බස්නාහිර පළාත් සභා මැතිවරණයට නාමයෝජනා බාරදී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක වෛද්‍ය සුදත් දම්සිංහ මේ වනවිටත් ඔහු දරන රජයේ තනතුරුවලින් වැටුප් ලබාගෙන ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා වෙත පැමිණිළි කළ බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ප‍්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතා පවසයි.
වෛද්‍ය සුදත් දම්සිංහ ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරයකු ලෙස සහ තරුණ කටයුතු අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන සෞඛ්‍ය අධ්‍යාපන විද්‍යායතනයේ අධ්‍යක්ෂ බවද ආචාර්ය ගුණසේකර පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය තුමා ඔය හදන්නේ නම කැත කරගන්න (දී)
පැමිණිලි කළාට වැඩක් වෙන්නේ නැහැ (දිල්)
ඔබතුමා ඉතා හොද වෛද්‍ය වරයෙක් මොනවාද මේ කරන්නේ (දී)
ඕවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට මේවා නොකිව් කට- විවර කෙරුවා වගේ හුඹස් කට (දී)
මේ කතාව ඇත්තනම් ඔහු වංචා කාරයෙක්, දේශපාලන සංස්කෘතිය අනුව පිළිගතයුතු සුදුසු කමකි. ජයවේව!(අ)
නැහැ!. මේගොල්ල ඡන්ද නීති කැඩුවට ඒක නීති විරෝධී නැහැ, ඒක ඡන්ද වැඩියෙන් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍යම සුදුසු කමක්.බොරුවක් නෙවෙයි. බොරුනම් බලන්න කව්ද ඔහුට විරුද්ධ වෙන්නේ.? (අ)
සමහරවිට රූප පෙට්ටියේ ඉන්න වෙලාවෙත් පඩි රජයෙන් ගත්තද දන්නේ නැහැ.(නදී)
අසරණ මහජනතාවට කාගේ පිහිටද දෙයියනේ? (දී)
මෙච්චර වටිනා දොස්තර කෙනෙක් වෙලත් පළාත් සභාවට ඉල්ලන්නේ රටට සේවය කරන්නද? ලෙඩුන් සුවපත් කිරීම උසස් සේවයක් නොවේද? ඔබට හැමදාම දොස්තර ලෙසම ඉන්න සිතක් පහළවේවා. කුඩුකාරයන් ,මිනීමරුවන් සමග ඔබට එකට වැඩ කරන්න පුලුවන්ද?(අ)
රොකි හරි. සහතික ඇත්ත. නමිනුත් ධර්මයෙන් වැඩට සිංහයෙක් (අ)
ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ පීඩිත ජනයාට පමණි....ලොකු අය නීතියට පයින් ගසති. (අ)
උදේ සවස මාධ්‍ය තුලින් අපට උපදෙස් දෙන්නේ මේ ගොල්ලොනේ . ඕවා දෙනු පරහට - තමා සම්මතයේ පිහිටා සිට ,(අ)
වෛද්‍ය වෘත්තීය කියන්නේ එකක්. ඡන්දෙදි වංචා කරනවා කියන්නේ තවත් එකක්. මේ දෙකම එකවර කරනවා කියන්නේ තවත් එකක්. රාජ ඌෂ්ණය තියෙන නිසා මොහුට දඬුවම් නම් කිසිදාක ලැබෙන්නේ නැහැ. බෙහෙත් ගත්ත අයයි ගන්න ඉන්න අයයි ඡන්දෙ දෙන නිසා පරදින්නේත් නැහැ.(අ)
මේ දොස්තර මහතා ගේ රුපවාහිනී වැඩසටහන් මම දැකල තියනවා. බොහොම දක්ෂතා ඇති කෙනෙක්. මේ දේශපාලන කුණු වල ට මොකට වැටෙන්න යනවා ද මන්දා.(නධී)
අප රටෙි තියන පොදු මතය තමයි වෛද්‍ය වරයෙක් යනු උගත්කමෙන් ඉහල කාගෙත් ගෞරවයට පාත්‍ර වෙන පුද්ගලයෙක් කියන එක. ඒ වගේම බොහොමයක් දේශපාලකයින් වන්නේ උගත්කමක් නැති කටිට කෛරාටික සමාජ විරෝධී පුද්ගලයින් කියන එක. එහෙම එකේ මෙි දොස්තරවරයා කිනමි වර්ගයකට අයිති වන්නෙක්ද වග මොකාටද එන්නෙ කියන එක කාට කාටත් පැහැදිලිනේ.(නදී)