිතෙනවා.ආශ්චර්යය ගැන හිතලා තව තවත් ඡන්දේ දීලා මෙයාල වගේම කට්ටිය පත් කර ගනිමු (නි)
මහත්වරුනේ, අපේ හිතේ ආවේගයට, අපේ හිතේ කැමැත්තට, අපේ හිතේ ඉක්මනට අපරාධ නඩු ඇහෙන්නේ නැහැ.තීන්දු ලැබෙන්නේ නැහැ.මේ රටේ අධිකරණ පද්ධතියේ දුර්වලතා ,නඩු ප්‍රමාද වීම් ගැන වගේම සුද්දගේ නීතියේ තිබෙන හිඩැස් ගැනත් මේ දැන උගත් මහත්වරු හොඳින්ම දන්නා බව මම දන්නවා.මිනිහෙක් මිනිස්සු දාහක් මැරුවත් සාක්ෂි නැත්නම්, ඔප්පු කරන්න සාධක නැත්නම්, නඩුකාරය වුණත් මේ මනුස්සයා අපරාධකාරයා කියලා හොඳින්ම දන්නවා වුණත් නීතියෙන් ඔහුව නිවැරදිකරු කරලා නිදොස් කරන්න වෙනවා. මුළු රටම වගේම ලෝකෙම බලාගෙන ඉන්නේ මේ අපරාධකරුවන්ට දඩුවම් ලැබෙන තුරු.අපි හැමෝගෙම ප්‍රාර්ථනය සාක්ෂි මගින් චෝදනා සියල්ල ඔප්පු වෙලා මොවුනට උපරිම දඩුවම් ලැබීම.එහෙත් ඒක අපි පතන අපි හිතන ඉක්මනින් සිදුවෙන්නේ නැහැ.මේ සත්‍යය හැමෝම දන්නවා. (නි)
මම ඉන්න රටේ මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ.නමුත් මෙවැනි වරදකට අසු වුණොත් අවම අවුරුදු තිස් පහක් සහ උපරිම ජීවිතාන්තය දක්වා ඇතුළට යනවාමයි.බොරු නීති තර්ක ගෙනල්ලා බේරෙන්න නම් ලැබෙන්නේ නැහැ.එහෙම බෙරිච්ච කෙනෙක් ගැන මම අහලත් නැහැ. (නි)
අරාබියේ අපේ කාන්තාවන්ට වෙලා තියෙන දේවල් සහ වෙන දේවල් ඇස් දෙකට පෙනෙන්නේ නැතුවා වගේ කන් දෙකට ඇහෙන්නේ නැතුවා වගේ සමහරු අරාබිය ගැන කියවනවා (නි)
රණතුංග, ඔයා ඉන්න රට ලංකාවද? (නි)
අරුණ, මම ඔබ සමග එකඟයි. පිටරට සිට නිවාඩුවට පැමිණි මගේ සහෝදරයා සහ පවුල කතරගම යද්දී හම්බන්තොට ආපන ශාලාවකට ගියා. එහිදී මගේ තරුණ ඥාති දුවට එක්තරා පිරිමි නඩයක් ඇති තරම් වාචික ලිංගික පීඩා කරලා. පොලිසියට පැමිණිලි කළ විට කියලා තියෙන්නේ "ඒ අය අහවල් .....තුමාගේ ආරක්ෂක උදවිය ...ඔබලා ආපහු පිටරට යනවානේ මේක ලොකු ප්‍රශ්නයක් කරගෙන මේ ඉන්න කාලයේ නැති කරදර ඇති කරගන්න එපා " කියලා. අපිට කියවුණේ දෙයියෝ සාක්කි කියලා. (නි)
ඔය සියල්ල දත් උදවිය, මෙතන කලිනුත් හිටියා.කාලයාගේ ඇවෑමෙන් ඒ ගොල්ලෝ අතුරුදහන් වෙලාම ගියා. (නි)
තව තව ප්‍රසිද්ධ යටගපු කතා එහෙමත් මේ සමහරු ගැන තියෙනවා කියලා ආරංචියි (නි)
