සුදු පැහැති වඳුරු ප‍්‍රබේධයක් සිංහරාජය හා ඒ අවට ප‍්‍රදේශයෙන් සොයාගත් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.
ශී‍්‍ර ලංකාවට ආවේණික දකුණු පළාත් කළු වඳුරා (සෙමිනොපිතිකස් වෙටුලස් වෙටුලස් ) නැමැති උප විශේෂය පිළිබඳ කරන ලද අධ්‍යයනයකදී මෙම සොයා ගැනීම සිදුකැර තිබේ. පර්යේෂකයන් පවසන්නේ සිංහරාජයෙන් හමුවූ සුදු පැහැති වඳුරන් තවත් නව උප විශේෂයක් නොව දකුණු පළාත් කළු වඳුරාගේම වර්ණ ප‍්‍රබේධයක් බවයි.
සිංහරාජයේ ලංකාගම, වතුගල නැමැති ගම්මාන ආශි‍්‍රත වනාන්තරයේ සහ නෙළුව දෙණියාය ප‍්‍රදේශයන්හි සිංහරාජ වාන්න්තරය ආශි‍්‍රතව කළු වඳුරන් රංචු 14 ක පමණ සුදු වඳුරන් දක්නට ලැබේ. හොඳින් වැඩුණු නිරෝගී වඳුරන් මෙන්ම මෑතක උපත ලැබූ පැටවුන් ද සුදු පැහැයෙන් දක්නට ලැබෙන අතර මෙම වඳුරන්ගේ සුදු වර්ණය ලැබීමට හේතුවී ඇත්තේ වර්ණ දේහ නිලීන වීම හෙවත් ඇලි තත්ත්වය නොවන බව ද පර්යේෂකයෝ කියති.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd