2016 වසරේ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීමට කටයුතු කරන බවත් වරාය හා නාවික ඇමැති සමග එකට අත්වැල් බැඳගෙන හම්බන්තොටින් පටන්ගෙන වරාය නගා සිටුවීමට ගත හැකි ඉහළම ක්‍රියා මාර්ග ගන්නා බව වරාය හා නාවික නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ගාල්ල බද්දේගමදී ජන හමුවක් අමතමින් පැවසීය.
‘හම්බන්තොට වරාය මේ රටේ දියුණුම වරාය බවට පත් කිරීමට කටයුතු කරනවා. ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස නගා සිටුවීමේ බලාපොරොත්තුව යථාර්ථයක් කරනවා. කළු කොඩි දාන ජාතික කොඩි දාන අයට අපි කියනවා මේ රටේ මිනිසුන්ගේ බලාපොරොත්තු තිබෙන්නේ කළු කොඩි මත ජාතික කොඩි මත නෙවෙයි. මිනිසුන්ගේ බඩගින්නට උත්තර හොයන ආණ්ඩුවක් හැටියට මේ ආණ්ඩුව කටයුතු කරනවා. මොනම බලවේගයකටවත් හොල්ලන්න බැරිවිදියට අවුරුදු හතර හමාරක් මේ ආණ්ඩුව ඉදිරියට යනවා. සද්දේ නැති වුණත් මෙය වැඩකරන ආණ්ඩුවක්‘ යැයිද මුතුහෙට්ටිගම මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ කියනකම් දැනගෙන හිටියේ නැහැ මෙවැනි අයත් යහපාලනයට ගොඩ වෙලා කියල .එදා ගිනි තියපු අට්ටාලය වුද ඉදල වගකීමෙන් කියපු දේවල්ද මේ. (ම)
වාසි පැත්තට හෝයියා (බ)
මේ වගේ අයට පුළුවන්ද රටක් ගොඩනගන්න? (බ)
වේදිකා ගිනි තියලා, පොලිසි ඕඅයිසීලට ගහල, බස් ස්ටෑන්ඩ් වල වැටවල් කපලා, ඊටීඑෆ් සල්ලි ගසා කාලා, ටෙන්ඩර් මගඩි කරලා, ඡන්දෙ කාලෙට පිස්සෙක් වගේ නිරැවතින් ඇවිදල, ඇඩ්මයර් පුද්ගලික සමාගමෙ සහ නිල්වලා ඒජන්සීස් එක හරහා ආණ්ඩුවෙ කොන්ත්‍රාත් අරගෙන ඒවාගෙන් ගසා කාල පෙන්නපු වැඩ මදිද (බ)
ඔක්කොම සිහිපත් කර කර ඉන්නකෝ.. (ර)
නමක් තියපු කෙනෙක්. (ර)
ඊලග පාර බලපිටියෙන් එන්න පුතේ අපි පෙන්නන්නම් අපි කරන දේ (බ)
ලජ්ජා නැතිකම (බ)
මහත්තයෝ කියවන තරමට වැඩත් තිබුණා නම් තමා හොඳ (ම)
ජයනාත් ඔබගේ අදහස සම්පුර්ණ සත්‍යයි. (ස)
මෙවැනි අයත් දැන් ඉන්නේ යහපාලනයට මුවා වෙලාද? රටට දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි. (ස)
අට්ටාලය ගිනි තියපු අයට නියෝජ්‍ය ඇමතිකම්. ඒකාධිපති වියරුවට විරුද්ධව ජිවිත පරිත්‍යාගයෙන් ගිනි තියපු අට්ටාලය උඩට නැගපු ජෙනරල්ට කිසිම දෙයක් නැහැ. යහපාලනය? (ස)