IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සෞදි ලාංකිකයෙක් මරුට

සෞදි අරාබියේ  නැගෙනහිර කලාපයේ දමාම් ප්‍රදේශයේ ඇඳුම් පිරිසිදු කරන ආයතනයක කලමණාකරු වශයෙන් දීර්ඝ කාලයක් සේවය කළ ශ්‍රී ලංකාවේ පානදුර  පදිංචි  සමාජ සේවකයකු වන  ජානක වික්‍රමාරච්චි මහතා මිය ගොස් ඇතැයි  දමාම් රෝහල් ආරංචි මාර්ග කියයි.

මරණයට හේතුව ප්‍රකාශ වී නැත.



අදහස් (0)

සෞදි ලාංකිකයෙක් මරුට

ලලිත් ප්‍රේමලාල් Monday, 16 December 2013 11:35 PM

සොයුර ජනක ඔබ අපෙන් වෙන්වීම සත්තකින්ම දරාගත නොහැකි වේදනාවක්...ඔබ අපෙන් සමුගන්න මොහොතේ මා සෞදියේ නැති එකගනත් මා දුක්වෙනවා ...ජනක ජාතිජාතිත් ඔබට මෙවන් අකල් මරණයක් නොවේවා... ඔබ අප අතරම ඉපදේවා ...(අ)

:       0       0

ශාන්ති Monday, 16 December 2013 11:43 PM

ජනක සොයුර ඔබට නිවන් සැප ලැබේවා . කිසිම දිනක මෙවන් අකල් මරණයක් නොවේවා. (අ)

:       0       0

චමිල - පානදුර Tuesday, 17 December 2013 01:53 AM

හිත හොද තරුණ හදවතක්. හදිස්සියේ අප අතරින් සමු ගැනීම හිතට කම්පනයක්. ඔබ ජීවත්ව සිටි කාලයේ ඉතා හොද සමාජ සේවයක් කල කෙනෙක්. ඔබ කල හොද මකන්නට කිසිවකුටත් නොහැක. කල හොද ඔබත් සමග ඉන්නවා ජනක හැමදාමත්. ඔබට නිවන් සුව පතමි.(නදී)

:       0       0

චමිල - පානදුර Tuesday, 17 December 2013 01:53 AM

හිත හොද තරුණ හදවතක්. හදිස්සියේ අප අතරින් සමු ගැනීම හිතට කම්පනයක්. ඔබ ජීවත්ව සිටි කාලයේ ඉතා හොද සමාජ සේවයක් කල කෙනෙක්. ඔබ කල හොද මකන්නට කිසිවකුටත් නොහැක. කල හොද ඔබත් සමග ඉන්නවා ජනක හැමදාමත්. ඔබට නිවන් සුව පතමි.(නදී)

:       0       0

සතයයා Tuesday, 17 December 2013 06:11 AM

සිරුර ලංකාවට ගෙන ආපසු මරණ පරීක්ෂණයක් තියා මියගිය තැනැත්තාගේ අවයව සියල්ලම තියෙනවා ද කියා සොයා බැලිය යුතුයි. තව ටික කලක් යනවිට අවයව සඳහා මැද පෙරදිගට "ශ්‍රමිකයෝ" යවන්න මැති ඇමති වරුත් පොරකාවී. මෙහෙකාර කමට කෙනෙකු යවා ලැබෙන කොමිස් මුදල රු. ලක්ෂය නම් එක අවයවයක් වෙනුවෙන් රු. මිලියන 4ක් හෝ 5ක් ලබා ගන්න පුළුවන්. (නදී)

:       0       0

චතුරංග - සෞදි අරාබිය Monday, 16 December 2013 02:37 PM

හිත හොඳ මනුස්සයෙක්, ඔබට නිවන් සුව!(නදී)

:       0       0

හෙට්ටිගොඩ Monday, 16 December 2013 03:05 PM

මිය ගොස් ද ? මරා දමාද? විස්තර විස්තර ටිකක් දාන්න(දිල්)

:       0       0

සුනිල් අබේරත්න අල්කොබර් Monday, 16 December 2013 03:37 PM

ජනක සොයුර, අප සමග දීර්ඝ කාලයක් මිතුදමින් බැදී සිට ඔබගේ හදිසි වෙන්වයාම දරාගත නොහැකි වේදනාවක් .ජාති ජාතිත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියා පතමු .ඔබට අමාමහ නිර්වාන සම්පත්තිය ලැබේවායි ප්‍රර්ථනා කරමු(දිල්) ,

:       0       0

චමින්ද කුමාර Monday, 16 December 2013 04:06 PM

නිකම්ම මැරිලද? නැත්නම් මරලද? (නදී)

:       0       0

ඉන්දික Monday, 16 December 2013 04:34 PM

ඔයාලට තව තොරතුරු ලැබුනොතින් දන්වන්නම්.(නදී)