සමහරුන්ගේ ප්‍රතිචාර වලින් පෙනෙන හැටියට කට්ටිය බලාපොරොත්තු වෙන්නේ මේ අපරාධකරුවන්ට දඩුවම් ලැබීම නෙමෙයි, වෙන දෙයක් කියලා හිතෙනවා.නීතිය ඉදිරියේ අපරාධ නඩුවක් විභාග වෙනවා.සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා.සාක්ෂි තහවුරු වීම හෝ නොවීම මත මේ විත්තිකරුවන්ගේ ඉරණම තීරණය වේවි.සමහරවිට කලුකෝට් වල අනුහසින් ඇත්ත බොරුව වෙලා බොරුව ඇත්ත වෙලා මේ මිනිස්සු අහිංසකයෝ වෙලා නිදහසුත් වේවි.දේශපාලන බලපෑමක් මේ විත්තිකරුවන් සම්බන්ධයෙන් මෙතුවක් මතුවෙලත් නැහැ.වෙන්නෙත් නැහැ. නමුත් අපේ කට්ටියට අවශ්‍ය මේකට දේශපාලනය ගාවාගෙන මේ අපරාධකරුවන්ට දඩුවම් ලබාදීමේදී යම් දේශපාලන බලපෑමක් ක්‍රියාත්මකව පවතින බව රටට අඟවලා රජයට පහර ගහන්න. (නි)
නීතියෙන් වරදකරු කළත්, පොදු සමාව මඟින් නිදහස් විය හැකි ක්‍රමයක් අපේ රටේ තිබෙනවා. මරණ දඬුවම ලැබුනත් එම ක්‍රමය මගින් නිදහස් විය හැකියි. එසේ නිදහස ලැබුණු අයත් ඉන්නවා. (නි)
සමීර, ඔබතුමා කතාකරන්නේ කවුරු ගැනද? (නි)
සැබෑ පිරිමියෙක් වන නිර්භීත සාක්ෂිකරුට මගේ ප්‍රණාමය ගරුත්වය පුද කරනවා. (නි)
රුසියාවත් කිවුවලු නේද ලංකාවේ නීතියක් නැහැ කියලා (නි)
මිතුරනි, දේශපාලන බලයෙන් හැම දෙයක්ම යටපත් කළ හැක (නි)
අනේ මගේ රටට යන කල! (නි)
තවත් මොන සාක්කිද? දැන්වත් තීරණයකට එළඹෙන්න මේ ඇසින් දුටු සාක්ෂි සැළකිල්ලට ගෙනවත්.මිනිස්සු බොරු සාක්ෂි දෙන්නේ නැහැනේ.නැත්තම් අපේ රටට ලොකු කැළලක් වෙන්න පුළුවන්. (නි)
මොන තරම් ලැජ්ජාවක්ද? සමස්ත සංචාරක ව්‍යාපාරයට විතරක් නෙමෙයි අපේ රටටම. මෙවැනි අපරාධකාරයන්ට දිය හැකි උපරිම දඩුවම් ලබා දීම මනුෂ්‍යත්වයට කරන උපහාරයක්. තවත් බලාඉන්න එපා. නිසි දඩුවම් දෙන්න. (නි)
බන්දුල යන කඩේ මොකක්ද දන්නෙ නැහැ නේද? (නි)
බන්දුල, නරකද ඔයාම නඩුව බාරගත්තා නම්? (නි)
මේකට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වගන්තියක් හරස් වේවිද? (නි)
අපේ රටේ නඩු අහනවා වැරදිකාරයෝ නාකි වෙනකම්ම (නි)
මිනිස්සු ඉදිරි මැතිවරණයේදී නම් පැහැදිලි තීන්දුවක් දෙයි වගේ (නි)
හරිම අප්‍රසන්නයි. මේවා කියවනකොට හිතෙන දේ ලියන්න වචන නැහැ.දෙයියන්ටවත් පෙනෙන්නේ නැද්ද මේ වගේ අපරාධ? (නි)
හම්බන්තොට යනු මුදානොගත් ප්‍රදේශයක් වගෙයි දැන් නම්. (නි)
ස්ත්‍රී දුෂකයන් සමාජගත කිරීම භයානකයි (නි)
