IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සුදු වඳුරෙක් සිංහරාජෙන්

සුදු පැහැති වඳුරු ප‍්‍රබේධයක් සිංහරාජය හා ඒ අවට ප‍්‍රදේශයෙන් සොයාගත් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. ශී‍්‍ර ලංකාවට ආවේණික දකුණු පළාත් කළු වඳුරා (සෙමිනොපිතිකස් වෙටුලස් වෙටුලස් ) නැමැති උප විශේෂය පිළිබඳ කරන ලද අධ්‍යයනයකදී මෙම සොයා ගැනීම සිදුකැර තිබේ. පර්යේෂකයන් පවසන්නේ සිංහරාජයෙන් හමුවූ සුදු පැහැති වඳුරන් තවත් නව උප විශේෂයක් නොව දකුණු පළාත් කළු වඳුරාගේම වර්ණ ප‍්‍රබේධයක් බවයි. සිංහරාජයේ ලංකාගම, වතුගල නැමැති ගම්මාන ආශි‍්‍රත වනාන්තරයේ සහ නෙළුව දෙණියාය ප‍්‍රදේශයන්හි සිංහරාජ වාන්න්තරය ආශි‍්‍රතව කළු වඳුරන් රංචු 14 ක පමණ සුදු වඳුරන් දක්නට ලැබේ. හොඳින් වැඩුණු නිරෝගී වඳුරන් මෙන්ම මෑතක උපත ලැබූ පැටවුන් ද සුදු පැහැයෙන් දක්නට ලැබෙන අතර මෙම වඳුරන්ගේ සුදු වර්ණය ලැබීමට හේතුවී ඇත්තේ වර්ණ දේහ නිලීන වීම හෙවත් ඇලි තත්ත්වය නොවන බව ද පර්යේෂකයෝ කියති.



අදහස් (0)

සුදු වඳුරෙක් සිංහරාජෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site