:       0       0

කරුණාරත්න , නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 16 December 2013 05:17 PM

ඔබට නිවන් සුව පතමි (නි)

:       0       0

ෂෙහාන් විදුරංග Monday, 16 December 2013 06:25 PM

මේ මරණයට හේතුව හොයලා බලන්න ඇත්තටම හිතට දුකයි (දිල්)

:       0       0

කළණ Monday, 16 December 2013 06:43 PM

ජනක ඔබ හොඳ මිතුරෙක්. අපි අන්තිමට හමු වුණේ ශ්‍රී ලංකිකයන්ට කෑම දුන්නු දවසේ. ඔයා හොඳ වැඩක් කරන හැම තැනම දැක්ක. නිවන් සුව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.(දිල්)

:       0       0

රිස්වාන් Tuesday, 17 December 2013 11:50 AM

සෞදි වල මේ දවස් වල පවතින අධික සීතලෙන් මිදීමට ශ්‍රී ලංකික සහෝදරයින් දෙදෙනෙකු සහ ඉන්දියානු ජාතිකයෙක් තමන්ගේ කාමරය තුල ගිනි අගුරු දල්වා නින්දට ගොස් ඇත. එයින් පිටවූ විෂ වායුව ආශ්වාස කිරීමෙන් ශ්‍රී ලංකික සහෝදරයා සහ ඉන්දියානු ජාතිකයා මිය ගොස් ඇත. අනික් ශ්‍රී ලංකික සහෝදරයා අසාද්‍ය තත්වයේ පසුවෙනවා. මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර අනික් අය මෙවැනි දේ කිරීමේදී ප්‍රවේසම් වෙන ලෙස ඉල්ලා සිටිමි.(නදී)

:       0       0

නලින් Monday, 16 December 2013 07:36 PM

සෞදියේ ඉන්න අපේ හිත හොඳ මිතුරනි, ඔයගොල්ලන්ට පුලුවන්ද සංගමයක් පිහිටුවාගෙන අපේ දුක් විදින අම්මලාව අපහු ලංකාවට එවන්න ක්‍රමයක් හදන්න. විශේෂයෙන් පඩි නැතුව කරදර විදින අය. සමහරවිට දැනටමත් එහෙම වැඩක් වෙනවා ඇති. මම දන්නේ නෑ ඒවාට සෞදියේ තියෙන නීති රීති. නමුත් අම්මල නැතුව ලංකාවේ දුක් විදින දරුවෝ දැක්කහම හරිම කණගාටුයි.(නදී)

:       0       0

සුගත් Tuesday, 17 December 2013 12:35 PM

සොයුර ඔබට නිවන් සුව.(නදී)

:       0       0

රංජිත් මහදුර Tuesday, 17 December 2013 12:40 PM

ජනක අපේ හොඳම හිතවතෙක්. ඇත්තටම එයා හොඳම හොඳ සමාජ සේවකයෙක්. මෙහෙ ශ්‍රී ලංකික හැමෝටම උදව් කරපු ජනක කිසිම හේතුවක් නැතිව වස පානය කර දිවි හානි කරගත්ත එක අපිට හරිම ප්‍රෙහෙලිකාවක්. මොනවා උනත් මේ වගේ හිත හොඳ මනුස්සයෙක් මම නම් දැකලා නැහැ. අපේ සිත් වලින් කවදාවත් නොමැකෙන නාමයක්. ඔබට නිවන් සුව ලැබේවා! (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 17 December 2013 01:39 PM

රංජිත් සොයුර, රිස්වාන් සොයුරා කියපු විදිහට තමා මියයන්න හේතුව දැනට ලැබෙන තොරතුරු අනුව. විෂ වායුව ශරීර ගත වීම. ඊට වඩා යමක් මෙතෙන සිද්ද වී ඇද්ද සැකයක් පැන නැගුනා ඔබේ අදහසත් සමග. මිය ගිය අපේ සොයුරාට නිවන් සුව පතමි.(නදී)

:       0       0

ෂෙරිෆ් Monday, 16 December 2013 09:12 PM

නත්ති ජාතස්ස අමරනං, සොයුර ඔට නිවන් සුව.(නදී)

:       0       0

රශ්මික Monday, 16 December 2013 09:50 PM

සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ දම්මාම් නගරයේ,ඔබ අප සමග ගත කල ඒ අතීතය අපට කවදාවත් අමතක නැත සොයුර. ඔබගේ මේ වියෝව දරා සිටින්නේ කෙසේද අප කිසිවෙකුටත් සිතා ගත නොහැක තාමත්. කෙසේ හෝ ඔබ අප අතරින් වෙන්ව ගොස් ඇත. ඔබ අප හද තුල සදා රැදෙනු ඇත.ඔබට සොයුර නිවන් සුව පතමි...! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site