බන්දුල මොන කඩේ ගියත් මාත් කැමතියි බන්දුල එක්ක ඒ කඩේම යන්න. සමහරවිට දේශපාලන බලවතෙක් නොවෙන්න කට්ටිය මේ තරම් කෑගහන එක්ක නැහැ කියලා මටත් හිතෙනවා. (නි)
ගයනි, තල්ලුකර දමලා අාපහු ගනින් කියලා කිවුවේ දුක හිතිලා වෙන්න ඇති (නි)
මෙවැනි අපරාධයක ජීව විද්‍යාත්මක සාක්ෂි අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.ඒවා සොකෝ එකෙන් අරගෙන නැද්ද? (නි)
සමහරු කියන විදියට මේ රටේ නීතියක් නැත්නම් මේ නඩුව අහන්නේ මොන රටේද? (නි)
"සුද්දිව ගනින් " කියලා සභාපතිතුමා කියනවා ඇහිලා පොලිසියට කටඋත්තරයක් දීලා තියනවා. පොලිසිය එය නිවැරදිව සටහන් කරගෙන ඇතිනේ, නේද? මොකද, පසුගිය දවසක අපට අසන්න ලැබුන කටඋත්තර වල හා පොලිස් සටහන් වල පරස්පරබවක් තිබුණා. වැරදිකරුවන්ට එරෙහිව මේ වනවිට නීතිය හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මෙම සිදුවීමේදී සැකකරුවන් හට වෙඩි පහරවල්, ගල් පහරවල්, බිත්තිවල ඔලු ගෙඩි හැප්පීම් සිදුවී නොමැති නිසා, ඔවුනට "අමතක වීමේ" දරුණු රෝගය වැළඳෙන එකක් නම් නැහැ. යුක්තිය අගයන සැම දෙනා නිවැරදි සාධාරණ තීන්දුවක් ලැබෙන තෙක් බලා සිටිනවා. (නි)
මට මතක නැ. (ස)
ප්‍රභාත්, ගයානි,එක්තරා යකඩ හොරෙකුව බඩුත් එක්ක අහුවෙලත් තාමත් එළියේ යහතින් ඉන්නේ? (නි)
මේවට වග කියන්න ඕන ඔවුන්ව පත් කරපු මෝඩ අපිම නේද ? (ස)
යුක්තිය ඉටු වෙනතුරු බලාඉන්නේ අපි විතරක් නෙමෙයි.... (නි)
අනේ බන්දුල, ටිකක් වෙලා ඔලුවෙන් හිටගන්න. ඔයා චෝගම් අාවේ නැත්නම් ඔය නඩුත් නැහැ බඩුත් නැහැ. මෙයා ලංකාවේ ජීවත් වෙලා නැද්ද? (නි)
මේකට දේශපාලන බලපෑම් වෙලා තියෙනවා කියලා මම නම් කියනවා. බන්දුල පෙරේරා හීනෙන් බයවෙලා. (නි)
ගයානිට සුද්දී වෙන්න ආස හිතිලා වගේ. (ස)
ගයානි, කවුරුත් දේශපාලන බලවතෙකුගෙන් විශිෂ්ට චරිතයක් බලාපොරොත්තු වෙන එක වරදක්ද? ඒ ගොල්ලො රටට ආදර්ශමත් වෙන්න ඕනෑ. නීතිය ඉදිරියේ කවුරුත් සමාන විය යුතු වුවත් ලෝක ධර්මය වෙන්නේ නීතියම නොවෙයි. (නි)
ලංකාවේ නම කෙළෙසූ මේ මිනිසුන්ට දඬුවම් දීම නීතිය කරවන අයගේ වගකීමක්. හැමදේටම දේශපාලනය ගාවා ගත්තට නීතියෙත් හිඩැස් තියනවා. හිඩැස් වලට වඩා තියෙන්නෙ නීතිය පිළුණු වෙනතුරු කල්අරින එකයි.හැමදාම වුණේ ඒක. (නි)
