ජාත්‍යන්තර සුදු සැරයටි දිනය ඇස් නොපෙනන ජන කොටසක් කෙරෙහි ඇස් පෙනෙන බහුතර ජනතාවගේ ඇස් අරවන දිනයක් විය යුතු බව අවධාරණය කළ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ආබාධිත සහිත පුද්ගලයන්ට සියලු පුරවැසියන්ට හිමිවන වරප‍්‍රසාද හා අයිතිවාසිකම් එක සමානව භුක්ති විඳීමට හිමිකමක් ඇති බැවින් ඒවා ලබාදීම රජයේ මෙන්ම සමාජයේ වගකීමක් බව ප‍්‍රකාශ කළේය.
ඇමතිවරයා එම අදහස් පළ කලේ ජාත්‍යන්තර සුදු සැරැයටි දිනය නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (15) මොරටුව කටුබැද්ද ජනසෙත ජන කලා කේන්ද්‍රයේ පැවති සැමරුම් දින උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මෙම සැමරුම් උළෙල ශී‍්‍ර ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලය මගින් සංවිධානය කර තිබූණි.
සුදු සැරැයටි බෙදා දීමක්ද ගයන්ත කරුණාතිලක මහතා අතින් එහිදී සිදු කෙරිණි.
‘මාගේ දේශපාලන ජීවිතයේ දෘශ්‍යාබාධිත උපාධිධාරීන් විශාල පිරිසක් එකම වහලක් යටදී හමු වූ ප‍්‍රථම අවස්ථාවයි මේ. අපගේ ජීවන ගමනේදී දෛවය විවිධාකාර බලපෑම් එල්ල කරනවා. ලෝකය දැකලා විවිධ අනතුරු නිසා දෘශ්‍යාබාධිත වූ අයත් උපතින්ම දෘශ්‍යාබාධිත වූ අයත් මෙහි සිටිනවා. දෛවය ඔබට සරදම් කළත්, ඔබව පරාජය කිරීමට නොහැකි වී තිබෙනවා. ඔබ අධිෂ්ඨානශිලීව දෛවය පරාද කරලා දෛවයට සරදම් කරලා කීර්තිමත් විශ්ව විද්‍යාල තුළින් උපාධිය සමත් කරලා සෙසු ලෝකයාට ආදර්ශයක් සපයනවා. දෘශ්‍යාබාධිත වූ ඔබට සුදු සැරැයටිය වටිනාම මෙවලමක්. ඒ නිසා සැමදෙනාම මේ සුදු සැරයටිය සංකේතවත් කර ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සමරනවා. 1969 ඔක්තෝම්බර් 15 වැනිදා ගාලූ මුව දොරට රැස් වූ දෙස් විදෙස් දෘශ්‍යාබාධිතයනගේ ඇති කරගත් යෝජනා ශී‍්‍ර ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළා. එකී යෝජනා පිළිගැනීම නිසා සෑම වසරකම ඔක්තෝම්බර් 15 ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නම් කර මේ දක්වා කි‍්‍රයාත්මක වෙනවා‘ යැයිද අමාත්‍යවරයා එහිදී කීවේය.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සුදු සැරයටි දිනය ඇස් අරවන දිනයක් කරමු‘
ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 09:43 AM
ඇස් වසාගෙන සිටින මිනිසුන්ගේ ඇස් අරවන ඔබගේ සුන්දර වචන යථාර්ථයක් වනු නොඅනුමානයි. (ර)