සෞදි අරාබියේ නැගෙනහිර කළාපයේ නයින්ටි වන් ප්‍රදේශයේ ආගමන විගමන කාර්යාලය අවට රැදි සිටිමින් පිටවීමේ වීසා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයින් 350 ක් කට දිවා ආහාර රාත්‍රී ආහාර හා ජලය අවශ්‍ය වී ඇතැයි සෞදි ආරංචි මාර්ග පවසයි.
නැගෙනහිර පලාතේ වෙසෙන ශ්‍රි ලාංකික සංවිධාන සහ විවිධ දානපතියන් දින ගණනාවක් ආහාර හා පානීය ජලය ලබා දුන්නද තවමත් සැළැකිය යුතු කාලයක් මෙම පිරිස වෙනුවෙන් යම් කිසි කැප කිරීමක් සිදු කළ යුතු බව පොදු මතයයි.
මෙම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් දිනකට එක් වේලක් හෝ පානීය ජලය හා ආහාර ලබා දීමට ඉදිරිපත් වීමට හැකි ආයතන වෙතොත් මේ දුරකථනයෙන් වැඩි විස්තර ලබා ගත හැකියි.00966538604460
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ රට වලට යන්න දෙන්න නරකයි, අපේ ශ්‍රී ලාංකිකයන්ට. සෞදි වල සිටින ඔටුවන් වටිනවා ඔවුන්ට අපේ ලාංකිකයනට වඩා. මේ වගේ රටවලට විශේෂයෙන්ම ගැහැනු උදවිය අරින්න නරකයි. (නි)
රට යනකොට එයාර් පෝර්ට් එකේදී විදෙස් සේවා ගාස්තු ගෙවලද යන්නේ කියලා බලන්න කාක්කෝ වගේ වට වෙනවා. කෝ ඒ අයට කියන්න කන්න බොන්න දෙන්න කියලා.ලංකාවේ ආශ්චර්යය.. ලංකාවට ගිය කලක්! (නි)
මේ ප්‍රස්නේ ලංකාවේ අයට විතරක් නෙමෙයි, අනිත් රටවල අයටත් තියනවා. මොනවා කරන්නද? සමහරු විහින් අමාරුවේ වැටෙනවා. (නි)
අපි ලංකාවෙන් පිට වෙනකොට ගෙවන රක්ෂණ මුදලට මොකද වෙන්නේ? ඒකෙන් සල්ලි ටිකක් වත් මෙයාලට යවන්න බැරිද.මමත් ඕක තුන් සැරයක් ගෙවලා තියනවා,නමුත් කිසිම උදවුවක් මට හරි දන්නා කියන කාට හරි ලැබිලා නැහැ. (නි)
අදර ඉල්ලා ඉල්ලා ඉන්නේ ඔය අයව තාවකාලික ගමන් බලපත් හදලා ගෙදර එවන්නකො තියාගෙන හිටියා කියලා රස්සාව දෙන්නේ නැත්නම් . (නි)
අර උගන්ඩාවට දීපු ඩො.මි 160න් ඩිංගිත්තක් අපේ අයටත්...????? (නි)