අපි මේ රජයට කැමතියි. නමුත් මේකට දැඩි දඩුවම් දුන්නේ නැත්නම් මම සහ මගේ සියලු සේවකයෝ වෙන පක්ෂයකට වැඩ කරනවා. මේ නිසා අපේ රටට බිලියන ගණනාවක් නැතිවුණා. (නි)
ලංකාවේ නීතිය ලෝකෙටම දැනගන්න දෙන්න. බැරි වෙලාවත් සමාව නම් නොදෙන්න. (නි)
මෙය මෙතරම් ප්‍රමාද වුණ නිසා නඩුව අවසානයේ සාධාරණයක් වේය කියා සිතන්නට අමාරුයි මට නම්. පසුගිය කාලයේ තීන්දුත් අපි දැක්කනේ.... (නි)
කරුණාකරලා අද නඩුවේ වුණ දේ සියල්ල කියන්න. සුදු සරමක්, සුදු ෂර්ට් අඳින එකම කෙනා සභාපතිතුමා විතරක්ම වෙන්න බැහැනේ. සුද්දිව ගනින් කිවුවෙ සුද්දිට කරදරයක් කරන්න එපා කියන තේරුමද දන්නෙත් නැහැනේ. ඒක කවුරුවත් තේරුම් අරන් නැහැ වගේ (නි)
බලහත්කාරකම, දුෂණය, මිනීමැරීම අනුමත කළ නොහැකියි (නි)
චමින්දට බන්දුල පෙරේරාව හොඳට මතක වගෙයි. නැත්නම් කොහොමද බන්දුල පෙරේරා අවුරුදු දෙහකට උඩදී කියපු " රා කට්ටේ කතාව " මතක තිබුණේ. (ස)
අපිට රුසියාව විතයි ලෝක බලවතුන්ගෙන් බේතකට හරි දැන් ඉතුරුවෙලා ඉන්නේ. ඉතින් එරටේ කාන්තාවන්ට අපේ අය මෙහෙම කරනවා නම් තව මොනවටද කතා? (නි)
බන්දුල පෙරේරා, සාක්ෂිකරු පිරිමියෙක් බව නම් පෙනෙනවා නිර්භීතව සාක්ෂි දීම නිසා. (ස)
කරුණාකරලා ඔයාල මේකේ අදහස් පළ කරන බන්දුල පෙරේරා මහත්තයාගේ අදහස් බලන්නවත්, ඒවාට ඔබලාගේ අදහස් පළ කරන්නවත් යන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ ඔයාලගේ නියම අදහස් පළ කරන්න යන කාලය අපතේ යාමත් ඒ වෙනුවට මෙයට විරුද්ධව අදහස් පළ කිරීමත්ය . මෙතුමාට ඕන කරන්නෙත් ඒකමයි. ඒක නිසා ඔයාල දැන් සෑහෙන කාලයක සිට මෙයාව දන්නා නිසා අපි මෙයා කියන දේවල් ගණන් නොගෙන අදහස් පල කරමු. (ස)
මේ වගේ අයව අාරක්ෂා කරන්නේ කවුද කියලා අපි දන්නවා.එහෙත් අවාසනාව මෙයාලවත් , මෙයාලට ඕනෑ දේශපාලන රැකවරණය සපයන අයවත්,ආරක්ෂා කරන්නෙ රටේ මහජනතාවමයි.... (නි)
රටක් වශයෙන් හැම අතින්ම අපි පිරිහිලා දැන්. මේකට වගකිවයුත්තෝ කවුරුන්ද? නැවත ගොඩනැගිය හැක්කේ කාටද? මහා ප්‍රශ්න වැලකි. මෙම නඩුවේ කාමාතුර මිනීමරුවන් බේරා ගැනීමට වෙර දරන පිරිසක් අපේ රටේ ඉන්නවා. තවත් මොනවා අහන්නද? උපරිම දඬුවම දෙන්න දෙවියනේ......!! (නි)
බන්දුල යන කඩේ මම දන්නවා ඉස්සර එක දකුණේ පොඩි කඩයක් හැබැයි දැන්නම් ඒක කොළොඹ සුපර් මාර්කට් එකක්.(නදී)
