2016 වසරේ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීමට කටයුතු කරන බවත් වරාය හා නාවික ඇමැති සමග එකට අත්වැල් බැඳගෙන හම්බන්තොටින් පටන්ගෙන වරාය නගා සිටුවීමට ගත හැකි ඉහළම ක්‍රියා මාර්ග ගන්නා බව වරාය හා නාවික නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ගාල්ල බද්දේගමදී ජන හමුවක් අමතමින් පැවසීය.
‘හම්බන්තොට වරාය මේ රටේ දියුණුම වරාය බවට පත් කිරීමට කටයුතු කරනවා. ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස නගා සිටුවීමේ බලාපොරොත්තුව යථාර්ථයක් කරනවා. කළු කොඩි දාන ජාතික කොඩි දාන අයට අපි කියනවා මේ රටේ මිනිසුන්ගේ බලාපොරොත්තු තිබෙන්නේ කළු කොඩි මත ජාතික කොඩි මත නෙවෙයි. මිනිසුන්ගේ බඩගින්නට උත්තර හොයන ආණ්ඩුවක් හැටියට මේ ආණ්ඩුව කටයුතු කරනවා. මොනම බලවේගයකටවත් හොල්ලන්න බැරිවිදියට අවුරුදු හතර හමාරක් මේ ආණ්ඩුව ඉදිරියට යනවා. සද්දේ නැති වුණත් මෙය වැඩකරන ආණ්ඩුවක්‘ යැයිද මුතුහෙට්ටිගම මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සද්දේ නැතත් වැඩ කරන ආණ්ඩුවක්‘ - මුතුහෙට්ටිගම
තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 04:34 AM
මම මේ කියනකම් දැනගෙන හිටියේ නැහැ මෙවැනි අයත් යහපාලනයට ගොඩ වෙලා කියල .එදා ගිනි තියපු අට්ටාලය වුද ඉදල වගකීමෙන් කියපු දේවල්ද මේ. (ම)
පද්මසිරි Monday, 04 January 2016 08:50 AM
වාසි පැත්තට හෝයියා (බ)
කුමාර් (ගල්ෆ්) Monday, 04 January 2016 08:56 AM
මේ වගේ අයට පුළුවන්ද රටක් ගොඩනගන්න? (බ)
ජයනාත් Monday, 04 January 2016 04:15 PM
වේදිකා ගිනි තියලා, පොලිසි ඕඅයිසීලට ගහල, බස් ස්ටෑන්ඩ් වල වැටවල් කපලා, ඊටීඑෆ් සල්ලි ගසා කාලා, ටෙන්ඩර් මගඩි කරලා, ඡන්දෙ කාලෙට පිස්සෙක් වගේ නිරැවතින් ඇවිදල, ඇඩ්මයර් පුද්ගලික සමාගමෙ සහ නිල්වලා ඒජන්සීස් එක හරහා ආණ්ඩුවෙ කොන්ත්‍රාත් අරගෙන ඒවාගෙන් ගසා කාල පෙන්නපු වැඩ මදිද (බ)
ලක්මාල් Monday, 04 January 2016 09:40 AM
ඔක්කොම සිහිපත් කර කර ඉන්නකෝ.. (ර)
සුමිත්‍රා බස්නායක Monday, 04 January 2016 09:41 AM
නමක් තියපු කෙනෙක්. (ර)
සංජු Monday, 04 January 2016 11:45 AM
ඊලග පාර බලපිටියෙන් එන්න පුතේ අපි පෙන්නන්නම් අපි කරන දේ (බ)
මධූ Monday, 04 January 2016 11:47 AM
ලජ්ජා නැතිකම (බ)
පද්මිණී Monday, 04 January 2016 12:15 PM
මහත්තයෝ කියවන තරමට වැඩත් තිබුණා නම් තමා හොඳ (ම)
තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 03:48 AM
ජයනාත් ඔබගේ අදහස සම්පුර්ණ සත්‍යයි. (ස)
තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 03:43 AM
මෙවැනි අයත් දැන් ඉන්නේ යහපාලනයට මුවා වෙලාද? රටට දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි. (ස)
තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 03:47 AM
අට්ටාලය ගිනි තියපු අයට නියෝජ්‍ය ඇමතිකම්. ඒකාධිපති වියරුවට විරුද්ධව ජිවිත පරිත්‍යාගයෙන් ගිනි තියපු අට්ටාලය උඩට නැගපු ජෙනරල්ට කිසිම දෙයක් නැහැ. යහපාලනය? (ස)