තවත් කල් යන්න නොදී ඉක්මනටම අපරාධකරුවන්ට උපරිම දඬුවම් දිය යුතුයි. (ස)
කහට කෝප්පේ පොගවා ගිලින්ට. පාන් කැබැල්ලක් යදින දනන් හට. ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට. එනමුදු මගේ රටයි ලෝකෙන් උතුම් රට. (ස)
කමනි ඔබ නිවැරදියි. අපේ අය අවශ්‍යය තැනට අවශ්‍යය දේ නෙමේ කතා කරන්නේ. කාගේ හෝ නැට්ටක එල්ලිලා ගිහින් තමන් යා යුතු දිශාව වෙනස් කර ගන්නවා. "බලු නැට්ටක ඇද හැරීමේ" බොළඳ උත්සාහයක නිරත වෙනවා. එයින් සිදුවන්නේ අදාල වැදගත් කරුණ යටපත් වීම පමණයි. අපේ ඇසට පෙන දෙය ඒ අයුරින්ම ප්‍රත්ත්‍යක්ෂ කර ගත යුතු කාලයක් නෙමේ මේක. නැත්ත, ඇත්ත ලෙස පෙන්වන අසත්‍යය, සත්‍යය පෙන්වන මැජික් ලෝකයක් මේක. ප්‍රවේශමෙන්! (ස)
ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන වේගයේ වෙනස හොඳින් හඳුනා ගන්න පුළුවන් කදිම අවස්ථාවක් මේක. අවසාන තීන්දුවට පෙර සාක්ෂි නැති වෙයිද? (නදී)
ශ්‍රී ලංකාවේ මොකක්ද තියෙන්නේ කියලා මේ මුළු ඉතාලියම දන්නවා, මුළු ලෝකයමත් දන්නවා (නි)
බන්දුල, ඔයා ඇයි මේ කලබල වෙලා ? අබ කාපු මිනිහගේ මොළය දනවා කියන්නේ ඕකට තමා. (නි)
මේක නම් හරිම අසාධාරණ වැඩක්. ලංකාවට ලොකු අවනම්බුවක් මේ වගේ අය. තරාතිරම නොබලා දඩුවම් දියයුතුයි (නි)
මොහුට දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන්න. අපේ රටේ නම කැත කරන මේ වගේ අයට කිසිම සමාවක් නොදෙනු! (නි)
සාමාන්‍ය මිනිස්සුන්ට විතරද නීතිය ක්‍රියාත්මක වෙන්නේ. (ස)
හපෝ මෙයාලට කිසි දඬුවමක් දෙන්න එපා, බන කියල හදාගන්න. ඉස්සරහට රටේ බලය බාරගෙන රට පාලනය කරන්න ඉන්න උත්තම අප්පොලනේ මෙයාලා.(නදී)
එහෙනම් ලගදීම මෙයාලත් එංගලන්තේ අනාත විසා වලට රටින් පිටවී යයි වගේ.(නදී)
බන්දුල පෙරේරා හැමදාම කළේ විශාල මල්ලකුත් කරේ බැඳගෙන කඩේ ගිය එකනේ.ඒ යෑම එයාට කවදාකවත් නවත්වන්න බැහැ.ඒක එයාට, ඇඟෙන්ම ඇවිල්ලා තියෙන්නේ.පුදුමයට කරුණ නම් මෙතන, බවලත් උදවියත් බන්දුලත් සමග සාප්පු සවාරියේ යෑමයි. බන්දුල පෙරේරාට මතක ඇති මීට අවුරුදු දෙකකට විතර පෙර මේ තීරයට කිව්වා " මම හවසට කුඹුකේ ළිදෙන් නාලා රා කට්ටක් ගහලා ඉන්න ගමේ කොල්ලෙක් " කියලා.දැන් නම් රා කට්ට කෙසේ වෙතත්, රා ගැලුමක් විතර ගහලා තමයි මෙතන අදහස් ප්‍රකාශ කරන්න එන්නේ කියලයි මට හිතෙන්නේ. (නි)